Tuesday, May 13, 2014

සතව පාලනය

දේශීය මසුන්

1.මෙහිදී දේශීය මසුන් ලෙස හදුන්වනු ලබන්නේ පිටරටවලින් ගෙන්වා අභිජනනය කරන ලද සුරතල් මසුන්ය. මොවුන් කාලයාගේ ඇවෑමෙන් මෙරටට ආවේනික මසුන් බවට පත්විය. එමනිසා මෙම මත්ස්‍යයින් දේශීය මසුන් ලෙස හැඳින්වේ. විශාල ලෙස මත්ස්‍ය ටැංකි සඳහා යොදා ගනු ලබන්

නේ මෙම මසුන්ය. එවන් මත්ස්‍ය වර්ග කිහිපයක් පිළිබඳව අප සොයා බලමු.1. Gold Fish - විසිතුරු මත්ස්‍ය ලෝකයේ තවත් ජනප‍්‍රිය මත්ස්‍යයෙකි රන් මත්ස්‍යයින්. මොවුන් Gold Fish  ලෙස හඳුන්වයි. ඉතා අලංකාර මත්ස්‍යයින් විශේෂයක් වන මොවුහු විසිතුරු මත්ස්‍ය ලෝකයේ ඉතිහාස ගත නමක් දිනා ඇති මසුන් වේ. සෙමින් පිහිනන මොවුනට දිගැති වරලක් හිමිවේ.
2. Anabantids  - ඇනබැන්ටිඩ්ස්මොවුන් ඉතා අවිහිංසක මත්ස්‍ය වර්ගයකි. බිත්තර දමන මත්ස්‍යයින් වන මොවුන්ගේ පැටවුන් රැක බලා ගැනීම සිදුකරනු ලබන්නේ පිරිමි සතුන් විසිනි. ළාබාල මත්ස්‍ය පැටවු ප‍්‍රමාණයෙන් ඉතා කුඩා වේ. එනිසා ඔවුන්ගේ ආහාරවල ප‍්‍ර‍්‍රමාණයද ඉතා කුඩා කර ලබා දිය යුතුය.
3.Cechlids  -  චිව්ලිඩ්ස් - මධ්‍යමදකුණු ඇමරිකාවේ බහුල ලෙස වෙසෙන මෙම මත්ස්‍යයින් ලොව ප‍්‍රකට විසිතුරු මත්ස්‍ය වර්ගයක් වේ. එසේම අප‍්‍රිකාවේ ද මොවුන් විශේෂයෙන් දැකගත හැකිය. එම මත්ස්‍යයින් පැහැයෙන් තද වර්ණයක් උසුලයි. සුරතල් මසුන් ලෙස මොවුන් ඇතිකරන විට බොහෝවිට තමන්ව හදා වඩා ගන්නා ස්වාමියා හඳුනන මත්ස්‍යයෙක් ලෙසට මොවුන් ප‍්‍රකටය. කොතරම් හිලෑ සතකුවේද කිවහොත් අතට ගෙන සුරතල් කිරීමට පවා මෙම සතුන් අවස්ථාව දෙයි.

4. ගුරාමියා - විසිතුරු මත්ස්‍ය ලෝකයේ තවත් ජනප‍්‍රිය මසුන් වර්ගයක් ලෙස ගුරාමියා හැඳීන් විය හැකිය. මොවුන්ගේ ප‍්‍රභේද කිහිපයක් දැකිය හැකිය. මුතු ගුරාමියාකුරුමිටි ගුරාමියායෝධ ගුරාමියාතුන් තිත් ගුරාමියා ඒ අතර වේ. මොවුන්ගේ නිජ බිම තායිලන්තය ලෙස සැලකේ. මුතු ගුරාමියා ඉතා අලංකාර මත්ස්‍යයෙකි. මොහුගේ ශරීරයේ සිහින් තිත් පිහිටා ඇත. එසේම තිත් ලේස් රෙදි මෙන් විනි විද පෙනෙන බැවින් මොවුන් ලේස් ගුරාමියා ලෙසද හඳුන්වති. මොවුන් පැටවුන් දමන මත්ස්‍ය විශේෂයකි.
5. කුරුමිටි ගුරාමියා- ඉන්දියා සම්භවයක් ඇති මත්ස්‍යයෙක් ලෙස කුරුමිටි ගුරාමියා හැඳීන්විය හැකිය. නිල්රිදීරතු යන වර්ණ වලින් අලංකාර වී ඇති මොවුහු කුඩා කල වැඩි වශයෙන් මරණයට ගොදුරු වේ.
6. යෝධ ගුරාමියා- ගුරාමි පවුලේ විශාලතම ගුරාමියා වේ. දිගින් සෙ.මි. 60 ක් පමණ වන මෙම මත්ස්‍යයින් මහා සැන්ඩ‍්‍රා දූපත්වල දැකිය හැකිය.
7. තුන් තිත් ගුරාමියා- ලා සහ තද නිල්පාට වර්ණ වලින් යුතු ගුරාමියා තුන් තිත් ගුරාමියා වේ. මොවුන්ගේ පෘෂ්ඨයේ එක දිගට තිත් තුනක් පිහිටා ඇති අතර ඉන් එක තිතක් වන්නේ මොහුගේ ඇසයි. වරකට පැටවුන් 50 ක් පමණ දමන අතර මොවුන් පළල් පත‍්‍ර සහිත ශාකවල පත‍්‍රයේ යටි පැත්තේ කූඩු තනති.



8. Sword Tail  - මෙසේ තවත් විසිතුරු මත්ස්‍යයකි Sword Tail මත්ස්‍යයා. මොහුගේ උපත මෙක්සිකෝවේ වේ. තියුණු දාරයක් සහිත වරලක් හිමි මොවුනගේ ශරීරය රතුතැඹිලිකහරිදීකොළ ආදී වර්ණයන් ගෙන් අලංකාර වී ඇත. බැලූ බැල්මට මොවුන් සටන්කාමී මත්ස්‍යයකු ලෙස පෙනුණද සැබවින්ම මොවුන් ද අවිහිංසක වේ.


සමනළයා ඇවිත් ඔන්න...

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg67-tSjuq3Rk5cQ6ewwP_-MRPKwQgAxArCU0O36P_YFrMjMStSAD55qXulCzeueLVo2FdeE9H49ju6KrznxZ1WDcTDSgZ87wG513nDpLV351wbYbH_-lw7jfoDKQcIqxJNPZn5TDg3B6w/s1600/images+(4).jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*
                            සමනළයා පිළිබඳ කතා කිරීමේදී ලොකු - පොඩි සියලු දෙනාගෙම සිතට දැනෙනුයෙ සතුටකි. කොතරම් බලාසිටියත් නෙත් වෙහෙසට පත් නොවන දසුනකි සමනළයා. මෙම සමනළුන් විවිධ රටවල වෙසෙන අතර ඔවුන් විවිධ ප‍්‍රමාණවලින් ද පෙනී සිටී.කුඩා දළඹුවකුගෙන් බිහිවන සමනළයා බහුල ලෙස දැකිය හැකිවන්නේ දකුණු ඉන්දියාවේ ය. එහි සමනළ වර්ග 300 කට අධික සංඛ්‍යාවක් වෙසෙන බව පැවසේ. සෙන්ටිමීටර 25 පමණ දිග විශාල ප‍්‍රමාණයේ සිට සෙන්ටිමීටර 01 පමණ දිග කුඩා ප‍්‍රමාණය දක්වා මොවුන් වර්ග කළ හැකිය.ශී‍්‍ර ලංකාවේ සමනළුන් පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ ඔවුන් ද දකුණු ඉන්දියානු සමනළුන්ට නෑකම් කියන බවය. දකුණු ඉන්දියාව ඇතුළු ඉන්දියානු අර්ධද්වීපය පුරාතනයේ අපි‍්‍රකානු මහාද්වීපයට සම්බන්ධ වී තිබුණි. එහෙත් පසු කලෙක සිදු වූ භූවිශමතා හේතුවෙන් එම රටවල් වෙන් විය. එහිදී සත්ව ප‍්‍රජාව ද විවිධ රටවලට බෙදී ගියහ. එබැවින් දකුණු ආසියාතික කලාපීය සමනළුන් ද සමානකම් උසුලයි. ලංකාවේ දක්නට ලැබෙන සමනළ වර්ගය හඳුන්වනු ලබන්නේCommon Jezebel  ලෙසය. නාගරික ප‍්‍රදේශවල පවා නිරන්තරයෙන් සැරිසරන මොවුහු ලා වර්ණයන්ගෙන් යුක්තය. ඔවුන් හඳුන්වන විද්‍යාත්මක නාමය වන්නේ Delias Encharis නාමයෙනි. මෙහි නිතර දක්නට ලැබෙන අනෙක් වර්ගය වන්නේ Buddha Peacock  නැමති සමනළුන් ය. ඉතා දර්ශනීය රටාවන්ගෙන් යුක්ත වර්ණ වලින් මොවුන්ගේ අත්තටු සැරසී තිබේ. පියාසර කරන විට අහසේ දිස්වන්නේ කුඩා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqBGr4XhmB5niWSOAvHdRsMhsFk-a3rzeJZhU5eC8Wue4TCJ6HZ8M0s-IlhoBnlTkbfaD2R9HEZ4RD5wXz38wwjCJklzV6uXHb2GstQFpD9fyT0HWrf7NyMfj4guAONz5UvL0aD5QyTck/s1600/download+(6).jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*
රොකට්ටුවක් ලෙසටය. මැලේසියාවසුමාත‍්‍රාව අතර භූගෝලීය කලාපවල වෙසෙන සමනළුන්ට නෑකම් කියන සමනළ වර්ග ද දකුණු ඉන්දීය කලාපයෙ ඇතැම් වනාන්තරවල වේ. නමුත් Malabar Tree Nymph යන සමනළ වර්ගය බොහො දුරට නෑකම් කියන්නේ බටහිර ඉන්දියානු සමනළුන්ටය. Paris Peacock නම් සමනළ වර්ගය මුහුදු මට්ටමෙන් උස මීටර 1400 ක් වන ප‍්‍රදේශවල දැකගත හැකිය. මොවුන් Papilio Paris  යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. මෙහි උප වර්ගයක් වන Familina  වඩා විශාලතම සමනළ වර්ගයක් වේ. එසේම වඩා සිත් ගන්නා සුළු සමනළ වර්ගය ද මොවුන් වේ.


සාමාන්‍යයෙන් සත්ව විභේදන ලක්‍ෂණ ද ශීඝ‍්‍රයෙන් විපර්යාසයන්ට ලක්වේ. සමනළුන් ද එම විභේදනයන්ට පහසුවෙන් ලක්වන සත්ව කොට්ඨාසයකි. ඉන්දීය වියළි කලාපීය වනාන්තරවල අපි‍්‍රකානු සම්භවයකින් යුතු සමනළුන් බහුල වේ. මේ අතරින් Joker නම් සමනළුන් වර්ගය එම ගනයට බොහෝ සෙයින් නෑකම් කියයි. මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Byblia llithyia ය. තවද මොවුහු ඕමානයේ ද දැකගත හැකිය. ඉන්දියාවේ නම් මහාරාෂ්ට‍්‍රකර්ණාටකතමිල්නාඩු හා කේරළ යන ප‍්‍රාන්තවල මොවුහු රංචු වශයෙන් පෙළ ගැසී සිටිති. මෙම සමනළුන් ගේ පියාපත් තැඹිලිරතු පැහැති වර්ණ වලින් සැරසී ඇත. Janoinia Hierta නම් ආසියාවේ අනෙක් ප‍්‍රදේශවල වෙසෙන සමනළ විශේෂයක් වේ. මොවුන් බොහෝ විට කහ පැහැති කුඩා පියකරු සමනළයන් වන අතර මොවුන් අරාබිකරයෙ හා අපි‍්‍රකාවේ ද වැඩි වශයෙන් දක්නට ලැබේ. රිදී පැහැති පැල්ලම් සහිතIndian Pritillary හා Indian Admira නම් සමනළුන් විශේෂය දක්නට හැකි වන්නේ හිමාලය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ය. මෙලෙස ඉන්දියාව පුරාම විසිරී පවතින සමනළුන් ලොව නන් දෙසින් සංක‍්‍ර‍්‍රමණය වූවන් සේ සැලකේ.එහෙත් පාරිසරික විනාශය හේතුවෙන් ඉහත කී සමනළයින් ගෙ පැවැත්මට තර්ජනයක් වී පවතී. වනාන්තර අඩුවීමවිෂදුම් පැතිරීම ද මෙලෙස සුන්දර සමනළ ජීවිත පිරිහීයාමට හේතු වී ඇත.


මකුළු දැල අතරින් නොදකින පැත්ත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHE9WsnUlalEbYscRh5nX2apkqd_6RBngaC0js07fXrILLhnwEQnk22C7wS_m0VydVZCFkUH6h6cnj0tELvLWIqNHpwkJ76-Qw4eChb2_G-AyOAv-STnjaDolgN5oKeWSxZ6ekq9pyjko/s1600/waiting_spider_web.jpg
                                               මගේ මිතුරකු හිඳී. ඔහු පරිසරවේදියකි. මේ පරිසරවේදියාගේ කන්තෝරු කාමරය පිරී ඇත්තේ විවිධ විෂයන් ගැන ලියන ලද පොත්පත්වලින්. පුවත්පත් සඟරා හා වෙනත් ලියකියවලින් ද ඔහුගේ කාමරය පිරී පවතී. මේ සියල්ලට ම වඩා ඔහුගේ කාමරය පිරී පවතින්නේ මකුළුවන් හා මකුළුදැල් වලිනි. මකුළුවන් හා දැල් වලින් පිරී පවතින කාමරය ශුද්ධ පවිත‍්‍ර නොකරනනේ ඇයි දැයි මම මගේ මිතුරාගෙන් විමසුවෙමි. ඔහු මා ඇසු ප‍්‍රශ්නයට දුන්නේ පුදුම පිළිතුරකි. “ මකුළුවා කියන්නේ මිනිසාගේ හොඳ ම මිතුරෙක්. හතුරෙක් නොවෙයි. මේ කාමරයේ තියෙන පොත්පත් විනාශ කරන්න කා දමන්න නොයෙක් වර්ගයේ කෘමින් ඇතුළු වෙනවා. මේ සියලු ම කෘමීන් විනාශ කරල දමන්නේ මේ මකුළුවන් හා උන්ගේ මකුළු දැල්. ඒක නිසයි මං මේ කාමරයේ තියෙන එක ම මකුළු දැලක්වත් විනාශ නොකරන්නේ. අපේ පරිසරය හුඟාක් ආරක්ෂා කරන්නේ මකුළුවෝ. හුඟ දෙනෙක් ඒක දන්නේ නැහැ. ඒක නිසා මගේ කාමරය පුරා කොච්චර මකුළු දැල් තිබුණත් මං ඒවා විනාශ කරන්නේ නැහැ මකුළුවෝ පන්නා දමන්නෙත් නැහැ’ මගේ මිතුරා කීවේ ය.මිතුරා කී කතාව ඇසීමෙන් පසු මකුළුවන් ගැන මා තුළ එතෙක් තිබූ අප‍්‍රසන්න හැඟීම තරමක් දුරට තුනී වී ගියේ ය. මිතුරා කීවේ ඇත්තක් දමකුළුවා අපටත් පරිසරයටත් මහ මෙහෙවරක් කරන සතෙක් දඋන් ගැන සොයා බැලීමටත්මකුළුවන් ගැන පළ වූ ලිපි ලේඛන කියවා බැලීමටත් මා උන්නදු වූයේ මෙම සංසිද්ධියෙන් පසුව ය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUDB8nbmoGcoCncV8KSVNRqPd2l_i9JtajNXHbNJwEQp0KpkZHsdZSIWqSARuNcOv2NwhUn1cqVtMqhLEaM4-ijGZAOOGqqRZu0U0LWGtHfVxoe4k0-mzEV17Z7EDDsDVLqipdAxmN2_w/s1600/images+(6).jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*

මකුළුවා මුළු පරිසරයටමත්ජන සමාජයටත් හිරිහැරයක් කරන මහා කරදරකාරයකු ලෙස අපි හඳුනාගෙන සිටිමු. අපේ ගෙවල් දොරවල් හා කාමර මකුළු දැල් බැඳ අපිරිසිදු කරනු ලබන්නේ මේ කරදරකාරයා විසිනි. මේ නිසා මකුළුවා පමණක් නොව උන්ගේ දැල් ද විනාශ කර දැමීමට අපි පෙළඹී සිටින්නෙමු. එහෙත් අපට කරදරකාරයකු වූ මකුළුවා ගැන අප නොදන්නා දේ බොහෝ ය. අපේ පැවැත්මට පමණක් නොව අපගේ පරිසරය ආරක්ෂා කර ගැනීමට ද මේ කරදරකාරයා කරන්නේ නිහඬ මෙහෙවරකි. අප මකුළු පරපුර විනාශකර දැමීමට මහන්සි දරන්නේ උගෙන් සිදුවන නිහඬ මෙහෙවර ගැන කිසිත් නොදැන ය. ඒ ගැන දන්නවා නම් ඔබ මකුළු දැලක් විනාශ කිරීමට ප‍්‍රථම ඒ ගැන දෙවරක් සිතනු ඒකාන්ත ය.මකුළුවා වනාහි කොදු ඇට රහිත අරක්නිඩා සත්ව ගණයට අයත් සත්ව වර්ගයකි. රසායනික පළිබෝධ නාශකයන්ට නොමැරිය හැකි තරමේ කෘමීන් සංඛ්‍යාවක් මකුළු පරපුර විසින් දිනපතා විනාශ කරන බව කීට විද්‍යාඥයන් විසින් කරන ලද සමීක්ෂණ වලින් සොයා ගෙන ඇත. කීට විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබ ඇති තොරතුරු අනුව දිනපතා මකුළුවන් විසින් ලෝකයේ සිටින මුළු ජනගහනයේ බරට සමාන කීටයන් නොහොත් කෘමින් සංඛ්‍යාවක් කා දමන බව හෙළි කරගෙන ඇත.
විලාඩා වයිට්කෝම්බි අමෙරිකාවේ ජීවත්වන සුප‍්‍රසිද්ද කීට විද්‍යාඥයෙකි. මිහිතලය මත සිටින නොයෙක් වර්ගයේ කීටයන් ගැන සමීක්ෂණ පවත්වන ඔහු මකුළුවන් ගැන ද උන්ගේ දින චාර්යාවන් හා හැසිරීම් රටාව ගැන ද බොහෝ පර්යේෂණ පවත්වා ඇත. මේ නිසා සමහරු ඔහු හඳුන්වන්නේ ප්ලොරිඩාවේ මකුළු මිනිසා නොහොත් ‘’ප්ලෝර්ඩා ස්පයිඩර් මෑන්” නමැති අන්වර්ත නාමයෙනි. ලෝකයේ මකුළු වර්ග කීපයක්ම සිටින බව ඔහු විසින් සොයා ගෙන ඇත. දිවි මකුළුවා මින් අනතුරුදායක මකුළු වර්ගය බව ඔහු පවසයි.ගෙවල්වල සහ අපේ වතුපිටිවල ගැවසෙන්නේ සාමාන්‍ය වර්ගයට අයත් මකුළුවන් බව ද ඔහු කියා සිටී. උන්ගෙන් මිනිසාට කිසිම හානියක් සිදු නොවේ.මධ්‍යම අමෙරිකාවේ බනානා ස්පයිඩර් නමින් මකුළු වර්ගයක් ජීවත් වෙති. උන් වැඩියන් ම ගැවසෙන්නේ නිවෙස්වල හා නිවෙස්වලට යාබදව ඇත වතුපිටිවල ය. මෙම මකුළුවා උගෙ දැලට කැරපොත්තන්කෘමීන් හා හූනන් අසු කර ගන්නා බව විලාඩ් කියයි. මේ නිසා මධ්‍යම අමෙරිකාවේ ඇති නිවෙස්වලට කැරපොත්තන්කෘමින් හා හූනන් ගෙන් ඇතිවන කරදර හිරිහැර බොහෝ දුරට අවම වී ඇති බව ඔහු පවසයි.මකුළුවා ගොවියාගේ හොඳම මිතුරකු බව අමෙරිකාවේ ටෙක්සාස් හි ඒ ඇන්ඩ් ඇම් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන මර්වින් හැරිස් කියා සිටියි. එහෙත් බොහෝ ගොවින් මේ බව නොදනි. බෝග ජාතින් කා දැමීමට එන නොයෙක් වර්ගයේ කෘමින් විනාශ කර දමන්නේ ගොවිපොළවල හා කුඹුරුවල දැල් බැඳගෙන සිටින මකුළුවන් විසින් බව මහාචාර්ය හැරිස් වැඩිදුරටත් මත පළ කරයි. මකුළුවාට සමහර විට ගොදුරක් නොලැබෙන අවස්ථා ද එමට ය. මෙවැනි අවස්ථාවල දී ඌට සති ගණන් නිරාහාරව සිටීමට පුළුවන. වනාන්තරවල හැදෙන වැඩෙන බොහෝ ගස්වැල් විනාශ කර දමනු ලබන්නේ පණුවන් විසිනි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgP-W4lcYoaJYzEb3BqAdY7im9KH0DjDMRDlF4aSq2bka8BTj3GJb0hdZI4EOCPf5F1iyUdrCoe6usDSmw_J6p3CvOg-xxGmCSN7h4wGjkdgpwiTCl8aWtQHq64NUl4HOUxzOMh5I-oqww/s1600/images+(7).jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F* සිය දහස් ගණනින් බෝවෙන මෙම පණුවන් වනාන්තරවල හැදෙන ඉතා වටිනා ගස් වර්ග කා දමන බවත් උන් මර්දනය කිරීමට හැකියාව ඇත්තේ මකුළුවන්ට පමණක් බවත් එක්සත් ජනපදයේ වනාරක්ෂිත සේවයේ ඩැනියල් ජෙනින්ස් කියා සිටී. වනාන්තරවල හැදෙන වැඩෙන සමහර ගස් වැල් බොහෝ විට මැරී යන්නේ මෙම දරුණු පණුවන් කා දැමීමේ හේතුවෙනි. වනාන්තරවල හැදෙන මකුළුවන් නිසා මෙම පණු උවදුර බොහෝ දුරට මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇති බව ද ජෙනින්ස් පෙන්වා දෙයි. සමහර විට එක් මකුළුවෙක් දිනකට මෙවැනි පණුවන් හතර පස් දෙනෙක් පමණ කා දමන බව ද ජෙනින්ස් කියයි. එපමණක් නොව බොහෝ වනාන්තරවල දුර්ලභ ගණයේ මල්වර්ග ද වැවේ. විශේෂයෙන් ම නිවෙස්වල නොවැඩෙන ඕකිඩ් වර්ග රාශියක් ම වනාන්තරවල වැවේ. මෙම මල් වර්ග පණුවන්ගේ හොඳම කෑම වර්යකි. ඇත්ත වශයෙන් ම අද වනාන්තරවල පිපෙන මෙම ඕකිඩ් මල් වර්ග ආරක්ෂා වී තිබෙන්නේ මකුළුවන් හේතුවෙනි.අමෙරිකාවේකැලිපෝනියා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින මහාචාර්ය මිගුවල් අල්ටියරි ඇපල් වත්තක් හිමි වැවිලිකරුවෙකි. මෙම ඇපල් වත්තට පණුවන් බෝවීම නිසා ඔහුගේ ඇපල් වගාව සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ ය. රසායනික පලිබෝධ නාශක ඉසීමෙන්ද ඔහුට මෙම උවදුර නතර කර ගැනීමට නොහැකි විය. මේ   නිසා ඇපල් වත්තෙන් ඔහුට ලැබුණ ආදායම ද පහත වැටීමට පටන් ගත්තේ ය. අන්තිමට ඔහු මෙම පණු උවදුරෙන් ගැලවුනේ ඇපල් වත්ත පුරා මකුළුවන් බෝවීමට ඉඩ හැරීමෙනි. මකුළුවන්පණුවනු කා දැමීමට ඉදිරිපත් වීමත් සමඟම යළි ඇපල් වගාව සරු වූ බවත් සියයට විසි දෙකකින් ආදායම ඉහළ ගිය බවත් ඇල්පිටියරි කියයි.කෘමි සතුන්ගෙන් සිය බෝග වර්ග ආරක්ෂා කර ගැනීම සඳහා චීනයේ ගොවියන් බොහෝ කාලයක සිට මකුළුවන් ඇති කිරීමට පුරුදු වී සිටිති. මේ නිසා කෘමින් විනාශ වී තමන්ගේ වගාවන් සරු වී ඇති බව ද ඔවුහු කියා සිටිති. මකුළුවන් බෝකිරීමට ඉඩ හැරීම නිසා තමන්ට කෘමින් විනාශ කිරීම සඳහා රසායනික පලිබෝධ නාශක යොදා ගැනීමට අවශ්‍ය නොවන බව ද ඔවුහු වැඩිදුරටත් කියා සිටිති.අප මකුළුවා දකින්නේ ගෙවල් දොරවල්සියල්ල විනාශ කරන කරදරකාරයකු හැටියට ය. එහෙත් ඌ අපටත් පරිසරයටත් කරදර කරන්නෙකු ද නැද්ද යන්න මේ සටහන කියවීමෙන් පසු තීරණය කිරීම ඔබට බාර කරමු.

පිළිහුඩුවා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkKchKt72HdXmI5TZV-A5BaWu-J4Tfpsvfcs06oJiKrjDny1C-1CsSumluk_U5GHcm6pkFRQCCMzoruDB1gN15XW03Hottk2faaRMiYWuctSSTLe8BhgF8CF5E6fS2qw25uPVwAt_OZj0/s1600/birds_169.jpg                                                          පිළිහුඩුවා අප නිතර දකින කුරුල්ලෙකි. ගෙවතු වලදී මාර්ග අසලදී පවා දැකීමට ලැබේ. වැඩිපුරම ජලජ පරිසර ආශි‍්‍රතව ගැවසේ. ගංගා ඇල - දොළ කඩොලාන වැව් විල්ලු පිළිහුඩුවා හුරුපුරුදු ස්ථාන කීපයකි. මසුන් වර්ග ආහාරයට ගනී. අපට නිතර හමුවන ළය සුදු පිළිහුඩුවා ගොවිතැනට හානි පමුණුවන පළිබෝධ ජීවින් විශාල ප‍්‍රමාණයක් ආහාර වශයෙන් ගනියි. දිනකට කෘමින් තුන් දහසක් - පමණ එක් පිළිහුඩුවකු ආහාර ලෙස ඩැහැ ගනී.අප රටින් පිළිහුඩු වර්ග හතක් වාර්තා වේ. නමුත් එකම පිළිහුඩු රටාසමයෙක් (වර්ගයක්) හෝ මෙරටට ආවේනික (තැන්වැති ) නොවේ. රටාසමයන් හයක් මෙරට තුළ නේවාසිකව ජීවත් වන අතර එක් රටාසමයෙක් වසරක් පාසා මෙරටට පැමිණේ.පිළිහුඩු රටාසමයන්01. ළය සුදු පිළිහුඩුවා       White throated kingfisher 02. මල් පිළිහුඩුවා  Common kingfisher 03. මහ පිළිහුඩුවා      Stork - billed  kingfisher04. රන් පිළිහුඩුවා     Dwarf kingfisher 05. ගෝමර පිළිහුඩුවා          Pied kingfisher 06.නිල් කන් පිළිහුඩුවා        Blue - eared kingfisher07. හිස කළු පිළිහුඩුවා      Biack - capped kingfisher පිටරටින් පැමිණෙන හිස කළු පිළිහුඩුවා හැර අන් සෑම රටාසමයෙක්ම කැදලි සාදා පැටවුන් හදාවඩා ගනිති. කැදැල්ල ළිං ඉවුරක හෝ ජලය ආශි‍්‍රතව ඉවුරක උමගක් සාදා එහි කෙළවර කැදැල්ල ලෙස යොදා ගනී. මහ පිළිහුඩුවා උමන් කැදලි වලට අමතරව ගස් බෙන කැදලි වශයෙන් යොදා ගත් අවස්ථාද වාර්තා වේ.පිළිහුඩුවන්ගේ උඩු කය නිල්පාට තද නිල් පාට හෝ දම්පාට පියාපත් වලින් සැරසුනද ගෝමර පිළිහුඩුවා කලු - සුදු පැහැයෙන් යුත් කුරුල්ලෙකි. පරිසරයේ සමතුළිතතාවයක් ඇති කිරීමට නොනිමි මෙහෙයක් කරන පිළිහුඩුවා සංරක්ෂණය කිරීමට තවදුරටත් නිරීක්ෂණය කිරීමට ළමා අවදියේ සිට පුරුදු පුහුණු වෙමු.



වල් අලි කොටුකරන හීලෑ අලි

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhO8WuOEPr2_IrxorqHG2bXuVE_pgc5aV7FB99PqyrG2YKFIbZrgtHgXWbfviuQiaGGURdDDX6PP30qsFlDFlN9ivRMTiotlvDS3Y9Ow75ffxiXfL4d-geuAPJxZVtA5saLhrymWWpkf4/s1600/images+(5).jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*                                                            වල් අලියාගේ ලෝකය මෙන්ම හීලෑ අලි ඇතුන්ගේ ලෝකය ද බෙහෙවින්ම විසිතුරු වූවකි. කැලයේ සිට මිනිස් වාසයට එන මේ අලි අල්ලා ගැනීමේ සිට වැඩට පුරුදු කැර ගැනීම දක්වා අලි හිමියනට ඇත්තේ පුදුමාකාර අත්දැකීම්ය. ඊටත් වඩා අලි ගොව්වන්ගේ අත්දැකීම් විසිතුරුයඑමෙන්ම බියකරුය. මා දන්නා කරුණ නම් අලි ගැන අප දැන ගන්නා තරමට එම අහිංසක දැවැන්ත සත්ත්වයාට අප ආදරය කිරීමට පෙළැඹෙන  බවයි.මිනිසුන්ගේ සිත් හා ශරීර විවිධ වන්නාසේම අලි ඇතුන්ගේ චර්යාවන් දඅවබෝධයදඉවසීමදවටහා ගැනීම ද වෙනස්ය. මේ ලිපි පෙළින් අප ඔබ හමුවට ගෙන එන්නේ එවන් නම ගිය අලිගොව්වන් හා ඒ හැ බැඳුණු වෙනත් විසිතුරු දේය. මුලින්ම කැලයේ සිටින වල් අලි ඇතුන් අල්ලා ගන්නේ කෙසේදැයි දැන ගත යුතුය. අද අපේ අවධානය යොමු වන්නේ වල් අලි ඇතුන් ඇල්ලීම ගැනයි.
මුලින්ම කැලයෙන් වල් අලි ඇල්ලීමේදී නොයෙකුත් ක‍්‍රමෝපායයන් භාවිතා කැර ඇත. රංචු වශයෙන් විසීමට කැමැති මේ සතා යන එන මාර්ගවල වලවල් කපා ඒවා කොළ අතු ආදියෙන් වසා ඊට ඇද වැටෙන සතුන් අල්ලා ගැනීම ඉතා පැරැණිම ක‍්‍රමය විය. රංචුවෙන් මිදුණු තනි අලියා හෝ තුන්පත් රෑන මේ ක‍්‍රමයට අල්ලා ගත නොහැකි විය. මෙසේ වලට ඇද වැටුණු අලි ඇත්තු බරපතළ ලෙස තුවාල ලැබූූහ. ආණ්ඩුව 1761 දී මේ ක‍්‍රමය තහනම් කැර දමන ලද්දේ මෙසේ තුවාල ලැබුවන් බොහෝ සේ අකාලයේ මිය යාම නිසා ය.මොලමුරේ පරම්පරාව විසින් ඊළඟට ඇත්ගාල් ඇති කිරීමෙන් අලි ඇතුන් හීලෑ කර ගන්නට පටන් ගත්තේ අනතුරුවය. මෙහි දී වනයේ විශාල සීමාවක් වට කැර ගත් අලි පනික්කියෝ දවුල් බෙර ආදිය හඬවමින්ගිනි පන්දම් ලෙළවමින්අලි ඇතුන් දවස් ගණනාවක් තිස්සේ ගාල වෙත පන්නාගෙන එති. එහිදී කොටු කැර ගත් අලි රංචු විලංගු ලා බැඳ තබනු ලැබූහ. මෙසේ කොටු කිරීමකදී තමාගේ පරම්පරාවේ ස්වාධීනත්වය වෙනුවෙන් ජීවිතය දුන් පනාමුරේ ඇතාගේ මරණය දැන් නොදන්නා කෙනෙක් නැත. පනාමුරේ ඇත් ගාල මේ සිද්ධියෙන් පසුව තහනම් කැරිණ. ලංකාවේ ඇත් ගාල ක‍්‍රමය ද ඉන් අහෝසි වී ගියේය.
මදු ගැසීමේ ක‍්‍රමයඅනතුරුව වල් අලි ඇතුන් අල්ලා ගැනීම සඳහා මදු ගැසීමේ ක‍්‍රමය ආවේය. යක්ෂ ගෝති‍්‍රකයන්ගෙන් පැවැත එන මහියංගණය කිට්ටුව යක්කුරේ වැසියන්ගේ මී මුත්තෝ ද මදු ගැසීමෙන් අලි ඇල්ලීමට හපන්නු වූහ. දැනට ලංකාවේ සිටින හීලෑ අලි ඇතුන් බොහෝ දෙනෙකු 1940 දශකයේ, 50 දශකයේ හා 70 දශකයේ එසේ මදු ගසා අල්ලන ලද සතුන් වේ.වල් අලි අල්ලන සාම්ප‍්‍රදායික ක‍්‍රම සමගම එම ක‍්‍රමවේද පිළිබඳ තවත් විශේෂ දැනුමක් තිබූ පනික්කියන්’ නමැති පිරිස පිළිබඳව ද සඳහන් කළ යුතුය. මේ ජන කොට්ඨාසය මුලින්ම මේ රටේ ජීවත් ව සිටියේ මන්නාරමේය. මුස්ලිම් ජාතිකයන් වන මොවුන් ඕලන්ද යුගයේදී මෙරටේ අලි ඇතුන් අල්ලන්නන් වශයෙන් ලියාපදිංචි කොට තිබුණු පිරිසකි.මුලින්ම ඔවුන් උතුරු හා වයඹ යන පළාත්වල විශාල වශයෙන් අලි ඇතුන් ඇල්ලූ බව කියැවේ. පසු කාලයේදී ඔවුන් නැඟෙනහිර පළාතේ ති‍්‍රකුණාමලය හා මඩකළපුව වැනි පෙදෙස්වලට ද ගොස් අලි ඇල්ලූ බව සඳහන් වන අතර සමන්තුරේ එරාවුර් යන ප‍්‍රදේශවලද පදිංචි වී සිටි බවද ඇත්තකි.
පනික්කියන්මේ පනික්කියන් වෙනත් අර්ථ නාමයකින් මට්ටයන් ලෙසද හැඳින්විණ. කැලයේ අලි ඇතුන් ඇල්ලීමට මොවුන් යොදා ගත් ප‍්‍රධාන ක‍්‍රම දෙකකි. අලි ඇතුන් ගමන් කරන මංකඩවල් හා ජලය ලබා ගැනීමට යන ජලාශ පිළිබඳව උකුසු ඇස් හෙළන මේ පිරිස ඒ ආසන්නයේ විශාල ගස් රුප්පාවල සති ගණන් ලැග සිටිති. එහිදී රංචුවල සිටින පුෂ්ටිමත් අලි ඇතුන් පිළිබඳ නිරීක්ෂණය කරති.අනතුරුව එසේ සොයා බලා හඳුනා ගත් ඇතා හෝ අලියා පසුපස ලුහුබැඳීම මට්ටයන්ගේ සිරිතය. දැලි පිහියෙන් කිරි කන්නාක් වැනි භයානක කාර්යක් කරන හෙතෙම ඌ පසුපස ගොස් පසුපස පාදයට මන්දක් දමා ගනී. ඊළඟට සැණෙකින් එය අසල දැවැන්ත ගසක බැඳ ගනී. ඌ මරු විකල්ලෙන් දඟලන විටත් මේ මට්ටයෝ එසේ එක් පාදයකින් බැඳි අලියාගේ සෙසු පාද ද කඹ දමා හිර කරති. මේ සඳහා යොදා ගත්තේ හනවලින් මෙන්ම මුව හා ගෝන හමින් අඹරා ගත් ශක්තිමත් රැහැන් විශේෂයකි. ඒ මන්දට අලියා ගේ පාද සිරවී තුවාල නොවේ.ජීවිතයත් මරණයත් අතර කරන මේ කී‍්‍රඩාවට අලි හිමියෝ මට්ටයනට දහසින් බැඳි පියලි ගෙවති. ඔවුන් විසින් වල් අලි ඇල්ලු අනෙක් ක‍්‍රමය වන්නේ අලි ඇතුන් ගමන් ගන්නා මාර්ගවල අඩි 2 ක් පමණ ගැඹුරු වලක් කපා එම වල වටේට මන්ද රැඳවීමයි. ඒ රැහැනේ අනෙක් කෙළවර සවිමත් ගසක බැඳ ගනී. මීට අමතරව එම කඹයේ මැද කොටසේ තවත් කඹයක් බැඳ එහි කෙළවර විශාල ගලක් ද බැඳ තබයි. මෙය කරන්නේ ඉතා සීරුවට ය. අලියකුගේ පාදයක් ඇතුළට වැටෙන තරම් විශාල ලෙස වල බිඳ මන්ද වටේට දමා වල්කොළ ආදියෙන් වඩා උඩින් පස් ද ඉසිනු ලැබූ මේ බොරුවල හොඳින් නොදත් මිනිසකුට පවා හඳුනා ගත නොහැකි ය.
අවසර පත‍්‍රමෙවැනි මන්දකට හසුවූ අලියකු ඉන් මිදීම සඳහා දඟලන විට ගල බැඳ තිබුණු කඹය හිරවීම නිසා ඌ තව තවත් මන්දටම කොටුවීම ස්වභාවයකි. මෙවැනි අවස්ථාවක තම සගයා වෙනුවෙන් ඉදිරිපත් වී කලබල කරන රැහේ ඇත්තන් ද නැතුවා නොවේ. එසේ අලියකු මන්දක හිරවූ පසු සෙසු අලි පැමිණ කඹ හපා ඒවා කඩා සුණු විසුණු කැර හිරවූ අලියා නිදහස් කරගෙන ගිය අවස්ථාව ද ඇත.අවසන් වරට අලි ඇල්ලීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලපත‍්‍ර නිකුත් කරන ලද්දේ වසර 1975 දීය. ඒ සඳහා අවසර ලැබුණේ නවගත්තේගමආණමඩුවගල්කුලම ආදි ප‍්‍රදේශවල අලි ඇල්ලීම සඳහා ය. එවකට නොදියුණුව පැවැති ඒ ප‍්‍රදේශවලට යාමට මාර්ග පහසුකම් පවා හරිහැටි නොවීය. නොයෙකුත් දුෂ්කරතා මධ්‍යයේ එම අභියෝගය බාරගනු ලැබුවේ කෑගල්ල ප‍්‍රදේශයේ අලි අයිතිකරුවන්ය.අලිනට බෙහෙවින්ම පෙම් කළ පිරිසක් ස්තී‍්‍ර පුරුෂ භේද ද නොසලකා අලි ඇල්ලීමේ මෙහෙයුමට එක් වූහ. රාජා කරුණාරත්නඑස්. ආර්. මිල්ලන්ගොඩෂර්ලි සෙනෙවිරත්නසෑම් සමරසිංහකිවුල්පනේ රන්බණ්ඩාජී. ආර්. කරුණාරත්නහේමමාලා රාජපක්ෂඑච්. ආර්. එස්. යූ. නිශ්ශංක යන මහත්ම මහත්මීහු දින ගණනාවකට අවශ්‍ය ආහාර හා ඇඳුම් ආදිය ද ගෙන මේ ගමනට පිටත් වූහ.මේ කණ්ඩායම සමග තම තමන්ගේ දක්ෂ මෙන්ම පළපුරුදුඇත්ගොව්වන් හා තවත් උදවුකාරයන් ගණනාවක්ම සහභාගි කරවා ගැනීමට ද ඔව්හු පරෙස්සම් වූහ. අල්ලා ගනු ලබන වල් අලින් මෙල්ල කරගෙන කරේ ඈඳාගෙන ඒම සඳහා මෙවර රැගෙන ගියේ මිල්ලන්ගොඩ මහතාට අයත්ව සිටි දැවැන්ත කොත්මලේ අලියාය. ඊට අමතරව රාජා කරුණාරත්න මහතාට අයිති ඩිංගිරි අම්මා නමැති ශක්තිමත් ඇතින්න ද මේ ගමනට එක් වූවාය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEsPPWauzXAmcaS6iVlv6x-uEcSS4gnSWaMKMTx7h9ZvkGqJDWw4iD25FnVhFZD69WGi_4eHu2f4DVCR_RKElA4jVtaM_xTp_3LZ83au8WWuP4iJEmeLSydm4T7O7fbQ1OTasqDmo_ZsE/s1600/images+(8).jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*නැකතට මන්ද තැබීමඑකල එක් අලියකු හෝ ඇතින්නියක ඇල්ලීම සඳහා බලපත‍්‍රයක් ලබා ගැනීමට රුපියල් දෙදහසක් වන ජීවි දෙපාර්තමේන්තුවට ගෙවීමට සිදු විය. නියමිත කැලෑවට ඇතුළුවීමට පෙර අලි ඇල්ලීම සඳහා මන්නාරමේ සිට පුත්තලමට පැමිණ සිටි මට්ටයන් සමග සාකච්ඡාවක් කිරීමට මේ කණ්ඩායමට සිදුවූයේ වැඩේට පෙර ඔවුනට සැලකිය යුතු මුදලක් ගෙවිය යුතු යැයි ඔවුන් තීන්දු කළ නිසාවෙනි. සැලකිය යුතු මුදලක් ගෙවීමෙන් පසු මට්ටයන් කැලයට ඇතුළුවීමට පෙර ඒ ප‍්‍රදේශයට අධිපති දෙවියනට කන්නලව් කැර කොළ අතු එල්ලා පොල් ගසා බාර හාර වනු පෙනිණි.කණ්ඩායම කැලයේ මදු ගසන ස්ථානයට ආසන්න තැනෙක වාඩි ගසාගෙන වටේට ගිනි අවුල්ලා එළි පෙහෙළි කැර ගැනීම පළමු පියවරය. අලි රංචු පසුපස හඹා යන මට්ටයන් ඔවුන් මදු ගසන තැන දින දෙක තුනකදී පැවැසිය යුතුය. ඒ අනුව වාඩි ගසා ගැනීම සිදු වේ. පළමු මන්ද තැබෙන්නේ නැකතටය. තමන් විසින් අටවන ලද මන්දට අලියකු හසු වූ විට ආසන්නයේ ඇති වාඩියට දිව එන පනික්කියා ඒ ගැන කණ්ඩායමට පවසයි.යුහුසුළුව කි‍්‍රයාත්මක වන පිරිස කෑ කෝ ගසා වෙඩි පත්තු කැර මන්දට හසුවූ අලියා වට කර සිටි අලි රළ එළවා දමති. එසේ තමන්ගේ පි‍්‍රයයා ඔවුනගෙන් වෙන් කැර ගැනීමට යන විටක කලබල කරන අලි පසුව මිනිස් හඬින් බිය වී පළා යති. කොත්මලේ අලියා හා ඩිංගිරි අම්මා පෙරට විත් මන්දට හසුවූ අලියා මැදිවන්නට සිට ගනිති. හීීලෑ අලි දෙන්නා අතරට තබා වල් අලියා බැඳ ගැනීම මට්ටයනට කජු කන කාරියකි. හීලෑ අලි දෙදෙනා අඬ ගසන විට නො ආවොත් වල් අලියාට පහර දීමට මේ අලි ඇතුන් පුරුදු කැර ඇත්තේය. මේ ආකාරයට ඉදිරියට ගෙන එන වල් අලියා පෙරටුවෙන් පිරිසක් කැති පහර දෙමින් මාර්ගය පාදාගෙන කැලයෙන් එළියට එන අතර තවත් පිරිසක් ගසෙන් ගසට කඹ ගෙන යමින් වල් අලියා ආරක්ෂිතව හීලෑ අලින් සමග ගෙන යනු ලබති.මෙවැනි අවස්ථාවකදී සමහර වල් අලි හීලෑ අලිනට පහර දීමට හෝ ඒ හීලෑ අලින් ද ඇදගෙන කැලයට දිව යාමට උත්සාහ කරති. ප‍්‍රතිවාදියාට පහර දීමේ පුහුණුව මේ අලිනට පුරුදු කැර ඇත්තේ මෙවන් අවස්ථාවක ප‍්‍රයෝජන ගනු පිණිසය. උන් දෙදෙනා විසින් තදින් පහරදී වල් අලියා මෙවන් විටදි මෙල්ල කරනු ලබයි. පුදුමය මේ සියල්ල සිදු වන විට හීලෑ අලින් පිටේ දක්ෂ ඇත්ගොව්වන් දෙදෙනෙක් සිටිමින් එම අලින් වල් අලියා මට්ටු කැර ගැන්මට මෙහෙයැවීමයි. 1975 දී මෙසේ පළමුවෙන්ම මන්දට හසු වූයේ රන්දෙණියේ හේමමාලා රාජපක්ෂ මහත්මියට අයත් ඇතින්නයි. එම ඇතින්නිය මෙලෙස අල්ලා ගනු ලැබුවේ නවගත්තේගම කැලයෙනි.


ආරක්ෂාවට පුම්බන ඉත්තෑවා

                                                    ඉත්තෑවා ක්‍ෂීරපායි වර්ගයට අයත් සතෙකි. ඌ ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල  වාසය කරති. ලංකාවේ දක්නට ලැබෙන ඉත්තෑවා මුහුදු බඩ ප‍්‍රදේශයේ හා රට මැද කඳු බෑවුම්වල දැකගත හැකිය. ඉන්දියාවේ තැනිතලා ප‍්‍රදේශයේ හා හිමාලය කඳු බෑවුම්වල ද ඉත්තෑවා වාසය කරයි. මීට අමතරව අපි‍්‍ර‍්‍රකාව ඇමරිකාව ආදී රටවල ද විවිධ ඉත්තෑ වර්ග දැක ගත හැකිවේ. ඉත්තෑවා ලංකාවේ තරමක් බහුල සතෙකි. නමුත් උගේ නිශාචර ගති නිසාම දක්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. ගල්ගුහාවල කඳු බෑවුම්වල හෝ කණ්ඩිවල හාරන ලද බෙනවල පඳුරුවල ඌ දහවල් කාලයේ සැඟවී සිටී. ලංකා ඉත්තෑවා අනිත් වර්ගවල ඉත්තෑවන්ට වඩා තරමක් ලොකුය. ශක්තිමත්ය. දිග ගොරෝසු කෙස්වලින් උගේ කෙටි කන් වැසී තිබේ. උගේ පාවල ඇඟිලි ශක්තිමත් නියපොතු වලින් යුක්තය. මේවායින් ඌට ඉක්මනින් පොළොව හැරිය හැකිය. පුම්බන විට කෙළින් සිටගන්නා වූ අඟල් පහක් හෝ හයක් පමණ දික් වූද කූරුවලින් යුත් පැහැදිලි ශිකාවක්  උගේ නළලේ සිට පිට මැද දක්වා කොඳු ඇට පේළිය දිගේ ඇත. ශරීරයේ පස්සා කොටස පහසුවෙන් කෙළින් සිටුවා ගත හැකි ශක්තිමත් කූරුවලින් වැසී තිබේ. වලිගයේ තිබෙන කූරු තරමක් දිගය. එහි කෙළවර කූරු කුහර සහිතය. සාමාන්‍යයෙන් ඒවායේ කොන් වැසී ඇත. ඉත්තෑවා ගේ ශරීරයෙහි යට පැත්ත වැසී තිබෙන්නේ කෙටි රළු ලොම් ස්වල්පයකිනි. උගේ රැවුල් කෙඳි දිගය. ශරීරයේ ඉදිරි කොටසෙහි කෙඳි සාමාන්‍යයෙන් තද දුඹුරු පාටය. කම්මුල් හා උගුරු කෙඳිවල කොන් සුදු පාටය. මේවා කරපටියක් මෙන් පෙනේ. පිට මත ඇති කූරු කළුය. ඒවායේ සුදු වයිරම් එකක් හෝ දෙකක් හෝ බැගින් ඇත. වලිගයෙහි කූරු සුදු පාටය. සමහර විට කහපාටට හුරු සුදුපාටය. වියළි ප‍්‍රදේශයේ හමුවන සමහර ඉත්තෑවුන්ට සුදු පාට කූරු වෙනුවට රෝස පාට හෝ රතු පාට කූරු පිහිටා තිබේ.
 ඉත්තෑවකුට හිරිහැර කළහොත් නැත්නම් පහර දුන්නොත් සිය ආරක්‍ෂාව පිණිස ඌ කූරු කෙළින් කරයි. උගේ හිස පහත් කරගෙන ඌරකු මෙන් ශබ්ද කර පස්සා අඩි හප්පා වලිග එහා මෙහා ගසයි. එවිට වලිගයෙහි කුහර සහිත කූරුවලින් සට සට’ ශබ්දයක් නැගේ. ඌ සතුරාට පැන පහර දී කූරුවලින් තුවාල කරන්නට තැත් කරයි. බල්ලකු හෝ වෙනත් සතකු ලුහුබැඳ ආවොත් ඌ හදිසියෙන් නැවතී පස්සෙන් පස්සට ගොස් ඒ සතාගේ මුහුණට පහර දෙයි. සමහර කූරු උගේ සමට ලිහිල් ලෙස සවි වී තිබෙන හෙයින් ඒවා ගැලවී ලුහුබැඳ එන්නාගේ ශරීරයෙහි ඇනේ. ඉත්තෑවකුට උගේ කූරුවිදීමට පිළිවන් කමක් නැත. එහෙත් වලිගයෙන් පහර ගසා සතුරකුගේ ශරීරය ඇතුළට කූරු කිහිපයක් ගිල්වන්නට ඌට පුළුවන.  ඉත්තෑවා සම්පූර්ණයෙන්ම වාගේ ශාක භක්ෂකයෙකි. පලතුරුකොළනොයෙක් වර්ගයේ මුල් හා අලළපටි පැළෑටිවල පට්ටා ආදිය උගේ ප‍්‍රධාන ආහාර වේ. ළපටි පොල් පැළ කාදමන ඉත්තෑවා ඇල්ලීමට පහසු සතෙකු නොවේ. සාමාන්‍යයෙන් පිරිමි ඉත්තෑවෙක් ගෑනු ඉත්තෑවකුට වඩා ස්වල්පයක් ලොකුය. ලංකාවේ ඉත්තෑවකුට වරකට පැටවුන් ලැබෙන්නේ එකෙකි. ඉත්තෑවා පැටව් දමන්නේ ගල් ගුහාවක හෝ බෙනයකය. පොඩි පැටවා හැඩයෙන් ලොකු ඉත්තෑවකුට සමානය. එහෙත් උගේ කූරු මෘදුය. වෙනත් සතුන් මෙන් ඉත්තෑවාට ඉක්මනින් දිවිය නොහැකිය.  සතුරන්ගෙන් ආරක්‍ෂා වීමට ඌ ස්වභාවයෙන්ම හැඩ ගැසී ඇති හෙයින් වේගයෙන් දිවීම ඌට අවශ්‍ය නැත. ඉත්තෑවා ඉක්මණින් හීලෑ කර ගැනීම අපහසුය.  ඉත්තෑවකුගේ ආයු කාලය වසර 12 ක් පමණ වේ. ඉත්තෑවා සාමාන්‍යයෙන් මහත් අලාභ හානි කරන සතකු මෙන් සලකනු ලැබේ. කෙසේ වෙතත් සත්ව ආරක්‍ෂක පනතේ ලා ඉත්තෑවා ආරක්‍ෂා කර ගත යුතු සත්ව ගණයට අයත්ය.


මිහිතලයේ සුන්දර සත්වයා ජිරාෆ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhM3L6GuLqJmWD8NO6pLA0FsylyiC2dFD1OrEDgD2h4AaLZRZImca05e6ZZjlRJePTulXszRKwpnPkr14St746S6YRbb2meO8ZmEZYwCgXgoUsyu-hxYyvdOiznGbm_U_vGBc7ZBkRKl7I/s1600/Giraffe-Wallpaper.jpg
                                            ලෝකයේ උසම සත්වයා වන ජිරාෆ් අප‍්‍රිකාවේ සැවානා වනාන්තරවල වැඩි වශයෙන් ජීවත් වේ. ජිරාෆ්
කැමෙලාපාඩලිස්  (GIRAFFA CAMELOPARDALIS)  නම් විද්‍යාත්මක නාමයෙන්  හඳුන්වා දෙන ජිරාෆ් අයත් උප විශේෂ කීපයකි. ඒ අතර රෙටිකියුලෙටඩ්(RETICULATED), නුබින් (NUBIN), මසායි  (MASAI), රොත් වයිල්ඩ්  (ROTH SCHILD), සැම්බින් (ZAMBIN), කේප්(CAPE) යන වර්ග හඳුන්වා දිය හැක. ලොව උසම සත්වයා ජිරාෆ්ය. සාමාන්‍යයෙන් ජිරාෆ් ගේ උස අඩි පහළොවේ සිට දහ අට දක්වාය. ජිරාෆ් පිරිමි සතෙකුගේ බර රාත්තල් 2600 සිට 3000 දක්වා වේ. ගැහැණු සත්වයා බර රාත්තල් 2000 ත් 2500 ත් පමණ වේ.
අපූරු බෙල්ලජිරාෆ් ගේ බෙල්ල ගසක අත්තක කෙළවරට දිගය. හිස ඔටුවාගේ හිසට තරමක් සමාන වේ. ජිරාෆ්ට අඟල් දෙකේ සිට දොළහ දක්වා දිග අං තිබේ. මේ එක් එක් අං මොල්ලි හමෙන් සහ රෝම වලින් ආවරණය වී තිබේ. ජිරාෆ් ගේ සිරුර හැඩ ගැසී ඇත්තේ අසාමාන්‍ය ප‍්‍රමාණයකිනි. මී හරකෙකු තරමට හුස්ම ගන්නා ජිරාෆ් වාතය තුන් වතාවක් ස්වසනාලයේ හා දිග බෙල්ලේ පුරවා ගනී. මිනිස් හදවතට වඩා පස් ගුණයක් විශාල ජිරාෆ් ගේ හදවතේ හද ගැස්මේ වේගය විනාඩියට එකසිය පනස් වාරයක් වේ. ජිරාෆ්ට විශේෂිත යමක් ග‍්‍රහණය කර ගැනීමට හැකි දිග දිවක් ඇත. ජිරාෆ් දිග දිව උපයෝගී කර ගෙන ඇකේෂියා කොළ කඩාගෙන කයි. ජලය පානය කිරීමේ දී සිරුරේ ස්වභාවය අනුව ජිරාෆ්ගේ ඉදිරිපස කකුල් දෙක තරමක් මෑත්කර ගෙල ඉදිරිපසට යොමු කළ යුතුව ඇත. මෙවැනි අවස්ථාවල දී හිසට රුධිරය ගලනය වැඩිවීම වැළැක්වීම සඳහා විශේෂිතව ගත යුතු මෘදු පටක විශේෂයක් ජිරාෆ් ගේ ගෙල ප‍්‍රදේශයේ දක්නට ඇත.
විමසිලිමත් දෑසජිරාෆ්ට කකුල් සහ ගෙලෙහි සියලු චලනයන් හරියාකාරව හසුරුවා ගැනීමට ශක්තියක් ඇත. ජිරාෆ් ට හොඳින් ශබ්ද කළ නොහැක්කේ ආශ්වාස කළ වාතය සෑහෙන දුරක් ස්වාස නාලය වෙතට ගමන් කළ යුතු බැවිනි. ජිරාෆ්ට ඉතා හොඳ පෙනීමේ ශක්තියක් ඇත. එනිසා සතුරු ප‍්‍රහාරයන් වළකා ගැනීමට පහසුය. ජිරාෆ් ගේ වලිගය බෙල්ල සමබරව තබා ගැනීමට පහසු කරයි.හපා වමාරා කන සත්වයෙක් ලෙස ජිරාෆ් හඳුන්වා දිය හැක. එනිසා ජිරාෆ් රොමන්ථකයෙක් ලෙස සැලකේ. හැපීමට ඇත්තේ යටි හක්කේ දත් පමණි. මේ යටි හක්කේ ඇති ලොකු දත් වලින් අතු රිකිලි පොඩි කෑලි වලට කපා ගැනීමට උපකාරී වේ. හක්ක දෙපැත්තේ ඇති ලොකු දත් ආහාර අඹරා පොඩිකර ගැනීමට ද උපකාරී වේ.ජිරාෆ්ට උදර හතරක් ඇත. හපන ලද ආහාර උදර හතරෙන් පළමු උදරයට යන විටම දිරවීමට පටන් ගනී. දෙවනි උදරයේ දී බාගයට දිරවූ ආහාර නැවතත් වමාරා නැවත නැවතත් හපන්නට ජිරාෆ්ට හැකියාව තිබේ. මෙසේ වමාරා ආහාර හපමින් දිනකට පැය තුනක් හතරක් ගත කිරීමට ජිරාෆ් කැමතිය. ජිරාෆ්ට අඟල් දහ අටක් දිග දිවක් තිබේ. දිව දම් පාටය. රළු ගොරෝසු හමකින් දිව ආවරණය වී තිබේ. ඒ නිසා කටු සහිත ආහාර ගැනීමේ දී ජිරාෆ්ට අපහසුවක් දැනෙන්නේ නැත.ජිරාෆ් ගේ ඇති වඩාත් දිගු බෙල්ල තියුණු ඇස් හේතු කොට ගෙන සතුරන්ව සැතපුමක (කි. මී. 1.6) ඈතින් සිටිය ද හොඳින් වටහා ගත හැකිය. ජිරාෆ් ගේ ඇස්වල හොඳ වර්ණ දෘෂ්ටියක් තිබේ. ඒ නිසා අනෙක් සතුන්ට ද අනතුරු සංඥා සපයන්නට ජිරාෆ්ට හැකියාව තිබේ. සීබ‍්‍රා වැනි බොහෝ තවත් උලාකන සතුන් ජිරාෆ් අසලින් සිට ආහාර ගන්නේ මේ නිසාය.ජිරාෆ් ශබ්ද කරන බව ඔබ ඇතැම් විට නොදන්නවා ඇති. නමුත් ජිරාෆ්ට ශබ්ද කළ හැකි හඬවල් කීපයක් තිබේ. ජිරාෆ් තරුණයෝ තනිව සිටින විට බැටළු හඬක් නගති. බඩගින්න හා තරහා හැඟවීමට ජිරාෆ් උගුරෙන් කෙටි ශබ්දයක් කරන්නේය. ජිරාෆයන් ගේ ආහාර ගැනීම අනුව 85% ක් ම ගස්වල දලු කොළ ආදියයි. වෙනත් ආහාරයන්ට ඇතුළත් වන්නේ පඳුරු වැල්ගස් පොතු ඇට සහිත කරල් සහ පලතුරුය. වැඩිහිටි ජිරාෆ් කෙනෙක් දිනකට රාත්තල් හතළිහක් පමණ දලු කොළ කති. ගසක දලු කොළ කා දැමීමෙන් පසුව ගස්වල පෙනුම උයන්පල්ලෙකු කපා දමා ඇති පරිද්දෙන් දිස් වේ.
සතුරු උවදුරුජිරාෆ් පැටවුන් බොහෝ විට කොටියන්කිඹුලන්හයිනන් සහ පිඹුරන් වැනි සතුන්ගේ ගොදුරු බවට පත් වේ. ශක්තිමත් ජිරාෆ්ලා දඩයම් කරන්නේ සිංහයායි. ඒ අනුව සිංහයා ජිරාෆ් ගේ භයානකම හතුරායි. බොහෝ විට දිය පානයට පැමිණි අවස්ථාවල දී ජිරාෆ් සතුරන්ට ගොදුරු වේ. ජිරාෆ් ට පහතට නැමී දිය බීමට අපහසුය. එනිසාම ජිරාෆ් හිස පහත් කිරීමට පෙර ඉදිරි පාද නැමිය යුතුය. වතුර වළකට ළගාවීමට නම් දණහිස ද නැමිය යුතුය. එහි දීි සෑම විනාඩියකට හෝ දෙකකට වරක් හිස ඔසවා බලන්නේ තමාට සිදුවන අනතුර පරීක්ෂා කිරීමටයි. මුල් වතාවට අපි ජිරාෆ් දුටු විටක නම් අපේ සිතට එන්නේ ජිරාෆ් හෙමින් සීරුවේ ගමන් ගන්නා සතෙකු ලෙසිනි. නමුත් ජිරාෆ් එසේ නොවේ. මේ අපූරු සත්වයාට කෙටි දුරක් අශ්වයෙකුට වඩා වේගයෙන් දුව යා හැකිය. මොවුන්ට පඳුරුවැටවල් උඩින් පහසුවෙන් පැන යාමට පුළුවන. ජිරාෆ් දෙනක් පැටියෙක් බිහි කිරීමට මාස පහළොවක් පමණ තම දරු ගැබ කුස තුළ දරාගෙන සිටින්නිය. පැටියා බිහි කරන මොහොතේ දී ජිරාෆ් රංචුවක හය දෙනෙක් පමණ ජිරාෆ් දෙනට ආරක්ෂාව සපයති. ජිරාෆ් පැටියෙකු ඉපදෙන විට හිස පළමුව මව් කුසින් එළියට පැමිණ බිමට වැටේ. ඒ සමගින් ම අඩි පහක් පමණ දිග මවගේ පෙකනි වැලට සම්බන්ධ රැහැන්් ද කඩා වැටේ. මේ කම්පනයත් සමගින් අලුත උපන් පැටියා හුස්ම ගන්නට පටන් ගනී. ජිරාෆ් පැටියෙක් උපදින විට අඩි හයක් උසකින් යුක්තය.
රාතී‍්‍ර කාලයේ දී ජිරාෆ් දෙන වැතිරී විවේක ගනියි. එවිට පැටියා මවගේ ඇකයේ හිස තබා හොඳින් නිදා ගනියි. මෙවැනි අවස්ථාවල දී බොහෝ විට හයිනන් ජිරාෆ් පැටවුන් ගොදුරු කර ගැනීමට තැත් කරති. නමුත් පිරිමි ජිරාෆ් ගේ ප‍්‍රතිවාදී සටන් නිසා බොහෝ විට හයිනාවෝ පසු බසිති. ක්ෂීරපායී සතුන් අතරින් වැඩිම රුධිර පීඩනයක් ඇති සත්වයා ලෙස ජිරාෆ් හඳුන්වා දිය හැක. ජිරාෆ් ගේ හිස පිහිටා ඇත්තේ හෘදයට මීටර් තුනක් ඉහළින්ය. මේ නිසා මොළයට ලේ සැපයීමට හෘදයට වැඩි කාර්ය භාරයක් පැවරී ඇත. හෘදය ලොකුවීම හෘදයේ ධමනිවල ඝනත්වය වැඩිවීම ආදී වෙනස්කම් සිදු වී ඇත්තේ එම කාර්යයට උපකාරී වීම පිණිසය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජිරාෆ් ගේ සිරුරේ අධික රුධිර පීඩනයක් පවතී. මේ වන විට ජිරාෆයෝ වඳවී යන සතුන් අතරට එකතුවී හමාරය. වනාන්තර වල බොහෝවිට ජිරාෆයන් එකතුවී හමාරය. වනාන්තර වල බොහෝ විට ජිරාෆයන් මරා මස් ගනිති. හම් පදම් කරති. ජිරාෆ්ගේ කළු වලිගය උපයෝගී කරගෙන විවිධ විසිතුරු භාණ්ඩ තනති. ජිරාෆ්ගේ සමට වැඩි ඉල්ලුමක් වෙළදපළේ පවතී. මේ හේතුව නිසා දඩයම් කරුවෝ මේ සොඳුරු සත්වයා මරා දමති. ලෝකයේ බොහෝ වනාත්තර වල අතීතයේ දී ජිරාෆයන් විශාල වශයෙන් දැක ගත හැකි වීය. නමුත් මේ වන විට ලංකාවේ නම් ජිරාෆ් දැක ගත හැක්කේ සත්ව උද්‍යානවල පමණි. මීට අමතරව ලෝකයේ කෙන්යාවටැස්මේනියාවසෝමාලියාව. හා දකුණු අප‍්‍රිකාව වැනි අටවල පමණක් මේ වන විට ජිරාෆයන් සීමාවී සිටී. ජිරාෆ් හීලෑ කළ හැකි සතෙකු මෙන් පෙණුනත් එය එතරම් පහසු කරුණක් නොවේ. සංචාරකයන්ගේ සිත් සතුටු කරන අපූරු ප‍්‍රියමනාප සත්වයෙක් ලෙස ජිරාෆ් හඳුන්වා දිය හැක. ආර්ථික වාසි සඳහාත් විනෝද කී‍්‍රඩා සඳහාත් ජිරාෆ් මරා දැමීම මිනිස් කමට නම් නොහොබිනා කි‍්‍රයාවකි. වනාන්තරයේ අසිරිය මවන මේ අපූරු සුන්දර සත්වයා වඳවී යාමට ඉඩ නොදී ආරක්ෂා කිරීම අපේ යුතුකමයි.


රාති‍්‍රයේ අමිහිරි ගී ගයන බකමූණා (OWL)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEfAzPst3o0dhuu4c3Tr5pj-UoRdUczwUwWKvAZSsiYBkGVmyD0pQ_hdCe7hgAhFiFnOEHlwS0aKO-ouLTRrBSnc9EbULwWpNbJmoxvkYrJCX4PBZdDp9aYrafWU1e8nAC-EZDLvvytcE/s1600/wpaa3c739f_05_06.jpg

                                             හ්ම්.... හ්ම්.... හ්ම්.... යනුවෙන් ගී ගයමින් බකමූණා රාතියේදී තම කිරිල්ලිය සිටින ඉසව්ව සොයා ගනී. ඝන අන්ධකාරයේ බකමූණා ගේ මේ ගී හඬ ඇසෙන විට අප බොහෝ විට බියට පත්වේ. ඒ ගී හඬ එතරම්ම අමිහිරිය. මේ නිසාම වැඩිහිටියෝ ද බකමූණා මූසල කුරුල්ලෙකු ලෙස සලකති. අසුබ ලකුණක පෙර නිමිති බකමූණු ගීතයේ රැඳී ඇති බව සිතමින් දෙමව්පියෝ බකමූණා එළවා දමති.බකමූණා ගේ හොඳින් කන් ඇසේ. කුඩා කොළයක් සෙළවෙන ශබ්දය පවා උගේ කණට හොඳින් දැනේ. රාති‍්‍රයේ හොඳින් දෑස පෙනෙන බකමූණා බොහෝ විට දැකගත හැක්කේ අඳුරු පරිසරවලිනි. මිනිසුන්ගේ පෙනීම හා බලන කල බකමූණා ගේ පෙනීම පස්ගුණයකින් වැඩිය. මීට ප‍්‍රධානතම හේතුව නම් බකමූණා ගේ ඇසෙහි එක් මිලිමීටරයක අඩංගු කෙතු” සෛල හා යෂ්ටි” සෛල සංඛ්‍යා 10,000 පමණ වීමය. (මිනිසුන්ගේ මේ සෛල ප‍්‍රමාණය 2000 කි.) ඒ නිසාම ඕනෑම දෙයක් ගැන හොඳ පෙනීමේ ශක්තියක් හා ඇසීමේ ශක්තියක් බකමූණන්ට උපතින්ම උරුම වේ. මාර්තු මාසවල දී බොහෝ විට බකමූණු කුරුල්ලා හා කිරිල්ලී එකතුව කූඩු තනාගනී. අපෙ‍්‍ර්ල් මස මුලදී බිත්තර දමන බකමූණු කිරිල්ලී කූඩුව පුරාම මේ බිත්තර සීරුවෙන් අතුරයි.
සුදු පාටින් යුතු බිත්තර දමන බකමූණු කිරිල්ලී බිත්තර රැක ගනිමින් කැදැල්ලේ වෙසේ. බකමූණු කුරුල්ලා කිරිල්ලීට ආහාර රැගෙන එයි. සති හතරකින් පමණ බිත්තර පුපුරා පැටව් එළියට පැමිණෙති. දින කීපයකින් බකමූණු පැටවුන් එළියට ගන්නා කිරිල්ලී විමසිල්ලෙන් යුතුව තම පැටව් බලාගනී. සති හයකින් පසුව තම දෙමවුපියන්ගෙන් බොහො දේ ඉගන ගැනීමට මේ පුංචි පැටවුන් සමත් වෙති. රාතී‍්‍ර කාලයේදී තම දඩයම් සොයා ගැනීමට බකමූණෝ වෙහෙසෙති. මීයන් ඔවුන ගේ ප‍්‍රධාන ආහාරයයි. බකමූණු වර්ග බොහොමයකි. ටාව්නි බකමූණො දවසේ වැඩි කාලයක් නිදාගනිති. මේ බකමූණු වර්ගය දුර්ලභ වඳවී යන බකමූණු විශේෂයකි. එමෙන්ම ඇමරිකන් බරෝමින බකමූණන් ජීවත් වන්නේ පොළොව තුළ වළවල් හාරාගෙනය. කුඩා එල්ෆ් බකමූණන්ගේ ජීවිතය ද හරිම අපූරුය. මේ බකමූණන් ගේ නිවාස තනන්නේ නැත. ඔවුන් ජීවත් වන්නේ කොට්ටෝරු බෙන වලය. හිමිදිරි පාන්දර කොට්ටෝරුවෝ ආහාර සොයා ඉගිල යති. එවිට එල්ෆ් බකමූණො කොට්ටෝරු කූඩුවල ලැගුම් ගනිති. දහවල් කාලයේ කොට්ටෝරු කූඩුවල හොඳින් නිදාගන්නා බකමූණෝකලුවර වැටී එන විට කොට්ටෝරු කැදලි වලින් ඉගිලී යති.
හිම බකමූණා සුරතල් පෙනුමෙන් යුක්තය. ආර්ක්ටික් ප‍්‍රදේශයේ වෙසෙන මොවුන් පැහැයෙන් සුදුය. ශීතලට ඔරොත්තු දෙන අයුරින් ඔවුනගේ ශරීරය සැකසී තිබේ.ග්‍රොන්ට් හෝන්ඩ් බකමූණන් විශාල උකුස්සකුගේ හැඩය ගනී. මේ බකමූණන් ගොදුරු කරගන්නේ හාවුන්කුරුල්ලන් වැනි සතුන් ය.ඊගල් බකමූණා ගාමිභීර පෙනුමින් යුක්ත වේ. මේ ඊගල් බකමූණා ගේ නෙත් තැඹිලි පාටය. නරියන් මුවන් වැනි සතුන් ආහාරයට ගැනීමට මොවුහු බොහෝ සේ පි‍්‍රයකරති. උතුරු ඇමරිකාවේ මෙන්ම යුරෝපයේ උතුරු කැලෑවල මේ ඊගල් බකමූණා වාසය කරයි.ඛාන් බකමූණා ගේ මුහුණ හදවතක හැඩය ගනී. ඔවුන්ගේ ඇස් විශාලය. ඉතාමත් දීප්ති වූ මේ ඇස් සුසිනිඳු පිහාටු අතර සැඟ වී තිබේ.


හොදනමි comment එකක් දාලම යන්නකො

මුල් පිටුව



සකුරා වසන්තය

ජපානය කිව්ව ගමන් මතකයට එන්නේ සකුරා මලයි. එරට ජාතික පුෂ්පය නො වූවත් ජපන් ජාතිකයි

න්ට ඉතා සමීප මලක් ලෙස සකුරා මල හඳුන්වන්න පුළුවන්. සකුරා උත්සවය තරම් ජපන් ජාතිකයින්ට සමීප වෙනත් උත්සවයක් නොමැති තරම්. ජපන් භාෂාවෙන් සකුරානමින් හඳුන්වන්නේ චෙරි මල් ය. සකුරා පිපිම ආරම්භ වන්නේ මාර්තු මාසයේ අග භාගයේදීය.මුලින්ම පිපෙන්නේ පෙති දෙකේ යඑසකුරාය. වසන්ත සමය උදාකරමින් අප්‍රේල් මාසය උදා වෙත්ම පෙති වැඩි අලංකාර සකුරා පිපෙන්නට පටන් ගනී. සකුරා මල් රෝස, කහ, සුදු පැහැවලින් පිපේ. සකුරා පිපෙන්නේ එක්තරා ප‍්‍රදේශ කිහිපයක පමණි. ටෝකියෝ, සෙන්ඩායි, නගොයා, ටකයාමා, කනසාවා, කියෝතෝ, ඔසාකා , හිරෝෂිමා, ෆුකුඕකා ඇතුළු ප‍්‍රදේශවලයි. ජපානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකුරා මල් පිපෙන කාල සීමාව කල්තියා දැනුම් දෙනු ලැබේ.
සකුරා උත්සවය පවත්වනු ලබන්නේ ගමේ හෝ නගරයේ සකුරා උයනකය. අප්‍රේල් මාසයේ මුල් සතිය පුරා උත්සවය පවත්වනු ලැබේ. උතුරු ජපානයේ දූපතක් වන හොක්කයිදොවේ පමණක් සකුරා පිපෙන්නේ මැයි මාසයේ නිසා එහි වැසියෝ සකුරා උත්සවය මැයි මාසයට යොදා ගනිති. සකුරා මල් පිපී තිබෙන්නේ දින හතක් පමණි. ජපන් ජාතිකයෝ එක් දිනක් හෝ සකුරා උත්සවයට අනිවාර්යයෙන්ම සහභාගි වෙති. එය තමන්ගේ ජීවිතයේ ලද විශේෂ අවස්ථාවක් ලෙස ඔවුහු සලකති. සකුරා මල් නැරඹීමට යාම හඳුන්වනු ලබන්නේ හනාමිනමිනි. පවුලේ සියලු දෙනා අලංකාර ඇඳුම්වලින් සැරසී විනෝද ගමනක් යන්නා සේ සකුරා නැරඹීමට යති. මල් පිපුණු සකුරා ගස් යට පැදුරු සහ බුමුතුරුණු එළා ගෙන රසවත් ආහාර පාන බුදිමින් නටමින් ගයමින් වයමින් ඔවුහු විනොදවෙති. සකුරා මල දෙවියන්ගෙන් තමන් ලැබූ මහඟු දායාදයක් ලෙස ජපන් ජාතිකයෝ සලකති. මොහොතකට හෝ මල් පිපුණු සකුරා ගසක් යටට වී සිටීම දුක් වේදනාවන් දුරු වීමට හේතුවන බව ඔවුහු අදහති. සකුරා ගසක් යට මියයාමෙන් ඊළඟ ආත්මය වඩාත් යහපත් වන බව ද ඔවුහු විශ්වාස කරති. සකුරා උළෙල අවසන් වන දිනයේ රාජ්‍ය අමුත්තන් සහභාගි වන සාදයක් ද තෝකියෝවේ රාජකීය උද්‍යානයේ පැවැත්වේ.


මල් ලොව රැජින ගෙදරම සිරියාවයි   
  
  
  

සොබාදහම අපට දායාද කර තිබෙන ඇතැම් අසිරිමත් ගහ කොළ වවාගන්න එක එතරම් පහසු කාර්යයක් නම් නොවෙයි. රෝස වවාගැනීමත් එවැනියි. එහෙත් රෝස වගාව පිළිබඳ නිසිලෙස දැනුවත්වී සිටියහොත් ඔබේ ගෙවත්තට ලස්සන රෝස පඳුරක සිරියාව කැන්දන්න පුළුවන්. මේ සටහන නිවැරැදිව රෝස පැළයක් හදා වඩා ගන්න වෙහෙසන ඔබටයි. පළමුව රෝස පැළයක් මිලදී ගැනීමේදි එහි නිරෝගී බව ගැන පරීක්‍ෂාකාරී වන්න. ඒ වගේම බොහොම සුරක්‍ෂිතව මේ පැළය නිවෙසට රැගෙන යාමටත් අමතක කරන්න එපා. වෙළෙඳ පොළේදී හොඳම පැළයක් තෝරා ගන්න වෙහෙසෙන බොහෝ දෙනෙක් නිවෙසට ගෙන යන්නේ තැලී පොඩි වි ගිය පැළයක්. එවැනි පැළයකින් සාර්ථක රෝස පඳුරක් හදා ගන්නට ලැබෙන්නේ නෑ. රෝස පැළය සිටුවීමට නිවැරැදිව පස සකස් කර ගන්නත් බොහෝ දෙනකුට අවබෝධයක් නැහැ. සැබැවින්ම එය ඉතා පහසුයි. ඒ සඳහා පහත කොටස් මිශ‍්‍ර කර ගත යුතුයි. කොම්පෝස්ට් කෝටස් 2 වැලි කොටස් 1 පොළොව මතුපිට රතු පස් කොටස් 2කොහුබත් කොටස් 1 වියළි ගොම කොටස් 1 රෝස මල් පෝච්චියේ වගේම බිමත් වගා කරන්න හැකියි. රෝස වගාවට පෝච්චියේ වගාව සඳහා මැටි ප්ලාස්ටික් දෙවර්ගයම සුදුසුයි. සරුසාර රෝස පඳුරක් හදා වඩා ගැනීමට නම් වඩාත් යෝග්‍ය වන්නේ බිම සිටුවීමයි. මෙහිදි කළ යුතු වන්නේ අඩියක් පමණ හාරා එය සකසා ගත් විශේෂ පස් මිශ‍්‍රණයෙන් පිරවීමයි. රෝස සශී‍්‍රක ආකාරයට වැඩෙන්නේ හොඳ සූර්යයා ලෝකයක් ලැබෙන තරමටයි. සෙවණ සහිත පරිසරයක වගාව එතරම් සාර්ථක නොවන නිසා හොඳ සූර්යයාලෝකයක් ලැබෙන පරිසරයක පැළ සිටුවීම නුවණට හුරුයි. රෝස පැළයට මනා ජලසම්පාදනයකුත් අවශ්‍යයි. දිනකට වරක්වත් වතුර දැමීම කළ යුතුයි.එහෙත් අනවශ්‍ය පරිදි වතුර රැදීමෙන් ශාකය කුණු වීමට ඉඩ ඇති බවද දැනුවත් වීම වැදගත්. මෙය වළක්වා ගැනීම සඳහා බඳුනේ සිදුරක් තැබීමටත් අමතක කරන්න එපා. සාරවත් රෝස පැළයකින් පොකුරු පොකුරු මල් විකසිත වනු දැකිම ඔබේ බලාපොරොත්තුව නම් ගස වැඩෙන තෙක් මදක් වෙහෙසීමට ඔබට සිදුවේවි. ගසේ පත‍්‍ර හොඳින් වැඩීමට විටමින් වර්ගයක් මෙන්ම කරටි මහත්වීමට රසායනික පොහොරක් යෙදීමට ඔබට පුළුවන්්නම් හරිම සශි‍්‍රක ලෙස වැඩේවි. රෝස වගාවට සුදුසු මේ විටමින් හා රසායනික පොහොර අඩුමිලකට ලබා ගන්න පුළුවන්.
ලස්සන ලොකු රෝස මල් පූදින්නේ ගස සාරවත් නම් පමණයි. ලොකු අත්තේ ලොකු මල්ද පොඩි අත්තේ පොඩි මල් ද හටගන්නේ එනිසාමයි. වරක් මල් පිපුණාට පසුව රෝස ගසක් තරමක් දුර්වල වීම සමාන්‍ය තත්ත්වයක්. මේ මල් පර වූ පසුව ගසට කප්පාදුවක් මෙන්ම හොඳ සාත්තුවක් අවශ්‍යයි. මේ සඳහා  N 3 K  පොහොරක් භාවිතා කළ හැකියි. රෝස ගසක මල් විකසිත වෙන්න කාල භේදයක් නෑ. වරක් පිපුණ මල් පර වී දෙසතියකින් පමණ යළිත් ගසේ මල් පොහොට්ටු හටගන්නවා. ශාකය විවිධ රෝගාබාධවලට ලක්විමටද ඉඩ තිබෙනවා. එහෙත් වගාකිරීම අත්හැර දමන්නට අවශ්‍ය නොවේ. නිසි උපදෙස් මත පිළියම් යෙදීමෙන් මේ රෝග තත්ත්වයන් පහසුවෙන්ම මඩින්න හැකියි. රෝස ගසේ කොළ පොහොට්ටු ඉදි හැලෙන දිලීර රෝගයක් වැහි කාලයේදි බහුලව දකින්නට ලැබෙනවා. මෙහිදී අවසානයේ ඉතිරි වන්නේ මල් කොළ රහිත ඉපල් වූ ශාකයක්. හොඳ නිරීක්‍ෂණයකින් රෝගය කලින්ම හඳුනාගෙන ගස කප්පාදු කර දිලීර නාශක යෙදීම මේ සඳහා නිසි පිළියමයි. පායන කාලයේදී මල් කොළ විකෘති විමත් රෝස ගසට බහුලව එල්ලවන තර්ජනයක්. මේ අතරේ පිටිමකුණා ගසට හානි කරන ආකාරයද ඔබට දැකියි. මේ සඳහා කළ යුත්තේ ගස කප්පාදු කර කෘමි නාශකයක් යෙදීමයි. ගස රෝගාබාධයකට ලක්වූ පසු කප්පාදුවෙන් ඉවතලන අතු රෝග වාහකයක් ලෙස කි‍්‍රයා කළ හැකියි. එනිසා මේ අතු පුළුස්සා දමන්න අමතන නොකරන්න. විකසිත සැබැවින්ම සුන්දර මලකින් ඔබට හිමි වන අපමණ වූ ආත්මීය සතුටත් ආස්වාදයක් නිම්හිම් නැති එකක්ම වේවි.


රෝස මලේ ඉතිහාසයට එබී බලමු


උද්භිද විද්‍යාත්මකව රෝසසේ”  (Rosaceae)කුලයටත්,  Rosa   යන ඝනයටත් වර්ගීකරණය වී ඇති රෝස මල ඉතා චමත්කාරජනකය. ඈත අතීතයේ සිටම මිනිසාගේ උපතේ සිට විපත දක්වා ජීවන රටාවේ විවිධ කාර්යයන්වල දී විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා සහයෝගයක් ලබාදෙන රෝස මලට ඇති ඉතිහාසය ඉතා පැරැණිය. අවුරුදු ලක්‍ෂ 40 ක් පමණ පැරැණි රෝස පොසිල ජපානය, එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය, චෙකොස්ලොවැකියාව වැනි රටවලින් හමුවී ඇති බැවින් රෝස මලට ඇත්තේ ඉතාමත් පැරැණි ඉතිහාසයක් බව සිතිය හැකිය. සොහොන් මත රෝස මල් ඇතිරීම ආරම්භ කර ඇත්තේ ගී‍්‍රක ජාතිකයන් විසිනි. මොවුන් ආදරයේ රැජිණ ලෙසින් හඳුන්වන ඇප්‍රොඩයිඩ් දේවිය සහ ඊරෝස් දේවිය වෙනුවෙන් ආදර සංකේතය ලෙස රෝස මල භාවිතා කර ඇත. එපමණක් නොව පි‍්‍රය සාදවල දී මල් සැරසිලි සඳහාත් මල් මාලා සෑදිමටත්, ජය සංකේතවත් කිරීමටත්, ස්නානය කරන දිය බඳුන් සුවඳවත් කිරීමටත් මේ රෝස මල් භාවිතා කොට ඇත. පුරාතනයේ රෝස මල් ඥානවන්ත සමාජය හැඳින්වීමට භාවිතා කර ඇති අතර රෝමානු ජාතිකයෝ රතු රෝස ජේසුස් වහන්සේගේ රුධිරයටත්, සුදු රෝස වර්ජින් මාරිගේ පිරිසුදු භාවයටත් සමාන කර ඇත. බි‍්‍රතාන්‍ය ජාතිකයෝ රෝස මල ආදරයේ සංකේතය ලෙසින් මෙන්ම යුද්ධයේ සංකේතය ලෙසින් ද හඳුන්වති. 1445 - 1485 අතර කාලයේදී මහා බි‍්‍රතාන්‍යයේ රෝස යුද්ධය ආරම්භ වූ අතර ලැන්කැස්ටර් ප‍්‍රාන්තයේ සංකේතය වූයේ රතු රෝස මල්ය. සුදු අර්ධ ද්වි දල පුෂ්ප යෝර්ක් ප‍්‍රාන්තය නියෝජනය කෙළේය. පසුව මේ ප‍්‍රාන්ත දෙක සමාදාන වූ අතර ලැන්කැස්ටර්හි හෙන්රි ටියුඩර් කුමරු යෝර්ක් හි එලිසබෙත් කුමරිය හා විවාහ විය. මේ විවාහය නිමිත්තෙන් රෝස මල් දෙකක් දෙමුහුම් කර ටියුඩර් රෝස්නම් රෝස වර්ගය නිපද වු අතර අද ද මේ රෝස විශේෂය රාජකීය සංකේතය ලෙස සැලකේ. අද වනවිට රෝස වගාව කැපූ මල් ව්‍යාපාරයක් ලෙසට දේශීය විදේශීය ඉල්ලුමක් දිනා ඇති අතර ගෙමිදුල අලංකාරයට පමණක් නොව රෝස තෙල් සහ සුවඳ දියර වැනි අතුරු නිෂ්පාදනයන්ට ද යොදා ගැනේ. එපමණක් නොව රෝස ඉතා වටිනා ඖෂධයක් ලෙසින් ද භාවිතා කරන අතර බොහෝ බටහිර ගෘහණියන් රෝස පෙති සහ රෝස ගෙඩි යොදා ජෑම්, විනාකිරි, පැණි සහ වයින් නිෂ්පාදනය කරන බව ද සඳහන් වේ.




ගුස්මේනියා ශාඛ වලින් ගෙවත්ත සරසමු   

සොබා දහම තරම් අපූර්ව මැවුම් කරුවකු ලොව ඇත්තේ නැහැ. නිවර්තන වැසි වනාන්තරයකට වගේ ම කර්කශ නිරුදක කාන්තාරයකට ගියාමත් සොබා දහමේ විස්මිත නිර්මාණ දැක බලා ගන්න පුළුවන්. කාන්තාරයක පිපෙන පතොක් මල් මොන තරම් සුන්දරද? ජලය නැහැ කියල පතොක් ශාකවල වර්ධනයේ වෙනසක් නැහැ. ඒ වගේ ම ඇල දොළ, ගංගා, විල්, පොකුණු වලින් අඩුවක් නො මැති ආර්ද්‍රතාවයෙන් යුතු ගන වනයක පිපෙන විවිධාකාර මල් වර්ගත් අර වගේ ම සුන්දර යි.දකුණු ඇමරිකාව කියන්නෙ මහා වනාන්තර වලින් සුසැදි සොබා දහමේ සියලු විස්මයන් කැටි කර ගත් විශාල රටක්. ලංකාවේ ගෙ උයන් හැඩ කරන ඇන්තූරියම්, බ්‍රොමීලියා, ගුස්මේනියා වගේ ශාකවල නිජබිම වන්නේත් දකුණු ඇමරිකාව යි.මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ බ්‍රොමීලියා මෙන් ම එම පවුලේ ම තවත් සාමාජිකයකු වන ගුස්මේනියා ශාක කිහිපයක්.
මල්වල අලංකාරය වගේ ම පත‍්‍රවල විසිතුරු භාවයත් යන දෙක ම ඇති නිසා මෙම ශාක විශේෂ දෙක ම වැඩි වටිනාකමක් හිමි කරගෙන තිබෙනවා.සාමාන්‍ය ලෙසට මෙන් ම ගසකට තබා බැඳීමෙන් ද මෙම දෙවර්ගය ම වගා කරන්නට පුළුවන්. නිජබිම දකුණු ඇමරිකාව වුණත් අනෙකුත් ශාක බොහොමයක සේ ම බ්‍රොමීලියා පවුල පිළිබඳවත් පර්යේෂණ බොහොමයක්ම සිදු කරනු ලබන්නේ නෙදර්ලන්තය විසින්.බඳුන්ගත කිරීමේ දී වගා මාධ්‍යය ලෙසින් දිරාගිය කොළ රොඩු ප‍්‍රධාන වශයෙන් යොදා ගැනෙනවා. බඳුනේ අඩියට අඟලක තරම ප‍්‍රමාණයට තබාගත් ගඩොල් කැට තට්ටුවක් යෙදිය යුතුයි. දිරා ගිය කොළ රොඩු බඳුනට දැමිය යුතු වන්නේ ඉන් අනතුරුවයි. මුල් ගමන් කිරීමේ පහසුව සඳහා වගා මාධ්‍යය නිතර ම බුරුල්ව පැවතිය යුතු යි.පොහොර යෙදීමේ දී වඩාත් සුදුසු වන්නේ දියර පොහොර භාවිතය යි. සති දෙකත් තුනත් අතර කාලයක දී පත‍්‍ර සහ මුල් හොඳින් තෙමී යන සේ පොහොර ඉසින්න. බ්‍රොමීලියා පවුලේ ශාක වැසි ජලයට ඉමහත් ඇල්මක් දක්වනවා.මෙම ශාකයක මල් පිපුන පසු එය මාස තුනක් පමණ  පර නොවී තිබීමත් ෂ;ශ්ෂයක් ලෙසින් පෙන්වා දෙන්නට පුළුවන්. මල පර වී යාම ඇරඹීමත් සමග ම ශාකයේ මුලෙන් කුරුල්ලන් හට ගැනීම ඇරඹෙනවා. ඒවා එසේම තිබෙන්නට හැරීමෙන් පඳුරක් ලෙසින් පවත්වා ගෙන යන්නත් පුළුවන්. මව් ශාකයෙන් තුනෙන් එකක් ප‍්‍රමාණයට වැඩුන පැළ වෙනම සිටුවීමට යොදා ගන්නට පුළුවන්.ලෙඩ රෝග ඉතාම අඩු ශාක ලෙසින් ද මේවා ප‍්‍රචලිතයි. ගොළුබෙල්ලන් සහ හංගොල්ලන් මල් කැකුළු කෑමට යොමු වන අතර, පත‍්‍ර කා දැමීමේදී තණකොළ පෙත්තා ඉදිරියෙන්ම සිටිනවා. ගෙ උයනට කුරුල්ලන් පැමිණෙනවා නම් මෙම තර්ජන නිරායාසයෙන් ම මැඩ පවත්වා ගන්නට පුළුවන්. එසේ නො මැතිනම් නිර්දේශිත කෘමිනාශක යෙදීමෙන් හානි වැඩ පවත්වා ගත යුතුයි.


පැණි දොඩම්

                                         පැණි දොඩම් ගුණදායක අතින් ශරීරයේ ඉතාම සියුම් රුධිර නාළ පවා ප‍්‍රාණවත් කිරීමේ පුදුමාකාර ශක්තියකින් හෙබි සීවිටමින් ඇති පලතුරකි. උද්භිද විද්‍යාව අනුව සිට්රූස් සිනේන්සීස්”(Citrus Sinensis)  වශයෙන් හඳුන්වන පැණි දොඩම්වල චීනය මව්බිම කර ගනිමින් ව්‍යක්ත වූ බව පොතපතේ සඳහන් වෙයි. දොඩම් පැඟිරි ශාක ගණයට අයත්වන අතර නොයෙකුත් නම් හා ප‍්‍රභේදයන්ගෙන් යුක්තව ලොව පුරා පැතිර පවතී. අප රටේ පැඟිරි වර්ග ගණනාවක් අතරෙන් සුවිශේෂ වූ දොඩම් පැණි දොඩම් හා ඇඹුල් දොඩම් වශයෙන් බෙදේ. මෙහි විශේෂිත සිදුවීම නම් පැණි දොඩම් වශයෙන් ඇඹුල් දොඩම් බහුලව වැඩීමයිමෙය ස්වභාවිකව සිදුවේ.මන්නාරම පුත්තලම වැනි ප‍්‍රදේශ මෙම වගාව සඳහා හිතකර වී ඇති අතර බහුලව වගා කරනු ලබයි. සුදෝ සුදු පාටින් යුක්ත මල් සුවඳවත්්වන අතර මැද රේණු පිහිටා තිබේ. දොඩම් ගෙඩියේ බාහිර ආවරණය කොළ පාට වන අතර ඇතුළත සුදු පාටින් යුක්ත වේ. ගෙඩි බික් වශයෙන්ද ගැලවිය හැක. දොඩම් ගෙඩි දෙකට කපා මිරිකා ගන්නා යුෂ පානය කිරීම හෝ බිග් ගලවා කෑමට ගැනීමට හැකිවන අතර ලෝකයේ බොහෝ රටවල දොඩම් යුෂ මිරිකා සිසිල් පානයක් වශයෙන් ගනී.දොඩම් ගසේ ඉතිහාසය දෙස බලන විට චීනය මව්බිම වුවත් වර්ෂ 1498 දී දේශ ගවේෂක වස්කෝද ගාමා ඉන්දියාව ඇතුළු රටවලටත් බටහිර රටවලටත් ව්‍යාප්ත කිරීමේ පුරෝගාමියා විය.දොඩම් ගස ලොවපුරා ව්‍යාප්ත වීමට හේතු වූ කරුණු අතර 1. රෝමවරුන්ගේ දිග්විජය, 2. අරාබි ජාතිකයන්ගේ වෙළඳගමන්, 3. මුස්ලිම්වරුන්ගේ මධ්‍ය ධරණී රටවලට ඇතුල්වීම, 4. යෙරුසලම මුස්ලිව් ජාතිකයින්ගෙන් මුදවා ගැනීම සඳහා යුද්ධ යනාදී කරුණු ඉවහල් වී ඇත.මෙම දොඩම්වල සී සහ ඩීවිටමින් පදාර්ථ බහුලව ඇති අතර පැණි දොඩම් වල සීනි ද අඩංගුව තිබේ. එමෙන්ම ඇඹුල් දොඩම්වල යුෂ ඇඹුල් රසින් යුක්ත වන බැවින් එහි සීනි අඩු නිසා ඇඹුල් රසින් යුක්ත වේ.

එබැවින් මෙම යුෂ ආයුර්වේද ඖෂධයක් වශයෙන් ප‍්‍රයෝජනයට ගනියි.පැණි දොඩම් පෝෂණ ජීවිතයට හිතකර වන අතර මළබද්ධ නැති කරයි. ඇඹුල් දොඩම් සෙම රෝගවලට හිතකර වනවා මෙන්ම කැස්සට ගුණදායක වේ. තවද ආහාර දිරවීම ඉක්මන් වන්නා සේ තැලීම් වූ විට එම ස්ථානයේ එක්තැන්වූ ලේ විසුරුවා හරිණු ලබයි. එමෙන්ම දොඩම් ඇට හා පත‍්‍ර ද ඖෂධිය ගුණයෙන් යුක්තවේ.තෙත් කලාපීය හා වියළි කලාපීය ප‍්‍රදේශවල ගොවි මහතුන්ගේ ප‍්‍රධාන අමතර ආදායම් මාර්ගයක් වශයෙනුත් වාණාජමය වෙළඳාම තුළින් දේශීය ආදායම් උපයාදෙමින් අසරණ රෝගීන් සඳහා වූ දිව්‍යමය ඖෂධයක් ලෙසින් ඔබ අප සැමට එපා නොවෙන පානයකි.



ලොව වැඩි ප‍්‍රමාණයක් පරිභෝජනය කරන කෙසෙල්

ලොව වැඩි ප‍්‍රමාණයක් පරිභෝජනය කරනු ලබන පලතුරක් ලෙස අපට කෙසෙල් හැඳින්විය හැකිය. දුවලා පුතාලා දන්නවාද අප රටේ වැඩි බිම් ප‍්‍රමාණයක් වගාකරනු ලබන එකම පලතුරු කෙසෙල් බව. ව්‍යාපාරික වගාවක් වශයෙන් හා ගෙවතු වගාවක් වශයෙන් හා මිශ‍්‍ර වගාවක් වශයෙන් ද බහුල ලෙස කෙසෙල් වගා කෙරෙති.කෙසෙල් වගාවේ මව්බිම ඉන්දියාව හා මැලේසියාව ආශ‍්‍රීතව සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. අප රටේ පුරාණ කාලයේ කෙසෙල් වර්ග 60 ක් පමණ තිබූ මුත් මේ අවදියේ දැකිය හැක්කේ වර්ග කිහිපයක් පමණි. මින් බොහෝ ප‍්‍රමාණයක් පලතුරු වශයෙන් භාවිතා වන මුත් ව්‍යාංජනයක් ලෙස කිහිප වර්ගයක් සකස් කර ආහාරයට ගනියි.දැනට අප රටේ ජනප‍්‍රිය වී ඇත්තේ කෝලි කුට්ටු බිං කෙසෙල් ආනමාළු ඇඹුල් ඇම්බුන් සීනි කෙසෙල් අළු කෙසෙල් පුවාලු යනාදියයි. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1994 වර්ෂයේදී නදී නම් ඇඹුල් සහ යිලියට් හයිබි‍්‍රස් හා අයි.සී. 2 යන කෙසෙල් වර්ග හඳුන්වා දී ඇත. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ ප‍්‍රදේශ කෙසෙල් වගාවට සුදුසු අතර හොදින් පැතිර ගිය වර්ෂාපතනය මිලිමීටර් 1250 සිට 1900 දක්වා අංශක 25 – 30c අතර උෂ්ණත්වය ඉතා සුදුසු වේ.

කෙසෙල් වගාවේදී විශේෂ අවදානයෙන් සිටීම අවශ්‍ය වේ. මෙහිදී විශේෂයෙන් ලෙඩ රෝග පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ. ලෙඩ රෝග ඇතිකරන කීටයා කෙසෙල් අල කමින් උමං සාදා ගස විනාශ කරනු ලබයි. වද පීදිමද සිදුවන අතර කෙසෙල් කඳ ගුල්ලා, කඳ හා කෙසෙල් බඩ විනාශ කරනු ලබයි. මෙම තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුවේ. අක්කරයක් සඳහා කෝළි කුට්ටු පැළ 675 ක් පමණද ආනමාළු ඇම්බුන් 300 ක් පමණ ද ඇඹුල් සහ අනෙකුත් වර්ගයේ පැළ 435 ක් පමණ ද සිටවීමට සුදුසුවේ.කෙසෙල් කැන හට ගැනීමෙන්, පසු හොඳින් මේරීමට කෙසෙල් ප‍්‍රභේද අනුව වෙනස් වේ. ඒ අනුව ආනමාළු හා ඇම්බුන් සඳහා මාස 3 ක් පමණ ද ඇඹුල් සඳහා මාස 3 1/2 ක්ද කෝලි කුට්ටු සඳහා මාස 4 ක්ද සීනි කෙසෙල් මේරීම සඳහා මාස 4 1/2 ක්ද පුවාළු සඳහා මාස 05 ක් වශයෙන් කාලය ගතවේ.කෙසෙල් රසවත් ව්‍යාංජනයක් වශයෙන් ද සකස් කර ගනු ලබයි. කෙසෙල් පෝෂණ ශක්තිය මිග‍්‍රෑම් 100 ක්ද, ශක්තිය මි.ග‍්‍රෑම් 116.0 කැලරි පෙ‍්‍රීටීන් 1.2 ක් සහ මේදය මි.ග‍්‍රෑම් 03 ක් පිෂ්ඨය මි.ග‍්‍රෑම් 27.2 ක්ද කැල්සියම් 17.2 ක් හා පොස්පරස් 36.0 (මි.ග‍්‍රෑම්) යකඩ මි.ග‍්‍රෑම් 09 කැරටින් මි.ග‍්‍රෑම් 78.0 මයික්‍රෝ (තයමින්) මි.ග‍්‍රෑම් 50.0 විටමින් සී 7.0 මේ අයුරින් පෝශ්‍ය පදාර්ථ ඇත.මෙම පලතුර මගින් අතීසාරය වැලඳුණ දරුවනට ජීර්ණය පහසු කරවීමට ද ආමාශයේ අන්ත‍්‍රයේ රෝගී තත්ත්වයෙන් මළ බද්ධ ඉවත්කරවීමට ඉවහල් වේ. තවද මේ අයුරින් අපගේ ජීවිතයේ වැදගත් අවස්ථාවන් වූ මංගල උත්සව හා විවිධ වූ දේවාල මංගල්‍ය සඳහා ද විශේෂයෙන් යොදා ගැනේ. ලෝකයේ වැඩි ප‍්‍රමාණයක් මෙම පලතුර පරිභෝජනය කරනු ලබති. අප රටේ ව්‍යාපාරික වගාවක් වශයෙන් රටේ ආර්ථිකයට මහත් පිටුවහලක් මෙන්ම ගෙවතුවල මිශ‍්‍ර වගාවක් ලෙස වගා කර අමතර ආදායම් ලැබීමට හැකිවේ.



පොල් ඉඩම්වල ගම්මිරිස් වගාව

තෙත් කලාපයේ පොල් ඉඩම්වල වගා කළ හැකි වඩා ලාභදායී අතුරු බෝගයකි ගම්මිරිස්. මෙය වසර 20 කට වඩා වැඩි කාලයක් ඵලදාව ලබාගත හැකි බහු වාර්ශික අතුරු බෝගයකි. බෝගයක් ලෙස ක්ෂේත‍්‍රයේ ස්ථාපනය කිරීමෙන් පසු එය නඩත්තු කරගෙන යාම පහසු කටයුත්තකි.
ගම්මිරිස් වගාව සඳහා සුදුසු ප‍්‍රදේශ සහ පසතෙත් සහ තෙත් අතරමැදි කලාපවල පිහිටි කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, මාතලේ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ති‍්‍රක්ක අයත් පොල් ඉඩම් ගම්මිරිස් අතුරු බෝගයක් ලෙස වගා කිරීම වඩාත් යෝග්‍ය වේ. ගම්මිරිස් වගා කිරීම සඳහා ගැඹුරු සහ හොඳින් ජලය රඳවා ගැනීමේ හැකියාවක් ඇති පසක් සුදුසුය. ජලය රඳවා ගැනීමේ හැකියාව ඉතා දුර්වල වැලි සහිත පස් මෙන් ම පහසුවෙන් ජලය බැස නොයන තද මැටි සහිත පසද ගම්මිරිස් වගාව සඳහා යෝග්‍ය නොවේ.ගැඹුරු ඉතා හොඳ ජලවහනයක් ඇති කාබනික ද්‍රව්‍ය අඩංගු ලෝම පස මේ සඳහා වඩා යෝග්‍ය වේ. පොල් වගාවක බිම් ප‍්‍රදේශයට ප‍්‍රමාණවත් ලෙස හිරුඑළිය ලබා ගැනීම සඳහා වගාවේ වයස අවම වශයෙන් වසර 15 ක් වත් විය යුතුය. නමුත් නිවැරැදි පරතරයක් සහිතව නිවැරැදි ක‍්‍රමයට ගම්මිරිස් සිටුවන්නේ නම් පොල් යටි වගාවක වුවද සිටුවිය හැකිය.
සුදුසු ප‍්‍රභේද සහ රෝපණ ද්‍රව්‍යහඳුන්වා දෙන ලද පැන්යුර් සහ කුචිං යන ප‍්‍රභේදයන් පොල් ඉඩම්වල වගාව සඳහා නිර්දේශ කොට ඇත. නමුත් පැන්යුර් - 1 නැමැති ප‍්‍රභේද පොල් වගාකරුවන් අතර වඩාත් ජනපි‍්‍රයය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත තෝරාගත් වැඩි අස්වනු ලබාදෙන රෝපණ ද්‍රව්‍යයන් ද වගාකිරීම සඳහා සුදුසුය.අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද තවාන්වලින් රෝපණ ද්‍රව්‍ය ලබාගත හැකි ය. ක්ෂේත‍්‍රයේ සිටුවීම සඳහා පත‍්‍ර 3–4 ක් සහිත පොලිතින් මලුවල තවාන් කළ පැළ වඩා සුදුසු ය. මවු ශාඛ තෝරා ගැනීමකින් තොරව සාමාන්‍ය වැල්වලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය සිටුවීමෙන් ඉහළ අස්වැන්නක් බලාපොරොත්තු වීමට හැකියාවක් නැත.
ගම්මිරිස් පැළ සිටුවීමපොල් වගාව සමඟ ඇතිවිය හැකි තරගය අවම කිරීම සඳහා ගම්මිරිස් පැළ අවම වශයෙන් පොල්ගස්වල සිට මීටර් 2.5 ක දුරින්වත් සිටුවිය යුතුය. ගම්මිරිස් පැළ සිටුවන පේළි නැගෙනහිර හා බටහිර දිශාවට යොමුවන පරිදි තිබීම වඩාත් යෝග්‍ය වේ. පොල් පේළි දෙකක් අතර ගම්මිරිස් පැළ පේළි දෙකක් සිටුවනු ලැබේ. යාබද ගම්මිරිස් පැළ පේළි දෙකක් අතර පරතරය මීටර් 2 ක් විය යුතුය. ති‍්‍රකෝණාකාර ක‍්‍රමයට ඒවා සිටුවිය යුතුය. පේළිය තුළ පැළ දෙකක් අතර පරතරය මීටර 2 කි. යල කන්නයේ මෝසම් වැසි ආරම්භයත් සමඟ පැළ සිටුවීම කළයුතු වේ. පැළ මියයාමේ අවදානම වැඩි හෙයින් මහා කන්නයේ පැළ සිටුවීම නොකළ යුතුය. පැළ සිටුවන වලක ප‍්‍රමාණය අඩි 2*2*2 විය යුතුය. මෙම වලවල් පැළ සිටුවීමට පෙර වියළි ගොම පොහොර සහ සැපොස් පොස්පේට් ග්øම් 60 ක් සමඟ මිශ‍්‍ර කර මතුපිට පස්වලින් පිරවිය යුතුය. සිටුවීමෙන් පසු එම පැළ කෙළින්ම හිරුඑළියට නිරාවරණය වීම වැළැක්විය යුතුවේ. වල් පැළ වීසි ගැසීමෙන් එකතු කරන ලද පැළෑටි කොටස්වලින් හෝ පොල්ලෙලිවලින් වසුන් කිරීම යෝග්‍ය වේ.
ගම්මිරිස් පැළ සඳහා  ආධාරක සිටුවීමහොඳ වර්ධනයක් සහ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ගම්මිරිස්වලට ආධාරක සිටුවීම වැදගත්ය. මේ සඳහා කොන්කී‍්‍රට්වලින් සාදන ලද කණු හෝ ග්ලිරිසීඩියා වැනි ජීව ආධාරක ද යොදාගත හැකිය. කොන්කී‍්‍රට් ආධාරක යෙදීමෙන් සාපේක්ෂව හොඳ අස්වැන්නක් ලබාගත හැකි නමුත් ඒවා මිල අධිකය. එබැවින් ජීව ආධාරක සිටුවීම වඩා ජනපි‍්‍රය ය. මීටර 3 ක පමණ දිග සහ සෙ.මී. 2.5 ක පමණ විශ්කම්භයක් සහිත මෝරන ලද ග්ලිරිසීඩියා දඬු කැබලි ගම්මිරිස් පැළයේ සිට සෙ.මී. 30 ක් පමණ දුරින් සිටුවිය යුතුය. සිටුවන ලද ග්ලිරිසීඩියා දඬුවල ඉහළ කෙළවර පිහිටි කැපුම් මුහුණත මත තෙත මැටි සහිත පස් ස්වල්පයක් රඳවා පොලිතින් කැබැල්ලක ආධාරයෙන් බැඳ තැබීමෙන් දඬු ඉක්මනින් පැළ වේ. වඩා හොඳ ප‍්‍රරෝහනයක් බලාපොරොත්තු විය හැකිය. ජීව ආධාරක සිටුවීම කළ යුත්තේ ගම්මිරිස් පැළ සිටුවීමට පෙර ලැබෙන මෝසම් වැසි සමයේදීය. ග්ලිරිසීඩියා වල වර්ධනය පාලනය කිරීම සඳහා වැසි කාලයේදී ඒවා කප්පාදු කළයුතුය. කෙසේ වුවත් කප්පාදුවෙන් පසු නැවත දළු ලා වැවී යථා තත්ත්වයට පත්වීම සඳහා ග්ලිරිසීඩියා පඳුරුවල කුඩා අතු කැබලි 1 ක් හෝ 2 ක් ඉතිරි වන සේ කප්පාදු කළ යුතුවේ. කප්පාදුවෙන් පසු නිතරම එක් අතු කැබැල්ලක් පමණක් වර්ධනයට ඉඩදිය යුතුය.
පොහොර යෙදීමපොල්වලට අමතරව ගම්මිරිස් සඳහා ද පොහොර යෙදීම ඉතා වැදගත්ය. පහත සඳහන් පොහොර මිශ‍්‍රණය ගම්මිරිස් සඳහා නිර්දේශ කොට ඇත. මෙම මිශ‍්‍රණය සාදා බොහෝ කලක් ගබඩා කොට තබා ගත නොහැකි බැවින් එය සාදා ගත යුත්තේ භාවිතයට ස්වල්ප වේලාවකට පෙරය.
යුරියා (46%)                  බර අනුව කොටස් 4සැපොස් පොස්පේට් (28%)           බර අනුව කොටස් 5මියුරියේට් ඔෆ් පොටෑස් (60%)      බර අනුව කොටස් 3කීසරයිට් (24%)                   බර අනුව කොටස් 1
ගම්මිරිස් පැළ සිටුවා මාස හයකට පසු ඉහත මිශ‍්‍රණයෙන් ග‍්‍රෑම් 125 ක් පැළයකට යෙදිය යුතුය. එතැන් සිට හය මාසයකට පසු තවත් ග‍්‍රෑම් 125 යෙදිය යුතුවේ. දෙවන වසරේදී සහ තෙවන වසරේදී පිළිවෙළින් ග‍්‍රෑම් 500 සහ ග‍්‍රෑම් 700 ප‍්‍රමාණවලින් හරි අඩක් මාස හයකට වතාවක් යෙදිය යුතුය. පොහොර යෙදීම කළ යුත්තේ පස තෙත්ව ඇති අවස්ථාවේ සහ තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි අවස්ථාවේය. ගම්මිරිස් පොහොර සඳහා ඉතා හොඳින් ප‍්‍රතිචාර දක්වන බෝගයක් බැවින් හැකි සෑමවිටම කොටස් වශයෙන් පොහොර යෙදීම වඩා යෝග්‍ය වේ. පොහොර යෙදූ පසුව මුල්ලුවක් ආධාරයෙන් පොහොර හොඳින් පස් සමඟ මිශ‍්‍ර කිරීම කළයුතු අතර, හොඳින් වසුන් කළයුතුය.
ගම්මිරිස් වැල් කප්පාදු කිරීම සිටුවන ලද ගම්මිරිස් පැළයේ පත‍්‍ර සංඛ්‍යාව 8-10 තෙත් වර්ධනය වූ පසු ඉන් පහතින්ම පිහිටි පත‍්‍ර 03 හැර අනෙක් පත‍්‍ර සියල්ල ඉවත් කරන්න . සතියකට පසු වැසි කාලයේදී පත‍්‍ර නොමැති කඳ කොටස කපා ඉවත් කරන්න. මෙමඟින් අලුතෙන් වර්ධක කඳන් 2 ක් හෝ 3 ක් ඇතිවීම ඉක්මන් කරයි. මෙලෙස අලුතින් හටගන්නා වර්ධක කඳන්වලද පත‍්‍ර සංඛ්‍යාව 8- 10 තෙත් වර්ධනය වූ පසු කලින් මෙන් පහළින් පිහිටි පත‍්‍ර 3 ක් හැර ඉතිරි සියල්ල ඉවත් කරන්න. සතියකට පසු නව වර්ධක කඳන්වල පත‍්‍ර රහිත කඳ කොටස් කප්පාදු කරන්න. මෙමඟින් තවදුරටත් වර්ධක කඳන් වර්ධනය කර ගැනීමට හැකිවේ. අවසානයේ එක ගම්මිරිස් වැළක අතු සංඛ්‍යාව 7-9 ක් තෙක් වර්ධනය වේ.

අස්වනු නෙලීම සහ සැකසීමහොඳින් පාලනය කරන ගම්මිරිස් වගාවක් වසර 2-3 ක් ඇතුළත පල දරයි. වගාවෙන් අස්වැන්න නෙළාගත යුත්තේ නොවැම්බර් සිට ජනවාරි මාසවලය. වානිජ මට්ටමින් නිෂ්පාදනයේදී කළු ගම්මිරිස් නිෂ්පාදනය වඩා ජනපි‍්‍රය සහ පහසු බැවින් හොඳින් පැසුණු, එහෙත් නොඉදුණු කොළ පැහැති ඇට සහිත ගම්මිරිස් කරල් වැල්වලින් නෙළාගත යුතුය. අස්වනු නෙළීම ළපටි අතුවලට හානි පත් නොවන පරිදි ප‍්‍රවේශමෙන් කළ යුතුවේ. කළු ගම්මිරිස් නෙළා ගැනීම සඳහා වඩාත් සුදුසු අවස්ථාව වනුයේ ගම්මිරිස් කරල්වල ඇට කීහිපයක් පමණක් ඉදී ඇති අවස්ථාවයි. නෙළාගත් කරල් කාමරයක් තුළ දින 1-2 ක පමණ කාලයක් ගොඩ ගසා තැබිය යුතුය. ඉන්පසු ගම්මිරිස් කරල්වලින් ඇට වෙන් කර ගැනීම සඳහා ගම්මිරිස් කරල් කකුල්වලින් පෑගිය යුතුය. ඉන්පසු ගම්මිරිස් ඇට කළු ගම්මිරිස් නිෂ්පාදනය සඳහා අව්වේ වේලාගනු ලබයි. හොඳින් නඩත්තු කරනු ලබන වසර 5 ක් වයසැති ගම්මිරිස් වැළකින් වසරකට සැකසූ කළු ගම්මිරිස් කි. ග‍්‍රෑම් 1.5-2.0 දක්වා අස්වැන්නක් ලබාගත හැකිය.


කටට සැරයි ඇඟට ගුණයි .ඉඟුරු   
  
  
  

වැසි සහිත කාලගුණයක් පවතින දිනයකදි උණු උණු වේ ඉඟුරු දැමු තේ කෝප්පයක් රස විදින්න අකැමැති කවුරුන් ද? සිසිල් කාලගුණයක් ඇති වට එය කාගේත් මිහිරි ප‍්‍රාර්ථනයකි.නීරෝගීව සිටින විටදී පමණක් නොව රෝගී පුද්ගලයකු වුවත් රුචියක් ඇතිව කෑමට ගන්නා දෙයක් ලෙස ඉඟුරු විස්කෝතු හඳුන්වන්න පුළුවන්. කුමන ආකාරයකින් ආහාරයට එකතු වුණත් ඉඟුරු රසය ඉස්මතු වීමෙන් ආහාරයේ ප‍්‍රණීත බව දෙගුණ තෙගුණ වෙනවා. මේ නිසා ඉඟුරු අපේ කෑම බීමවලට ජීවය දෙන්නකු ලෙසින්ද හඳුන්වා දිය හැකියි.හපනුන්ගෙ දේශය, එනම් චීනය ඉඟුරුවල නිජ බිමයි. එරටින් පැමිණි නිසාදෝ ඉගුරු අපේ ආහාර වෙලෙහි පාන හපන්කම් සුළු පටු නොවෙයි. එහි සැඟව ඇති අපමණ වූ ඖෂධීය ගුණයෙන් තවමත් විද්‍යාඥයන්ට සොයා ගත හැකි වී තිබෙන්නේ ස්වල්පයක් පමණි.ඉඟුරු පඳුරක් නොමැති ගෙවත්තකින් ; ගෘහණියකගේ අදක්ෂ බව කියවෙයි. ඒ එය එතරම්ම අපේ එදිනෙදා ජීවිතයට අවශය නිසයි. විටෙක ඖෂධයක් වෙන තවත් විටෙක ආහාර රස ගන්වන්නක් වෙන ඉඟුරු පදුරක් මුළුතැන්ගෙය අසලින්ම වවා ගැනීමට ගෘහණියන්, පෙළඹෙන්නේ හදිසියකදී ඉක්මනින්ම ඉඟුරු අලයක් හාරා ගැනීමට ඇති පහසුව නිසයි.
ඉගුරු ගෙවත්තට නැතිවම බැරි ඇයි ? ආහාර දිරවීමේ අපහසුතා ඇති අයට ගුණදායකයි. ඉඟුරු මගින් ආහාර ජීර්ණය කරන දියර හා ඛේඨය නිෂ්පාදනය වැඩි කරයි. එනිසා අජීර්ණයට, බඩේ වාතය පිරීමෙන් ඇතිවන අපහසුතාවයට, ඩයරියා තත්ත්වයන්ට හා උදරයේ මාංස පේශින් පෙරළීමට ඉඟුරු කෑමෙන් සහනයක් ලැබේ.
*වමනය, කරකැවිල්ල අඩු කරයිඕනෑම රෝග තත්ත්වයකදී ඇතිවන වමනය ගතියට ඉඟුරුවලින් සහනයක් ලැබේ. ගැබිනි මවුවරුන් මුල් මාසවලදී ඇතිවන වමනය ගතිය අඩුකර ගැනීමට ඉඟුරු එක් කළ ආහාරපාන ගැනීමට පුරුදු වී සිටියි.
*ආතරයිටිස් රොගින්ට වේදනා නාශකයකි.සිරුරේ ඇති වන ප‍්‍රදාහ තත්ත්වයන්ට එරෙහි වීමේ අපූරු ගුණයක් ඉඟුරුවල රසායන සංයෝගවලටඇත. රුමැටොයිඩ් ආතරයිටිස් හා ඔස්ටියෝ ආතරයිටීස් වැනි රෝගවලින් පීඩා විදින්නන්ට ඉඟුරු අඩංගු ආහාර ගැනීමෙන් වේදනාව අඩුවෙන්නේ ඉදිමුම අඩුවෙන්නේ එනිසාය. වේදනාව අඩු වෙනවා පමණක් නොවෙයි. අත පය කි‍්‍රයාකරවීමේ හැකියාවද වැඩි වෙයි. එහෙත් ඒ සඳහා ඔවුන් දිගින් දිගටම ඉගුරු ආහාරයට ගත යුතුයි. ඉඟුරුවල විස නාශක රැසක් අඩංගුයි. එනිසා පරිසරයෙන්, ආහාරපාන වලින් ශරීර ගත වෙන විස මැඩලීමට හැකියාව තිබේ. බඩවැල් ආශි‍්‍රත පිළිකා, ඩිම්බ කෝෂ පිළිකා වලින් අරක්ෂා වී සිටීමට ද ඉඟුරු ආධාර වෙයි. ඩිම්බ කෝෂ පිළිකා සෛල විනාශ කිරීමට ඉඟුරුවල අඩංගු රසායනවලට හැකියාව තිබේ.
අලස ගතිය ඉඟුරු සිසිල් දේශගුණයක් ඇකි දිනයක අපේ සිරුර උණුසුම් කරනවා වගේම ප‍්‍රබෝධමත් කරයි. දහදිය දැමීම නීරෝගීකමේ ලක්ෂණයකි, ඉඟුරු හොඳින් දහදිය දැමීමට ආධාර වෙයි. සෙම්ප‍්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව, කැස්ස ඇතිවිට ඉගුරු පෙත්තක් සපා කෑමෙන් ලැබෙන සහනය කොපමණයද? සෙම්ප‍්‍රතිශ්‍යාව වැළඳුණු විට ඉඟුරු කොත්තමල්ලි බීම තවමත් අප වැඩි දෙනකුගේ සිරිතයි.*මාංස පේශි වේදනාව අඩුකිරිම අසාත්මිකතාවයන් අඩු කිරීම ඉඟුරු වලින් අපට ලැබෙන තවත් ප‍්‍රයෝජන දෙකකි. ඉගුරු හොඳ කොලෙස්ටරෝල් වැඩි කරයි. නරක කොලෙස්ටරෝල් අඩු කරයි.  සමහර ගෘහණියන් බෝංචි, පොළොස්, මස්, මාංස පිසීමේදීත් ඉඟුරු එක් කරනවා ඉඟුරු එක් කළ ඕනෑම ආහාරයකට ඖෂධීය ගුණයක්ද එක් වෙයි.ඉඟුරුවල පෝෂකපොටැසියම්මැග්නීසියම්තඹ මැංගනීස්විටමින් බී 6 අත්‍යාවශ්‍ය මේදයදේශිය වෙදකමේ මහෞෂධයකි සංස්කෘත භාෂාවේ ඉඟුරු හඳුන්වන්නේ මහෞෂධයක් ලෙසයි. එහි ඇති උෂ්ණගුණය නිසා හා කට දන රසය නිසා හා සෙම් රෝග අඩුකරයි. ඉඟුරු බඩගින්න වඩවයි.නොදිරවූ ආහාර කොටස් දිරවීමට ආධාර වෙයි. වාතය නසන නිසා සිරුරේ වේදනා අඩු කරයි.  අර්ශස් රෝගයට ඉඟුරු හිතකර වෙන්නේ හොඳින් කුසගින්න ඇති කරන නිසයි ආමය නැති කරන නිසා උණ රෝගීන්ට ගුණදායකයි. මිනිසාට ඇති වන බොහෝ ලෙඩ රෝගවලට හේතු වෙන්නේ හරිහැටි ආහාර නොදිරවීමයි. ඉඟුරු ආහාර දිරවීමට උදව් වෙන නිසා බොහෝ දේශිය ඖෂධවල ඉඟුරු අඩංගු කර ඇත.
අතීසාර රෝගයට අමු ඉඟුරු හා ඉරිවේරිය දඩු කොටා වණ්ඩුවේ තම්බා මිරිකා ගන්නා යුෂයට මී පැණි දමා බොන්න කෑම අරුචියට අමු ඉඟුරු පෙති කිහිපයක් සහිද ලුණු කුඩු ස්වල්පයක් සමග ආහාර ගන්නා අතරදී ගන්න. හුස්ම ගැනීම අපහසුවිට ඉඟුරු යුෂට පරණ උක් හකුරු දියකර ස්වල්පය බැගින් වරින් වර පානය කරන්න.
*විඩාව නිවීමටතේ කෝපපයකට ඉඟුරු දමා බොන්න.සෙම්ප‍්‍රතිශ්‍යාවටඉඟුරු හා කොත්තමල්ලි තැම්බු ජලය පානය කිරිමෙන් සෙම පැසවා ඉක්මන් සුවයක් ලැබේ.
උදරාබාධවලට බඩ පුරවා දැමීමටත්, බඩේ කැක්කුමටත් ඉඟුරු ඉස්මට සීනි දමා බොන්න



හාතාවාරිය

පසුගිය කාල පරිච්ඡේදයේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ජනතාවගේ සෞඛ්‍ය තත්වය මනාව පවත්වා ගැනීම උදෙසා ඔසු කැඳ අලෙවි සැල් මගින් ජනතාව දැනුවත් කිරීමට යෙදිනි. මෙහි දී විශේෂයෙන් හාතාවාරිය කැඳ සඳහා නිතැතින්ම යොදා ගැනිණි. මෙම ශාකයේ අපගේ ලෙඩ රෝග සුවවීමට බෙහෙවින් උපකාරී වේ.හාතාවාරිය ශාකයේ නිජ බිම වූයෙ නැගෙනහිර මධ්‍යධරණී රටවල්ය. ඈත අතීතයේ රෝමන්වරුන් වගාකර එහි ප‍්‍රයෝජන ගත් බවට සාක්ෂි ඇත. ඇතැම් අය තම උද්‍යාන හා ගෙවතු අලංකාර කිරීම සඳහා ද වගා කරති. මේ ශාකයේ අතු බෙදී විහිදී වැවෙන අතර කටු සහිත වේ. හාතාවාරිය පැළ දුඹුරු පාටින් යුක්ත වේ. හාතාවාරිය මුල් නාලාකාර හැඩයක් ගන්නා අතර, අල සුදු පාටින් යුක්ත වේ.හාතාවාරිය ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වූයෙ ˆAsparagus Racemosus Willd කුලය වූයේ රසෝන අතර දෙමළ නම වූයේ සඩාවරි වේ.

හාතාවාරිය ව්‍යාප්තිය නිවර්තන කලාපවල හා උප නිවර්තන ප‍්‍රදේශවල හා ඉන්දියාව, ලංකාව, අප‍්‍රිකාව, ජාවා සහ ඕස්ටේ‍්‍රලියාව වැනි රටවල බහුල වශයෙන් දක්නට ලැබේ.අප රටේ පහත රට වියළි ප‍්‍රදේශවල බහුල වශයෙන් දක්නට ලැබේ. පහත රට ප‍්‍රදේශවල සාමාන්‍ය කඳු ප‍්‍රදේශවල ද දක්නට ලැබේ.මෙම ඖෂධය තුළින් ශරීර ශක්තිය වඩන අතර රුධිරවල ආම්ලික බව නැතිකර පිරිසිදු කරයි. තවද මුත‍්‍රා අමාරු සුවකර තරුණ බව ඇති කිරීමට හේතු වේ. අත් පා සන්ධි ඉදිමීම සුවවීමට හාතාවාරිය අල යුෂ මිරිකා බීම සුදුසු වේ. තවද වාත රක්ත රෝගයට ඉතා හිතකර වේ.හදවත් රෝගීන්ට ඉතා හිතකර ආහාරයකි. අද අප රටේ කිසිඳු වියදමකින් තොරව ඉඩමේ වැට මායිමේ සිටවා ගැනීමට හැකි වේ. එමෙන් තම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට මෙන්ම උදෑසන ආහාර වේලක් පිරිමසා ගැනීමට ද හැකි වේ.කිසිඳු කෘමි නාශකයක් හෝ පරිසර හානියකින් තොර අප ශරීර සෞඛ්‍ය ශක්තිමත් කරන මෙවන් ඖෂධ පැළෑටි කෙරෙහි අප අවධානය යොමු කරමු.


එළු පාලනය

කුඩා පරිමාණයේ සත්ව පාලන කටයුතුවලදී එළු පාලනයට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. එළුවන් ඇතිකිරීමේ අරමුණු කීපයකි. මස් ලබාගැනීම, කිරි ලබා ගැනීම, පොහොර ලබාගැනීම සම් ලබාගැනීම ඒ අරමුණු අතර වෙයි.වියළි කලාපයේ මස් පිණිස බහුලව එළුවන් ඇතිකරනු ලබන අතර මැද රට හා උඩරට ප‍්‍රදේශයේ කිරි ලබාගැනීම සඳහා එළුවන් ඇති කැරේ.ඉතාමත් අඩු ප‍්‍රාග්ධනයක් යොදා ආරම්භ කළ හැකි සත්ව පාලනයක් වන අතර සියයට සියයක්ම ශාක කොළ අතු ලබාදෙමින් සතුන් පෝෂණය කළ හැකිය. වෙළෙඳ පොළේ එළු මස් කිලෝවක මිල රුපියල් 350/- ක් පමණ වන අතර එළු කිරි ලීටරයක මිල රුපියල් 80/- ක් පමණ වෙයි. අද පවතින රැකියා ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ස්වයං රැකියාවක් වශයෙන් පවත්වාගත හැකි ඉහළ ආදායමක් ලබාගැනීමට විශාල හැකියාවක් ඇති එළු පාලන කටයුතු සඳහා රජයේ දායකත්වය පහළ මට්ටමක පවතී.එළු කිරි සඳහා වෙළෙඳ පොළ හොඳ ඉල්ලුමක් ඇත. එළු කිරි පහසුවෙන් දිරවිය හැකි සහ කුඩා මේද ගෝලිකා සහිත බැවින් කුඩා ළමයින්ට වැඩිහිටියන්ට මෙන්ම ඇදුම රෝගීන් සඳහාත් ඉතා හොඳ ඖෂධයකි. විශේෂයෙන්ම සෙම නිසා ඇතිවිය හැකි රෝග තත්ත්වවලදී එළුවන්ගේ සුවඳ ආඝ‍්‍රාණය කිරීම එම රෝග තත්ත්වයෙන් සුවවීමට හේතුවන බව බොහෝ අය විශ්වාස කරයි.
සත්ව පාලනයේ යෙදී සිටින ගොවීන් අතර එළු පාලනය ජනප‍්‍රිය වී ඇත. එයට හේතු වනුයේ එළුවන්ට රළු කටුක පරිසරවල ජීවත් විය හැකි වීම, දැඩි නියං තත්ත්වයන් යටතේ වුවද වියළි තෘණ හා ශාක කොටස් ආහාරයට ගෙන ජීවත්වීමට හැකි බව, ශාක වර්ග විශාල ප‍්‍රමාණයක් ආහාර ලෙස ලබා දීමට හැකි බව, කෘෂිකාර්මික අතුරුඵල හා කුස්සියෙන් ඉවත් කරන බොහෝ දේ එළුවන්ගේ ආහාර ලෙස යොදාගත හැකි වීම, භෝග නිෂ්පාදනය හා වෙනත් සත්වපාලන කටයුතු සඳහා යොදාගත නොහැකි බිම් එළු පාලනයට යොදාගත හැකිවීම, වියළි කලාපයෙ පිහිටි කටු පඳුරු සහිත ලඳු කැළෑ එළු පාලනයට යොදා ගත හැකි වීම, පාලන කටයුතු සරල සහ පහසුවීම, එළු පාලනය සඳහා තාක්‍ෂණික දැනුමක් හා පුහුණු ශ‍්‍රමයක් අවශ්‍ය නොවීම, ගෘහණියන්ට මෙන්ම ළමයින්ටත් පාලන කටයුතු කළ හැකි වීම, මස් පිණිස හා කිරි සඳහා එළුවන්ට හොඳ ඉල්ලුමක් තිබීම, වරකට පැටව් දෙදෙනෙකු හෝ තිදෙනකු දැමීමට හැකි වීම, එනිසා කෙටි කාලයක් තුළ ගොවිපළ තුළ සත්ව ගහනය වැඩිවීම, ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ඉතා හොඳ කාබනික පොහොරක් බැවින් ගොවිතැන් සඳහා යොදාගත හැකි වීම ආදි බොහෝ හේතූන් නිසා එළු පාලන කටයුතු පහසු වී ඇත.

එළු ගොවිපළක් ආරම්භ කිරීමේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. එනම් අභිජනනය සඳහා සුදුසු පැටව්, එළුවන්, එළිච්චියන් තෝරා ගත යුතුය. අරමුණට ගැළැපෙන එළු වර්ග තෝරා ගැනීම කළ යුතුය. මීට අමතරව ප‍්‍රදේශයේ ඉල්ලුමට ගැළැපෙන අයුරින් සතුන් ඇතිකිරීම, ඇතිකිරීමට බලාපොරොත්තු වන එළු ගහණයට ප‍්‍රමාණවත් අයුරින් වසර පුරා ශාක කොළ ලබාගැනීමට හැකිවන අයුරින් බහු වාර්ෂික ශාක හෝ තෘණ සිටුවීම, එළුවන්ගේ ආරක්‍ෂාව සඳහා එළු නිවාස තනාදීම, එළු ගාල ආසන්නයේම ගව ගාල ඉදි නොකිරීම වැනි කරුණු කෙරෙහි ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. එළුවන් හා ගවයින් එකම ගොවිපළ තුළ ඇති කිරීම සුදුසු නොවන අතර එනම් ගොවිපළක ගවයින් හා එළුවන් ඇතිකිරීමට සිදුවුවහොත් ගව ගාල සහ එළු ගාල ඉතාමත් දුරස්ථ අයුරින් ඉදිකළ යුතුය. පරපෝෂිත පාලනය හා රෝග සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය පශු වෛද්‍ය සේවය ලබාගත යුතුය.මෙම උපදෙස්වලට අනුව ඕනෑම අයෙකුට එළු පාලනයට පිවිස හොඳ ආදායමක් ලබාගැනීමේ හැකියාව ඇත.දැනට ශ‍්‍රී ලංකාවේ සිටින එළු ප‍්‍රභේද කිපයකි. දේශීය එළු ප‍්‍රභේද, ඉන් එක් වර්ගයකි. ශරීරය කුඩා පාද කෙටි එතරම් උස් නොවූ එළු වර්ගයක් වන දේශීය එළු ප‍්‍රභේදය ශරීර වර්ණය කළු, දුඹුරු, හා සුදු මිශ‍්‍ර සහිතය. කෙටි කන් සහිත ඒවා ඉහළට පිහිටයි. වැඩුණු පිරිමි සතෙක් කිලෝ ග‍්‍රෑම් 35 ක් පමණ වේ. ශරීර ප‍්‍රමාණය කුඩා වන අතර කිරි නිෂ්පාදනය ද අඩු වේ. පැටවුන් ලැබීමේ කාල පරතරය අඩු අතර නිවුන් පැටව් ලැබීමේ ප‍්‍රතිශතය මධ්‍යස්ථ ය. මස් සඳහා ඇතිකරන අතර කටුක පරිසර තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දේ.


අස්වනු කල් තබන අපූරු ක‍්‍රමයක්


කොස්, දෙල්, මිරිස් හා එළවළු වැනි භෝග බහුල කාලවලදී අපතේ යෑම අද ග‍්‍රාමීය මට්ටමේදී මුහුණපාන ප‍්‍රධානතම ගැටලුව වී ඇත. ඊට විසඳුමක් ලෙස අයි. පී. එච්. ටී. නමින් විවිධ බෝග වියලනයක් අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය විසින් දැන් හඳුන්වා දී තිිබේ.අවුරුද්දේ එක් කාල සීමාවකදී පමණක් ඵල දරන එළවළු හා පළතුරු වැනි කෙටි කාලයකින් නරක් වී යන භෝගවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඵල නෙලන අවස්ථාවේදීම අපතේ යන අතර මෙම භෝගවල මිල ද එම කාලවලදී ඉතාමත් විශාල ලෙස පහළ යයි. මෙලෙස විශාල ලෙස මිල පහත වැටීමට ප‍්‍රධාන හේතුව නම් නිෂ්පාදන නරක්වීමට පෙර කෙටි කාලසීමාවකදී පාරිභෝජනය කිරීමට ඉඩ සැලසිය නොහැකි වීමයි.මෙවැනි භෝග දිගු කාලයක් ගබඩා කර තබා ගත හැකි පරිදි සකසා වියලා ගත් කල එහි අගය වැඩි වේ. එළවළු හා පළතුරු ක‍්‍රමානුකූලව වියලා සකස් කර ස්වයං රැකියාවක් කරගත හොත් ඒ සඳහා උචිත නව වෙළෙඳපොළක් ද සොයා ගත හැකි බව පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණික ආයතනයේ ජ්‍යෙෂ්ඨ යාන්ති‍්‍රක ඉංජිනේරු දුමින්ද්‍රා සේනානායක මහත්මිය පවසයි. වියළා ගත් භෝග දීර්ඝ කාලයක් කල් තබාගත හැකිවන අතරම හොඳ මිලක් සහිතව දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළටද යැවීමට හැකිවේ. ග‍්‍රාමීය මට්ටමේදී බොහෝ විට හිරු එළියේ වියලීම සිදුකෙරේ. එහෙත් වර්ෂා කාලයේදී

වර්ෂාවට අසුවීමෙන් එවැනි භෝග වියලීම අපහසුවේ.
දැනට භාවිතයේ පවතින යන්ත‍්‍රානුසාර විජලන ක‍්‍රමවලදී භාවිත කරන්නාවූ වාතය රත් කිරීමට ගන්නා විදුලි හෝ වායු තාපයන් සහ වාතය හොඳින් චකී‍්‍රය ලෙස සංසරණය කිරීමට අවශ්‍ය පංකා සඳහා අධික වියදමක් දරන්නට සිදුවීමෙන් ග‍්‍රාමීය ගොවි ජනතාවට එම ක‍්‍රම භාවිතා කිරීමට නොහැකි වී ඇත.එබැවින් මෙයට පිළියමක් ලෙස අනුරාධපුර පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනය මගින් උතුරු මැද පළාත් සහභාගිත්ව ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය අනුග‍්‍රහයෙන් ග‍්‍රාමීය මට්ටමට උචිත අඩු වියදමකින් සාදා ගත හැකි පරිදි වියලනයක් හඳුන්වාදී තිබීම ගොවි ජනතාවගේ වාසනාවකි. මෙය ග‍්‍රාමීය මට්ටමේ පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් සාදා ගත හැක. තාපය ලබාගැනීම සඳහා ඉන්ධන වශයෙන් දහයියා භාවිතා කරන අතර වාතය චකි‍්‍රය ලෙස ගමන් කරවීමට අවශ්‍ය පංකා ආදිය අවශ්‍ය නොවන බවද ජ්‍යෙෂ්ඨ යාන්ති‍්‍රක ඉංජිනේරු සේනානායක මහත්මිය සඳහන් කරයි.මෙම වියලනය මුලින්ම නිර්මාණය කර ඇත්තේ හිරු රශ්මියෙන් මිරිස් වියලීමේදී ඇතිවන තත්ත්වයේ බාලවීම, අධික කම්කරු ශ‍්‍රමයක් අවශ්‍ය වීම, දීර්ඝ කාලයක් වියලීමට සිදුවීම, හා තෙත් සහ වැසි සහිත කාලගුණයන්හිදී දිලීර මගින් හානි සිදුවීම යන ප‍්‍රශ්න මගහරවා ගැනීමට පිළියමක් ලෙසිනි. මෙම වියලනය මගින් මිරිස්, කැරට්, ලීක්ස්, කරවිල, අළුකෙසෙල්, කොස්, දෙල්, කෙසෙල්, කරපිංචා, ගොටුකොළ, බඩඉරිඟු, සෝයා, මුංඇට හා කරාබු නැටි ආදී විවිධ භෝග වියලීම සඳහා සාර්ථක ලෙස අත්හදා බලා ඇති බවද සේනානායක මහත්මිය අනාවරණය කළාය.

මෙම වියලනය ගොඩනැගීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය ග‍්‍රාමීය මට්ටමෙන් අඩු මුදලකින් සපයාගත හැකිවීම වාසියකි. සහල් මෝල්වලින් ඉවත් කරන දහයියා මෙහිදී ඉන්ධන ලෙස භාවිතා වේ. වියලුම් වාතය ගමන් කරවීම සඳහා හෝ දහයියා දහනය සඳහා බ්ලෙන්ඩරයක් අවශ්‍ය නොවන නිසා විදුලි බලය නොමැති ප‍්‍රදේශවල වුවද භාවිතා කළ හැකිය. දර හෝ දහයියා දැමීම මගින් නිකුත්වන උණුසුම් දුම, වියලන ද්‍රව්‍ය සමග මිශ‍්‍ර නොවේ. එමගින් වියලනය ඇතුළත ඇති පිරිසිදු වාතය රත්කිරීම පමණක් සිදුවේ. මේ සඳහා වියලනය තුළ බට සවිකර ඇත. එම බට තුළින් ගමන් ගන්නා උණුසුම් දුමාරය වියලනයට බාහිරව පිහිටා ඇති චිමිනිය ඔස්සේ පිටතට යැවේ. වියලනය සාදා ගන්නා අයුරු ඒ සඳහා යන වියදම ආදී කරුණු පිළිබඳ විස්තර කර දීමට ආයතනයේ ඉංජිනේරුවන් නිතරම සූදානමින් සිටින බව පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක එම්. ඩී. ප‍්‍රනාන්දු මහතා කියා සිටී.


ශී‍්‍ර ලංකාවේ වී ගොවිතැන
අස්වැන්න නෙලා ගන්නා ආකාරය
සිංහල ගොවියාගේ උසස් චාරිත‍්‍ර විධියක් ලෙස කොළ පෑගීම සැලකේ. මිනිසා දුක් මහන්සි වී විවිධ දුක් කම්කටොලු, බාධක මැද අමාරුවෙන් වගාකර ගත් වගාවේ අස්වැන්න නෙළා ගැනීම අවසාන කි‍්‍රයාවලිය වගේම ජීවිතයේ බොහෝ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මේ මගින් හැකියාවක් ලැබෙන හෙයින්ද , කාලාන්තරයක් දුක්විද නෙලා ගන්නා අස්වැන්නේ තරම දැන ගැනීමට ලැබෙන හෙයින් ද අස්වැන්න නෙලා ගැනීමේ කාර්ය ගොවීන්ට උතුම් කාර්යකි. අපේ පැරණි ගොවීන් කොළ පෑගීම දෙආකාරයකට සිදු කරන ලදී. එනම් මී හරකුන් යොදවා කොළ පෑගීම හා මිනිසුන් කීප දෙනෙකු එකකු වී පයින් පෑගීමෙනි. මේ ක‍්‍රම දෙකෙන් පයින් පාගා ගැනීමේ ක‍්‍රමය මගින් අස්වනු නාස්තියකින් තොරව පිරිසිදුවට නෙළා ගැනීමට හැකිය. එසේම මෙම ක‍්‍රමය සඳහා බොහෝ පිරිසක් සිටීනම් ඉක්මනින් නිම කළ හැකි පහසු ක‍්‍රමයක් ලෙස සැලකේ. මී හරක් හතර දෙනෙක් එක පේළියකට සිටින සේ ( මීගොන් කැරැල්ලක් ) සකස් කර ගත යුතුය. මෙවැනි මී හරක් පේළි දෙකක් තුනක් හෝ යොදා ගන්නා අතර කමතේ ගොයම් ඇති විට මී හරකුන් කමත වටේ මැදින් දකුණු අත පැත්තට සිටින සේ ගමන් කර විය යුතුය. මෙම හරකුන්ගෙන් මුල්ම ගවයා මුදුනාලෙසත් අන්තිම ගවයා කලාතයා ලෙසත් හඳුන්වයි. කමතට ගොයම් රැගෙන ඒමට මුලින් කරන චාරිත‍්‍ර ආකාර කීපයකි. මෙම චාරිත‍්‍ර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්ය. එවැනි දුලබ චාරිත‍්‍ර කීපයකි මේ. ඇතැම් ප‍්‍රදේශ වල ගොයම් කමතට ගෙන එහි දැමීමට පෙර පිදුරු වලින් සකස් කර ගන්නා කඹයක් දෑකැත්තේ මිටේ ඔතා කමත මධ්‍යට වන්නට ඇති පැදුර යටින් තැබීම සිරිතකි. තවත් සමහර පළාත් වල කමත මැද සිටුවා ඇති කනුව වටා අළු වලින් කරන ලද සැරසිල්ලක් තබනු ලැබේ.

අතීතයේ භාවිතා කළ වී වර්‍ග

කාලයත් සමඟ නව තාක්ෂණය යටතේ වී ගොවිතැන පෙර තිබුණාට වඩා දියුණු තත්ත්වයක් ඇත. ඒ වගේ විවිධ වර්‍ගයේ නවීන වී වර්‍ග ද ඇත. ඒ වගේම අපේ පැරැන්නන් විවිධ වී වර්‍ග යොදා ගනිමින් රට සහලින් ස්වයං පෝෂිත කළා පමණක් නොව අපනයනය කිරීමට තරම් සහල් නිපැයූ බවද සඳහන් වෙයි. පැරැන්නන් වගා කළ වී වර්‍ග වලට අද වගා කරන වී වර්‍ග වලට මෙන් රෝගාබාධ නොවීය. එසේම අද මෙන් නොයෙක් පොහොර වර්‍ග එදා නොතිබිණ. නමුත් දැනට දේශීය වී වර්‍ග 350 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු සඳහන් වේ.ශී‍්‍ර ලංකාවේ ගම් නියම් ගම් වල ගොවීන් වගා කරන ලද වී වර්‍ග රාශියක් තිබේ. නමුත් මේවා අද නම්වලින් පමණක් තිබේ.මාවී, හීනටි, සුදු හීනටි , කලු හීනටි, සම්බා, මුතු සම්බා, පුෂ්ප සම්බා, කලුදුරු, මහ කලුදුරු, මුරුංගා කායම් , පුවක් මල් ඇල්, දෝවටුවා ඇල්, කලු වී, කලුකද කුරු වී, කොත්තමල්ලි, කොහු වී, තණ ඇල්, දෙවරැද්දිරි පොඩි වී, කොළ ඇල්සුදු මුරුංගා, ආදිය ඉන් සමහරක්ය.

පැරණි දේශිය වී වර්‍ග වල ලක්ෂණ

දේශීය වී වගාවේ පැරණි වී වර්‍ග වල විශේෂ ලක්ෂණ රාශියකි.එනම් * පෝෂ්‍ය ගුණයෙන් ඉහළය*රස , ගුණ, සුවඳින් යුක්තය* අස්වැන්න අතරින් ඉහළය*ලෙඩ රෝග වලට ඔරොත්තු දේ.අපේ පැරණි සිංහල ජනයා නිරෝගී කාය ශක්තියෙන් හා ශක්තිමත් දේහයක් ඇතිව නිරෝගීව ජීවත් වූයේ මෙම වී වර්‍ග වල තිබූ ගුණාත්මක භාවය නිසාය.අද මෙන් නොව පැරණි ගොවියා තුළ වී වගාව සම්බන්ධයෙන් පැවතියේ උනන්දුවකි. සෑම ගොවියෙක්ම එකාවන්ව වී ගොවිතැන් කටයුතු වල ණියලුනු අතර සී සෑම, වී වැපීරීම, පැළ සිටුවීම,, අස්වැන්න නෙලීම ආදී කටයුතු වලදී ගොවියන්, ගෙවිලියන්, ජන කවි හා අඩහැර පෑම් මගින් එකමුතුකම , සමගිය නිරූපනය කළේය.ඈත අතීතයේ වී ගොවිතැන අවුරුද්දකට එක් වරක් කළ ද එහි තිබූ අස්වැන්න හොඳ නිසා එයින් ස්වයං පෝෂිත භාවයක් ලබා ගැනීමට සමත් වූහ. වී වර්‍ග අතර හත් මාසයේ වී නමින් ඉතා උසස් ගණයේ වී වර්‍ග වපුරන ලද වුවත් යම් පුද්ගලයෙක් අන් ගොවින්ට වඩා ප‍්‍රමාද වී තම වී වපුරන ලද්දේ නම් ඔහුටද එකම කාලයේ අස්වනු නෙලා ගැනීමට හැකි වන පරිදි බාල වර්‍ගයේ වී ( අඩු මාසයෙන් අස්වැන්න නෙලා ගැනීමට හැකි ) වර්‍ගයක් යොදා ගැනීම මගින් සෑම දෙනාටම එකම කාලයේ සාමූහිකව අස්වැන්න නෙලා ගැනීමට හැකිය.

ලාංකීය වී වගාවේ පරිහානියට හේතු

අපේ රටේ ජනගහනයෙන් වැඩි කොටසක ගේ (70% පමණ) ප‍්‍රධාන ජීවනෝපාය කෘෂි කර්මාන්තයයි. කෘෂිකර්මාන්තයේදී සුළු හා මධ්‍යම පරිමාණ ගොවීන් විශේෂ කොට සැලකිය යුතුය. කෘෂි කාර්මික ඉඩම් වලින් 45% ක් පමණ අක්කර 40 අඩු ඉඩ ප‍්‍රමාණයක විහිදී ඇත.  මෙම ඉඩම් විලින් බොහෝමයක් එදිනෙදා පරිභෝනයට අවශ්‍ය දේ නිෂ්පාදනය කිරීමට යොදා ගෙන ඇත. ගෝලීයකරණය හමුවේ සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විධිමත් හා නිසි සම්බන්ධීකරණයක් නොමැතිව කෙටි කාලීන ප‍්‍රතිපත්ති වලට වඩා දිගුකාලීන කෘෂිකාර්මික ප‍්‍රතිපත්ති සකස් කළ යුතු ය.වී වගාව සඳහා කලක් තිස්සේ යොදාගත් කුඹුරු විශාල ප‍්‍රමාණයක් ගොඩ ඉඩම් බවට පත් කර වෙනත් අවශ්‍යතාවයන් සඳහා යොදා ගෙන ඇත. මෙම ඉඩම් වලට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ පාලනය කිරීමට කෙනෙක් නොසිටීමත්, පෞද්ගලික හේතු මත පොදු ඇල මාර්ග අසුරා දැමීම නිසා ස්වාභාවිකව පිහිටි ඇල දොළ, ගංඟා, පොකුණු විනාශ කිරීමත්ය. පසුගිය කාලය පුරාම මෙම තත්ත්වය දැක ගැනීමට ලැබුණෙන් අයිතිකරුවන් වගා කිරීමට නොහැකි කුඹුරු ගොඩකර වෙනත් අවශ්‍යතාවයන් සඳහා යොදා ගෙන ඇත. අනුරාධපුර දිස්ති‍්‍රක්කය ඇතුළු වැව්බැඳි රාජ්‍යන්වල වැව් සිදී යාමෙන් ජලය හිඟ වූ නිසා වාරිමාර්ග කටයුතු අඩාලවීමෙන් ගොවීන් අසරණ තත්ත්වයට පත් වී ඇත. ස්වයං පෝෂිත ආර්ථික රටාවක් උරුම වී ඇති අපේ රටට ලාංකික කෘෂිකාර්මික සමාජය විවෘත ආර්ථිකයෙන් විනාශයට පත් කිරීම නිසා ශ‍්‍රී ලාංකික කෘෂිකර්මාන්තය හා ශ‍්‍රී ලංකාව අගාදයට ඇඳ දමන්නට මූලික වී ඇත්තේ පෞද්ගලීකරණයයි.

වී වගාව සම්බන්ධ පැරණි ක‍්‍රම

අතීතයේ වී වගාව දෙවිදියකට සිදු කෙරිණි. එනම් ජලය නොමැතිව හේන්වල වගා කරන ලද ඇල් වී වර්‍ග හා ජලය සහිතව මඩ කුඹුරු වල වගා කරන ලද පැරණි වී වර්‍ගය. අද වන විට මඩ සහිත කුඹුරු වල වගා කරන ලද පැරණි වී වර්‍ග ඉදහිට වත් දක්නට නොලැබෙන අතර ගොඩ ගොවිතැන සඳහා යොදා ගත් කලු වී, කොලයල් හීනටි වැනි වී වර්‍ග අද වන විට කිසිසේත් දැක ගැනීමට නොලැබේ.පැරණි සිංහල ගොවියා බුද්ධිමත්ය. කාර්යක්ෂමතාවෙන් යුක්තව කටයුතු කරන්නෙකි. ඒ නිසාම ඔහු කාලයට, දේශයට, උචිත ආකාරයට වී වර්‍ග තෝරා ගැනීමට සමත් විය. වී වගාව අතිශය දුෂ්කර කාර්යක් නිසා එහිදී මතු වූ ප‍්‍රතිරෝධයන් වළකා ගැනීමට ද සමත් විය. මේ කරදර කම්කටොලු වලින් බේරී තම වගා කටයුතු නිසියාකාරව සිදු කිරීමට පැරණි ගොවියෝ විවිධ වී වර්‍ග නියමිත වේලාවට කුඹුරු වලට යොදා ගැනීමට නොහැකි වූ අවස්ථා වලදී ඒ ඒ කාල සීමාවන්ට ගැළපෙන්නට වී වර්‍ග විකල්පයක් ලෙස යොදා ගත්හ.වී ගොවිතැන සම්බන්ධ කාර්යයේදී විශේෂයෙන්ම සැලකිය යුත්තේ පසේ විවිධ ගුණයන්ට ගැළපෙන ආකාරයට වී වර්‍ග යොදා ගැනීමයි. එසේම අධික මඩ ගතියෙන් යුත් කුඹුරු වල වගා කරන ලද්දේ පඳුරු සහිතව වැවෙන වී වර්‍ගයන්ය. එසේ නොමැති නම් ගොයම් ගස පෙරළී වතුරට කුණු වී යාම සිදුවේ.

වී වගාවේ පසුබෑමට හේතු
                                               වී වගාවේ පසුබෑමට හේතු වන ජල හිඟය මඟහරවා ගැනීමට කළ හැකි මූලිකම පියවර නම් රොන් මඩ වලින් පිරීපවතින වැව් ප‍්‍රතිසංකරණය කොට එහි ජල ධාරිතාව උපරිම මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමයි. වැස්ස ලැබීමත් සමඟ ජලය ජලාශ වල පිරෙන අවස්ථාවේදී වැව් බැම්ම කැඩේවි යැයි බියෙන් ජලය පිට කිරීම නිසා ප‍්‍රමාණවත්, ජලධාරිතාවක් රඳවා ගැනීමට නොහැකි වී තිබේ. මේ නිසා සිදුවන පාඩුව නම් වගා කිරීමට හැකි කුඹුරු අක්කර ප‍්‍රමාණය අඩුවීමයි. වී ගොවියා අද මුහුණ පා සිටින ලොකුම අභියෝගය නම් කුඹුරුවලට අවශ්‍ය ජලය සැපයීම හා වෙහෙස මහන්සි වී නෙලා ගන්නා අස්වැන්න නියම මිලකට විකුණා ගැනීමට නොහැකි වීමත්ය. මුදල් නොමැති කමින් ණය වී වගාකර ගන්නා ලද ගොයම් නෙළන අවස්ථාව වන විට ගොවීන්ට විඳින්නට සිදුවන්නේ සැනසුම වෙනුවට දුක්ක දෝමනස්සයන්ය. මෙහි ලොකුම ඛේදවාචකය වන්නේ වී නිෂ්පාදනය සඳහා නියම මිලක් ලබා ගැනීමට නොහැකිව වී ගොවියා අතර මැදියාගේ ග‍්‍රහණයට අසුව පීඩා විදින්නෙකුගේ තත්ත්වයට පත් වීමයි.

ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ හා   සංවර්ධන කාර්යයන්
                                                                                   ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ දියුණුව උදෙසා 1912 දී කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. වී වගාව පිළිබඳ සියලු කටයුතු පහසු කර ගැනීමේ අරමුණින් කෘෂි පර්යේෂණ ආයතනය පිහිටුවන ලදී. මුලින්ම කෘෂි පර්යේෂණ ආයතන ආරම්භ කළේ මහඉලුප්පල්ලමය. මේ වකවානුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමෝධාන ගොවිපළක් වශයෙන් 1933 ආරම්භව තිබූ බතල ගොඩ ගොවි පළ 1952 වසරේදී දී මධ්‍යම වී මධ්‍යස්ථානය ලෙස ආරම්භ කළේය.බතලගොඩ සමෝධාන ගොවි පළ මෙලෙසින් මධ්‍යම වී අභිජනන මධ්‍යස්ථානය ලෙසින් පරිවර්ථය විය. 1950 හා 1960 දශකයන් තුළ මෙම ආයතනය වී අභිජනනය සම්බන්ධ කටයුතු වල පමණක් නියැළුණු අතර 1960 සිට මේ වන තුරු නවීන වර්ගයේ වී නිෂ්පාදනය කරමින් විශාල සේවයක් සිදු කර ඇත. 1933 සිට මෙම ආයතනය මඟින් සිදු කළේ වී වර්ග අභිජනනය කිරීම හා වැඩි දියුණු කිරීම පමණි. මෙය 1994 සිට වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය නමින් නම් කොට වී වර්ග අභිජනනය කිරීමට අමතරව ව්‍යාප්ති සන්නිවේදනය මෙන්ම දියුණු කටයුතු පවත්වාගෙන යාමද සිදු කොට ඇත. බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සම්බන්ධ ආයතනයක් ලෙසින් ලංකාවේ වී වගාව සංවර්ධනයයේ ලා විශාල සේවයක් සිදු කොට ඇත.මේ කාල වකවානුව තුළ වී වර්ග පනහකට වැඩි ගණනක් නිෂ්පාදනයෙහි ලා දායකත්වය ලබා දී තිබෙන අතර මේ වන විට වී වර්ග 30ක් පමණ ශ‍්‍රී ලංකාවේ වගා කෙරේ. මේ වී වර්ග ලංකාවේ පමණක් නොව දැන් ආසියාතික රටවල් ගණනාවකම ව්‍යාප්තව ඇත.

කෘමි නාශක තේරැම් ගන්න

අප ජීවත්වන්නේ අවට පරිසරයත් සමඟ ය. මෙම පරිසරය තුළ අපට හිතවත් මෙන් ම අහිතවත් කෘමීහු සහ ශාක විශාල සංඛ්‍යාවක්ද වෙති. මේවා පාලනය කිරීමක් නොකරයි නම් පරිසරය විසින් අපව පාලනය කරනු ලබයි. කෘමියෙක් යනු පාද හයක් ඇති හිස, උරය සහ උදරය යන කොටස්වලින් සමන්විත, පියාසර කළ හෝ නොහැකි සත්ව කොට්ඨාසයකි. හිතවත් කෘමීන් අතර මීමැස්සා, සමනලයා සහ ඇතැම් කූඹි වර්ග ද වෙයි. මෙම සතුන්ට හිතවත්යන නම ලැබී ඇත්තේ මල් පරාග පෝෂණය කර අප පරිභෝජනයට අවශ්‍ය ධාන්‍ය, පලතුරු සහ වෙනත් ගෙඩි වර්ග ලබා දෙන හෙයිනි. අප භව භෝග කා විනාශ කරන අනිත් කෘමි වර්ග අහිතකර ලෙස හඳුන්වා දෙයි.පළඟැටියා ශී‍්‍ර ලාංකික අපට අහිතකර කෘමියෙක් නොවේ. එහෙත් ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ ඇමෙරිකාව සහ යුරෝපීය රටවල පළඟැටි වසංගතය හිතාගත නොහැකි තරම් ය. පළඟැටි එක රංචුවක කෘමීහු ටොන් 15,000 ඉක්මවන අවස්ථා ඇත. මෙම කෘමීන් රංචුව ඉගිල්ලෙනවිට ඝන වලාකුළක් ලෙස පෙනී යයි. පොළොව මතට හිරු එළිය පවා නොවැටේ. තිරිඟ, ඉරි¼ගු වැනි ගොවි පොළකට පළඟැටි රංචුවක් පහත් වුවහොත් මිනිත්තු ගණනක  දී එහි සියලු භව භෝග කා දමා විනාශ කරනු ලබයි.මෙබඳු සතුන් විනාශ

කිරීමට අහස් යානයකින් කෘමි නාශක ඉසීම ද අපහසු කාර්යයකි. මක්නිසා ද යත් අහස් යානයේ එන්ජිමට මෙම සතුන් ඇදී ගොස් ඒවා කි‍්‍රයා විරහිත කිරීමයි.පරිසර වේදියකුගේ දර්ශනයෙන් බලන්නේනම් මෙම සතුන්ට පරිසරයේ ජීවත් වීමට අයිතියක් ඇත. එහෙත් එම සත්තු මිනිසා වගා කරන භව භෝග විනාශ කරන්නේ නම් අප නිරාහාරව සිට මෙම සතුන්ට ඒවා විනාශ කිරීමට ඉඩ දිය යුතු ද? මැක්කා මදුරුවා ගැන ද මෙම අයුරින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. මැක්කා ලේ උරා බොන පරපෝෂිත කෘමියෙකි. මෙබඳු මැක්කන් බෝවීම නිසා විශාල ගොවිපොළවල බැටළුවන්, ගවයින් සහ කුකුළන් වැනි සතුන් රෝගාතුර වී දහස් ගණන් මියයන අවස්ථා ඇත. එවිට ගොවියාට සිදුවන පාඩුව විඳදරා ගැනීමට කුමක් කළ යුතු ද?පරිසරයේ ජීවත්වන බොහෝ සත්තු යම් ස්වාභාවික පාලනයක් යටතේ සමබරව ජීවත් වෙති. මේවා පාලනය කරන සාධක විශාල සංඛ්‍යාවක් ඇත. එම සාධක බිඳවැටීම නිසා අසාමාන්‍ය ලෙස කෘමි වර්ධනයක් විය හැකි ය. මෙය හිතකර ;මෙන්ම අහිතකර සතුනට බලපා හැකි ය.
කෘමි නාශක නමින් රසායන වර්ගයක් බිහිවූයේ මෙම අසීමිත කෘමි සංඛ්‍යාව විනාශ කිරීීම පිණිස ය. කෘමින් මෙන් ම අප වගාවන්ට හානි පමුණුවන වල් පැළැටි ද විශාල සංඛ්‍යාවක් වෙයි. උදාහරණයක් ලෙස ගොයම් වගාවක හෝ තිරිඟ වගාවක වැඩෙන මෙම වල් පැළැටි පසේ සාරය උරාගන තරගකාරී ලෙස වැඩී අවශ්‍ය භෝගය විනාශ කරයි. එසේ වී නම් ගොවියා පාඩුව විඳදරා සිටිය යුතු ද? තම හෙට දවසේ ආහාරය ලැබෙන්නේ කෙලෙස ද? මෙම අහිතකර තත්ත්වය පාලනය කළ යුතු නොවන්නේ ද?කෘමි සතුන්, වල් පැළෑටි පමණක් නොව අහිතකර දිලීර වර්ග ද රාශියක් අප පරිසරයේ ඇත. අපට හිතකර මුදවාපු කිරි, යෝගට්, විනාකිරි ආදී හිතකර නිෂ්පාදන කිරීමට උදව්වන හිතකර දිලීර රාශියක් අප අවට ඇත. එලෙස ම අප ධාන්‍ය, භව භෝග විනාශ කරන දිලීර ද අප පරිසරයේ ඇත. ගොඩ ගසා තිබෙන වී, සහල්, ධාන්‍ය වර්ග සහ අල වර්ග මත වැඩී ඒවා විනාශ කරන දිලීර රාශියක් ඇත. ඒවා පාලනය නොකරන්නේ නම්, අප ආහාර හිඟයකට මුහුණ පෑ යුතු ය.රසායන විද්‍යාවේ දියුණුවත් සමඟ ම මේ අහිතකර කෘමින්, පැළෑටි සහ දිලීර පාලනය කළ හැකි රසායන වර්ග ගණනාවක් සොයාගන ඇත. ඒ පිළිබඳව ක‍්‍රමවත් දැනුමක් අප දිනමිණපාඨකයන්ට දීමට මෙම ලිපි පෙළෙන් අදහස් කරමි. කෘමිනාශක, වල්පැළෑටි නාශක, දිලීර නාශක තුන් වර්ගය ම පොදුවේ හඳුන්වනු ලබන්නේ පලිබෝධ නාශක නමිනි. මෙම සියලු රසායන සංයෝග මිතුරු, හතුරු යන වෙනසක් නැතිව තම ඉලක්ක විනාශ කිරීමට කි‍්‍රයා කරයි.කි‍්‍රයාකාරීත්වය සහ රසායන සංයුතිය අනුව කෘමි නාශක වර්ග ගණනාවකට ගොනුකර ඇත. ඒවා අකාබනික සංයෝග, ක්ලෝරින් සහිත රසායන සංයෝග, පොස්පරස් සහිත සංයෝග, නයිට‍්‍රජන් සහිත රසායන සංයෝග, සහ ශාක නිස්සාරක ලෙස වර්ගී කරණය කෙටියෙන් සඳහන් කළ හැකි ය.අකාබනික රසායන සංයෝග සාදා ඇත්තේ විෂ ලෝහ ගණනාවක ලවණ වලිනි. මේවා අතර ඊයම්, රසදිය, ආසනික්, ඇන්ටිමනි වැනි ලෝහ ලවණ වෙයි. මේවා උග‍්‍ර විෂ බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. මෙම බොහෝ අකාබනික ලෝහ ලවණ ශරීරගත වන්නේ ඒවා ආහාර මගිනි, (මුඛයෙනි) ය. මෙම අකාබනික රසායන සංයෝග සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි පමුණුවයි. ශරීරයේ විවිධ පරිවෘත්තීය කි‍්‍රයා කිරීමට අවශ්‍ය එන්සයිම රාශියක් අකර්මන්‍ය කෙරේ. මෙම කෘමින්ට පමණක් නොව වෙනත් සතුන් කෙරෙහි ද බලපායි. බැටළුවන් සහ ගවයන්ට වසංගතයක් ලෙස සෑදෙන මැක්කන් පාලනය කිරීම සඳහා ද මෙම අකාබනික ලෝහ ලවණ මිශ‍්‍ර යොදා ගනී. මෙම සතුන්ගේ ඇඟට ඉසීමෙන් මැක්කන් පාලනය කළ නොහැකි ය. කුඩා දිය කඩිත්තක් බඳු ටැංකියෙක ජලයට මෙම රසායන නියමිත මාත‍්‍රාවකට මිශ‍්‍රකර, එක එක සතා ඒ අතරින් පීනායාම සැලසීමෙන් මුළු ඇඟ ම තෙමීමට සලස්වයි. මෙම ප‍්‍රතිකර්මය සාර්ථක ලෙස විශාල සත්ව ගොවි පොළවල් ඇති ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ වෙනත් මහා පරිමාණ කෘෂි කාර්මික රටවල යොදා ගනී.
මෙම රසායන ද්‍රව්‍ය අතරට ගෙන්දගම් සහ හුණු මිශ‍්‍ර සංයෝග එක්කිරීමෙන් ගමේ ඇති දිලීර සහ පණුවන් ද විනාශ වෙයි. අද දිනවල පවා රබර් ගසට සහ තේ ගසට වැළඳෙන දිලීර විනාශ කිරීමට ගෙන්දගම් කුඩක් ලෙස ඉසිනු ලැබේ.වඩාත් ප‍්‍රසිද්ධ, ජනපි‍්‍රය කෘමි නාශකයක් වූයේ ඩී.ඩී.ටී. නම් රසායන සංයෝගය විය. එය වර්ෂ 1874 තරම් ඈත කාලයේ නිපද වූ කෘමි නාශකයක් විය. ක්ලෝරීන් අඩංගු මෙම රසායන සංයෝගය, මැක්කන්, මකුණන් සහ මදුරුවා විනාශ කිරීමට විශාල පරිමාණයෙන් යොදාගන ඇත. දෙවැනි ලෝක සංග‍්‍රාමය අවසානයේ දී මකුණන් නිසා බෝවුන ටයිපස් නම් රෝගයෙන් මිනිස්සු විශාල සංඛ්‍යාවක් මියගියහ. ඩී.ඩී.ටී. කුඩු මිශ‍්‍ර පවුඩර් ඇඟ මතට ඉසීමෙන් මකුණා පාලනය කිරීමට හැකි විය. ඩී.ඩී.ටී. වඩාත් ප‍්‍රසිද්ධ මැලේරියා මදුරුවා විනාශ කිරීමට ඇති හැකියාවයි. ශී‍්‍ර ලංකාව තුළ පනහේ දශකයේ දී මැලේසියාව වසංගතයක් ලෙස පැතිර ගියේ ය. මැලේරියා මදුරුවා විනාශ කිරීමට මැලේරියා මර්දන ව්‍යාපාරය නම් ව්‍යාපාරයක් පවා ඇති කරන ලදී. වාර්තා අනුව ශී‍්‍ර ලංකාවේ මැලේරියා වසංගතයෙන් සියයට 34 ක් පාලනය කිරීමට ඩී.ඩී.ටී. සමත් විය. අභාග්‍යයකට මෙන් මෙය කරුණු දෙකක් නිසා තහනම් කරන ලදී. ඩී.ඩී.ටී.වලට ඔරොත්තු දෙන මැලේරියා මදුරු වර්ග ජනිත වීම එක හේතුවක් විය. පරිසරයට එකතු වී, ඛාදනය නොවීම නිසා තවත් ගැටලු ඇති විය. තණකොළවලට එකතු වී, ඒවා බුදින කිරි ගවයින්ගේ කිරිවල පවා ඩී.ඩී.ටී. එකතු වීම එක හේතුවක් විය. පක්ෂීන් බුදින ආහාරවලට එකතු වී, අවසානයේ කටුව මෘදු බිත්තර දැමීම විශාල ගැටලුවක් විය. එම බිත්තර රැකීමට පක්ෂියා බිත්තර මත හිඳ ගන්නා විට ඒවා බිඳී විනාශ විය. මෙම තත්ත්වය ධ‍්‍රැව ආසන්නයේ වෙසෙන පෙන්ගුවින් පක්ෂි අතර පවා විද්‍යාමාන විය.ඩී.ඩී.ටීවලට පසු හඳුන්වා දුන්නේ මැලතියොන් නම් මදුරු නාශකයයි. එහි අධික දුගඳ දින ගණනාවක් පරිසරයේ රැඳී සිටීම නිසා එය ද එතරම් ජනපි‍්‍රය නොවී ය.ඩී.ඩී.ටී. වර්ෂ 1968 දී තහනම් කිරීමට හේතු වූ තවත් කරුණක් විය. ඩී.ඩී.ටී. දිය වන්නේ මේද සහ තෙල් මාධ්‍යයක ය. අප මස් සහිත ආහාර ගන්නේ වී නමුත් එතරම් රෝග ලක්ෂණයක් පහළ නොවේ. එහෙත් නිරාහාරව හෝ යම් රෝගයක් සඳහා කෑම නොගෙන සිටින විට ශරීර මේදයේ දියවුණ ඩී.ඩී.ටී. එළියට පැමිණ බලවත් රෝග ලක්ෂණ පහළ වෙයි. ශරීරය දුර්වල අවස්ථාවක මෙය කි‍්‍රයාත්මක වීම නිසා එම රෝගය නිසා ම මියයාමට හැකි ය.
පරිසරයේ දී ආහාර දාමය දිගේ ඉහළට ගමන් කර ඉහළ සාන්ද්‍රණයක දී ‍අප ජීවත්වන්නේ අවට පරිසරයත් සමඟ ය. මෙම පරිසරය තුළ අපට හිතවත් මෙන් ම අහිතවත් කෘමීහු සහ ශාක විශාල සංඛ්‍යාවක්ද වෙති. මේවා පාලනය කිරීමක් නොකරයි නම් පරිසරය විසින් අපව පාලනය කරනුු ලබයි. කෘමියෙක් යනු පාද හයක් ඇති හිස, උරය සහ උදරය යන කොටස්වලින් සමන්විත, පියාසර කළ හෝ නොහැකි සත්ව කොට්ඨාසයකි. හිතවත් කෘමීන් අතර මීමැස්සා, සමනලයා සහ ඇතැම් කූඹි වර්ග ද වෙයි. මෙම සතුන්ට හිතවත්යන නම ලැබී ඇත්තේ මල් පරාග පෝෂණය කර අප පරිභෝජනයට අවශ්‍ය ධාන්‍ය, පලතුරු සහ වෙනත් ගෙඩි වර්ග ලබා දෙන හෙයිනි. අප භව භෝග කා විනාශ කරන අනිත් කෘමි වර්ග අහිතකර ලෙස හඳුන්වා දෙයි.පළඟැටියා ශී‍්‍ර ලාංකික අපට අහිතකර කෘමියෙක් නොවේ. එහෙත් ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ ඇමෙරිකාව සහ යුරෝපීය රටවල පළඟැටි වසංගතය හිතාගත නොහැකි තරම් ය. පළඟැටි එක රංචුවක කෘමීහු ටොන් 15,000 ඉක්මවන අවස්ථා ඇත. මෙම කෘමීන් රංචුව ඉගිල්ලෙනවිට ඝන වලාකුළක් ලෙස පෙනී යයි. පොළොව මතට හිරු එළිය පවා නොවැටේ. තිරිඟු, ඉරිඟු වැනි ගොවි පොළකට පළඟැටි රංචුවක් පහත් වුවහොත් මිනිත්තු ගණනක දී එහි සියලු භව භෝග කා දමා විනාශ කරනු ලබයි.මෙබඳු සතුන් විනාශ කිරීමට අහස් යානයකින් කෘමි නාශක ඉසීම ද අපහසු කාර්යයකි. මක්නිසා ද යත් අහස් යානයේ එන්ජිමට මෙම සතුන් ඇදී ගොස් ඒවා කි‍්‍රයා විරහිත කිරීමයි.පරිසර වේදියකුගේ දර්ශනයෙන් බලන්නේනම් මෙම සතුන්ට පරිසරයේ ජීවත් වීමට අයිතියක් ඇත. එහෙත් එම සත්තු මිනිසා වගා කරන භව භෝග විනාශ කරන්නේ නම් අප නිරාහාරව සිට මෙම සතුන්ට ඒවා විනාශ කිරීමට ඉඩ දිය යුතු ද? මැක්කා මදුරුවා ගැන ද මෙම අයුරින් කරුණු ඉදිරිපත් කළ හැකි ය. මැක්කා ලේ උරා බොන පරපෝෂිත කෘමියෙකි. මෙබඳු මැක්කන් බෝවීම නිසා විශාල ගොවිපොළවල බැටළුවන්, ගවයින් සහ කුකුළන් වැනි සතුන් රෝගාතුර වී දහස් ගණන් මියයන අවස්ථා ඇත. එවිට ගොවියාට සිදුවන පාඩුව විඳදරා ගැනීමට කුමක් කළ යුතු ද?පරිසරයේ ජීවත්වන බොහෝ සත්තු යම් ස්වාභාවික පාලනයක් යටතේ සමබරව ජීවත් වෙති. මේවා පාලනය කරන සාධක විශාල සංඛ්‍යාවක් ඇත. එම සාධක බිඳවැටීම නිසා අසාමාන්‍ය ලෙස කෘමි වර්ධනයක් විය හැකි ය. මෙය හිතකර ;මන්්ම අහිතකර සතුනට බලපා හැකි ය.කෘමි නාශක නමින් රසායන වර්ගයක් බිහිවූයේ මෙම අසීමිත කෘමි සංඛ්‍යාව විනාශ කිරීීම පිණිස ය. කෘමින් මෙන් ම අප වගාවන්ට හානි පමුණුවන වල් පැළැටි ද විශාල  සංඛ්‍යාවක් වෙයි. උදාහරණයක් ලෙස ගොයම් වගාවක හෝ තිරිඟª වගාවක වැඩෙන මෙම වල් පැළැටි පසේ සාරය උරාගන තරගකාරී ලෙස වැඩී අවශ්‍ය භෝගය විනාශ කරයි. එසේ වී නම් ගොවියා පාඩුව විඳදරා සිටිය යුතු ද? තම හෙට දවසේ ආහාරය ලැබෙන්නේ කෙලෙස ද? මෙම අහිතකර තත්ත්වය පාලනය කළ යුතු නොවන්නේ ද?
කෘමි සතුන්, වල් පැළෑටි පමණක් නොව අහිතකර දිලීර වර්ග ද රාශියක් අප පරිසරයේ ඇත. අපට හිතකර මුදවාපු කිරි, යෝගට්, විනාකිරි ආදී හිතකර නිෂ්පාදන කිරීමට උදව්වන හිතකර දිලීර රාශියක් අප අවට ඇත. එලෙස ම අප ධාන්‍ය, භව භෝග විනාශ කරන දිලීර ද අප පරිසරයේ ඇත. ගොඩ ගසා තිබෙන වී, සහල්, ධාන්‍ය වර්ග සහ අල වර්ග මත වැඩී ඒවා විනාශ කරන දිලීර රාශියක් ඇත. ඒවා පාලනය නොකරන්නේ නම්, අප ආහාර හිඟයකට මුහුණ පෑ යුතු ය.රසායන විද්‍යාවේ දියුණුවත් සමඟ ම මේ අහිතකර කෘමින්, පැළෑටි සහ දිලීර පාලනය කළ හැකි රසායන වර්ග ගණනාවක් සොයාගන ඇත. ඒ පිළිබඳව ක‍්‍රමවත් දැනුමක් අප දිනමිණපාඨකයන්ට දීමට මෙම ලිපි පෙළෙන් අදහස් කරමි. කෘමිනාශක, වල්පැළෑටි නාශක, දිලීර නාශක තුන් වර්ගය ම පොදුවේ හඳුන්වනු ලබන්නේ පලිබෝධ නාශක නමිනි. මෙම සියලු රසායන සංයෝග මිතුරු, හතුරු යන වෙනසක් නැතිව තම ඉලක්ක විනාශ කිරීමට කි‍්‍රයා කරයි.කි‍්‍රයාකාරීත්වය සහ රසායන සංයුතිය අනුව කෘමි නාශක වර්ග ගණනාවකට ගොනුකර ඇත. ඒවා අකාබනික සංයොග, ක්ලෝරින් සහිත රසායන සංයෝග, පොස්පරස් සහිත සංයෝග, නයිට‍්‍රජන් සහිත රසායන සංයෝග, සහ ශාක නිස්සාරක ලෙස වර්ගී කරණය කෙටියෙන් සඳහන් කළ හැකි ය.අකාබනික රසායන සංයෝග සාදා ඇත්තේ විෂ ලෝහ ගණනාවක ලවණ වලිනි. මේවා අතර ඊයම්, රසදිය, ආසනික්, ඇන්ටිමනි වැනි ලෝහ ලවණ වෙයි. මේවා උග‍්‍ර විෂ බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. මෙම බොහෝ අකාබනික ලෝහ ලවණ ශරීරගත වන්නේ ඒවා ආහාර මගිනි, (මුඛයෙනි) ය. මෙම අකාබනික රසායන සංයෝග සතුන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි පමුණුවයි. ශරීරයේ විවිධ පරිවෘත්තීය කි‍්‍රයා කිරීමට අවශ්‍ය එන්සයිම රාශියක් අකර්මන්‍ය කෙරේ. මෙම කෘමින්ට පමණක් නොව වෙනත් සතුන් කෙරෙහි ද බලපායි. බැටළුවන් සහ ගවයන්ට වසංගතයක් ලෙස සෑදෙන මැක්කන් පාලනය කිරීම සඳහා ද මෙම අකාබනික ලෝහ ලවණ මිශ‍්‍ර යොදා ගනී. මෙම සතුන්ගේ ඇඟට ඉසීමෙන් මැක්කන් පාලනය කළ නොහැකි ය. කුඩා දිය කඩිත්තක් බඳු ටැංකියෙක ජලයට මෙම රසායන නියමිත මාත‍්‍රාවකට මිශ‍්‍රකර, එක එක සතා ඒ අතරින් පීනායාම සැලසීමෙන් මුළු ඇඟ ම තෙමීමට සලස්වයි. මෙම ප‍්‍රතිකර්මය සාර්ථක ලෙස විශාල සත්ව ගොවි පොළවල් ඇති ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ වෙනත් මහා පරිමාණ කෘෂි කාර්මික රටවල යොදා ගනී.මෙම රසායන ද්‍රව්‍ය අතරට ගෙන්දගම් සහ හුණු මිශ‍්‍ර සංයෝග එක්කිරීමෙන් ගමේ ඇති දිලීර සහ පණුවන් ද විනාශ වෙයි. අද දිනවල පවා රබර් ගසට සහ තේ ගසට වැළඳෙන දිලීර විනාශ කිරීමට ගෙන්දගම් කුඩක් ලෙස ඉසිනු ලැබේ.
වඩාත් ප‍්‍රසිද්ධ, ජනපි‍්‍රය කෘමි නාශකයක් වූයේ ඩී.ඩී.ටී. නම් රසායන සංයෝගය විය. එය වර්ෂ 1874 තරම් ඈත කාලයෙ නිපද වූ කෘමි නාශකයක් විය. ක්ලෝරීන් අඩංගු මෙම රසායන සංයෝගය, මැක්කන්, මකුණන් සහ මදුරුවා විනාශ කිරීමට විශාල පරිමාණයෙන් යොදාගන ඇත. දෙවැනි ලෝක සංග‍්‍රාමය අවසානයේ දී මකුණන් නිසා බෝවුන ටයිපස් නම් රෝගයෙන් මිනිස්සු විශාල සංඛ්‍යාවක් මියගියහ. ඩී.ඩී.ටී. කුඩුු මිශ‍්‍ර පවුඩර් ඇඟ මතට ඉසීමෙන් මකුණා පාලනය කිරීමට හැකි විය. ඩී.ඩී.ටී. වඩාත් ප‍්‍රසිද්ධ මැලේරියා මදුරුවා විනාශ කිරීමට ඇති හැකියාවයි. ශී‍්‍ර ලංකාව තුළ පනහේ දශකයේ දී මැලේසියාව වසංගතයක් ලෙස පැතිර ගියේ ය. මැලේරියා මදුරුවා විනාශ කිරීමට මැලේරියා මර්දන ව්‍යාපාරය නම් ව්‍යාපාරයක් පවා ඇති කරන ලදී. වාර්තා අනුව ශී‍්‍ර ලංකාවේ මැලේරියා වසංගතයෙන් සියයට 34 ක් පාලනය කිරීමට ඩී.ඩී.ටී. සමත් විය. අභාග්‍යයකට මෙන් මෙය කරුණු දෙකක් නිසා තහනම් කරන ලදී. ඩී.ඩී.ටී.වලට ඔරොත්තු දෙන මැලේරියා මදුරු වර්ග ජනිත වීම එක හේතුවක් විය. පරිසරයට එකතු වී, ඛාදනය නොවීම නිසා තවත් ගැටලු ඇති විය. තණකොළවලට එකතු වී, ඒවා බුදින කිරි ගවයින්ගේ කිරිවල පවා ඩී.ඩී.ටී. එකතු වීම එක හේතුවක් විය. පක්ෂීන් බුදින ආහාරවලට එකතු වී, අවසානයේ කටුව මෘදු බිත්තර දැමීම විශාල ගැටලුවක් විය. එම බිත්තර රැකීමට පක්ෂියා බිත්තර මත හිඳ ගන්නා විට ඒවා බිඳී විනාශ විය. මෙම තත්ත්වය ධ‍්‍රැව ආසන්නයේ වෙසෙන පෙන්ගුවින් පක්ෂි අතර පවා විද්‍යාමාන විය.ඩී.ඩී.ටීවලට පසු හඳුන්වා දුන්නේ මැලතියොන් නම් මදුරු නාශකයයි. එහි අධික දුගඳ දින ගණනාවක් පරිසරයේ රැඳී සිටීම නිසා එය ද එතරම් ජනපි‍්‍රය නොවී ය.ඩී.ඩී.ටී. වර්ෂ 1968 දී තහනම් කිරීමට හේතු වූ තවත් කරුණක් විය. ඩී.ඩී.ටී. දිය වන්නේ මේද සහ තෙල් මාධ්‍යයක ය. අප මස් සහිත ආහාර ගන්නේ වී නමුත් එතරම් රෝග ලක්ෂණයක් පහළ නොවේ. එහෙත් නිරාහාරව හෝ යම් රෝගයක් සඳහා කෑම නොගෙන සිටින විට ශරීර මේදයේ දියවුණ ඩී.ඩී.ටී. එළියට පැමිණ බලවත් රෝග ලක්ෂණ පහළ වෙයි. ශරීරය දුර්වල අවස්ථාවක මෙය කි‍්‍රයාත්මක වීම නිසා එම රෝගය නිසා ම මියයාමට හැකි ය.පරිසරයේ දී ආහාර දාමය දිගේ ඉහළට ගමන් කර ඉහළ සාන්ද්‍රණයක දී ලොකු සතුන්ගේ ශරීරගත වෙයි. උදාහරණයක් ලෙස කුඩා පෙඳ වැනි ජලජ පැළෑටි ආහාරයට ගන්න මත්ස්‍යයන්, ඊළඟ ඉහළ මත්ස්‍ය පරම්පරාවේ ලොකු මාළු තුළ ඩී.ඩී.ටී. සාන්ද්‍රනය වැඩි ය. උන් ආහාරයට ගන්නා සතුන් තුළ හෝ මිනිසා තුළ එහි සාන්ද්‍රණය තවත් වැඩිවෙයි.කු සතුන්ගේ ශරීරගත වෙයි. උදාහරණයක් ලෙස කුඩා පෙඳ වැනි ජලජ පැළෑටි ආහාරයට ගන්න මත්ස්‍යයන්, ඊළඟ ඉහළ මත්ස්‍ය පරම්පරාවේ ලොකු මාළු තුළ ඩී.ඩී.ටී. සාන්ද්‍රනය වැඩි ය. උන් ආහාරයට ගන්නා සතුන් තුළ හෝ මිනිසා තුළ එහි සාන්ද්‍රණය තවත්් වැඩිවෙයි.


පරිසරයේ ජීවත්වන ගොවියාගේ මිතුරෝ

කෘෂිකර්මාන්තයේ අපට දායක වන ජීව විශේෂ රාශියක්ම පරිසරයේ සිටිති. මේ අතරින් මහඟු සේවයක් සලසන්නේ ක්‍ෂුද්‍ර ජීවින්ය. ක්‍ෂුද්‍ර ජීවින් සියල්ලම නැතිවී ගියහොත් කෘෂිකර්මාන්තය පමණක් නොව මුලු ජීව ලෝකයම විනාශයට පත්වනු නො අනුමානය.* ඇතැම් බැක්ටීරියා හා දිලීර වර්ග රාශියක්ම කාබනික ද්‍රව්‍ය දිරාපත්වීමට උපකාරි වේ. මෙහිදී මෙම ක්‍ෂුද්‍රජීවින් පිටකරනු ලබන එන්සයිම විශේෂ මගින් කාබනික ද්‍රව්‍ය කුඩා කොටස්වලට කැඩී බිදී යාමද ඉන්පසු එම කොටස්වල ඇති සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත්වීමද සිදුවේ. මෙහිදී නිදහස්වන ශක්තිය ජීවියාගේ කි‍්‍රයාකාරිත්වය සඳහා යෙදවේ. ක්‍ෂුද්‍ර ජීවින්ගේ මෙම කි‍්‍රයාව මගින් දිරායන සත්ව හා ශාක ද්‍රව්‍ය වලින් හියුමස් පස නිර්මාණය වේ.*මේ අතර රනිල ශාකවල මූල ගැටිතිවල වසන රයිසෝබියම් බැක්ටීරියා වායු ගෝලීය නයිට‍්‍රජන් උරාගෙන ඒ මගින් නයිටේ‍්‍රට් ලවණ සාදයි. මෙම නයිටේ‍්‍රට් ලවණ වලින් කොටසක් රනිල ශාකයටත් පසුව පසටත් ලැබීමෙන් පස සාරවත් වේ.*පොළොවේ වසන ඇසටෝබැක්ටර් හා ක්ලොස්ටි‍්‍රඩියම් යන බැක්ටීරියා වර්ග මෙසේම වායුගෝලීය නයිට‍්‍රජන් ,නයිටේ‍්‍රට් ලවණ බවට හරවා පසටද ලබාදේ.*මීට අමතරින් පසෙහි ජීවත්වන නයිටෙ‍්‍රීබැක්ටර් නැමැති බැක්ටීරියා මගින් නයිටේ‍්‍රට් ලවණ බවට පත්කරති.*එසේ ඇතිවූ නයිට‍්‍රයිට් ලවණ නයිටෙ‍්‍රීබැක්ටර් නැමති බැක්ටීරියා මගින් නයිටේ‍්‍රට් ලවණ බවට පත්වේ.මෙසේ ශාකවල අත්‍යාවශ්‍ය මුලද්‍රව්‍යක්වන නයිට‍්‍රජන් ශාක වලට ලැබෙන්නේ මෙම නයිටේ‍්‍රට් ලවණ මගිණි.පසේ වසන ගැඩිවිලුන් හා විවිධ පනු වර්ග මගින් පස මිශ‍්‍ර කිරීම , පස වාතනය කිරීම හා පස් ආහාරයට ගෙන පිටකිරීම මගින් පස සියුම් අංශු බවට පත් කිරීම ද සිදුකෙරේ.වගා ආශි‍්‍රතව වසන ඉබි කුරුමිණියන් , කඩි කුරුමිණියන් , බත් කූරන් හා පළඟැටි වර්ග මගින් එම වගාවල වසන පලිබෝධයින් සැලකිය යුතු පිරිසක් විනාශ වේ.මීට අමතරින් විවිධ මකුළු වර්ගවල දැල් වලට අසුවීමෙන් ද පළිබෝධයින් විශාල සංඛ්‍යාවක් දිනපතා විනාශවෙති. මයිනා ,පොල්කිච්චා , කෑරලා, වැනි පක්ෂීන් මගින් ද වගාවල ඇති පනුවර්ග ඉවත්කෙරේ. එමෙන්ම ඇටි කුකුලා වැනි පක්‍ෂීන් විසින් ගොළුබෙල්ලන් වැනි වගාවට අහිතකර සත්ව වර්ග ද ආහාරයට ගැනීම සිදුකෙරේ. මෙම සියලුම සතුන් ගොවියාගේ මිතුරන් ලෙස හැඳින්විය හැක.


සල්ලි මවන බෙල් පෙපර්

                                                                                                            ලංකාවේ වඩාත් ජනපි‍්‍රය වගා ක‍්‍රමයක් වන්නේ හරිතාගාර (දැල්නිවාස) ක‍්‍රමයේ භෝග වගාවයි. මෙසේ හරිතාගාර තුළ පමණක් වගා කරන බෙල්පෙපර්භෝගයට සුපිරි හෝටල්වල ඇති ඉල්ලුමත් එළවළුවකට ලැබෙන ඉහළම මිලක් එයට ලැබීමත් නිසා ගොවීහු මෙයට වඩා නැඹුරු වෙමින් සිටිති.බෙල්පෙපර් විශේෂය කැප්සිකම් ඇනම් නම් විද්‍යාත්මක නමින් හැඳින්වේ. මෙය හරිතාගාර තුළ පමණක් වගා කළ යුතු වන අතර විවෘත භමියේ වගා කිරීමෙන් ගුණාත්මක බවින් අඩුවීම නිසා අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මතුවේ.
ඉන්ද්‍රා, කිං ආතර්, ඇරිස්ටෝටල්, ඔලිම්පස් හා යෙලෝ වොන්ඩර් යන ප‍්‍රභේද ලංකාවේ ජනපි‍්‍රයව පවතී.මෙම බෙල්පෙපර්වල බීජ නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුනොවේ. දෙමුහුන් ප‍්‍රභේද නිසා වැඩිදියුණු කිරීමේ ඉඩ ඇහිරී ඇති බැවින් මෙම ගැටලුව මතු වී ඇත.සලාදයක් ලෙස පරිභෝජනය කරන භෝගයක් වශයෙන් මෙය හඳුන්වා දිය හැක. භෝගයේ කරල් විවිධ වර්ණයෙන් ද යුතු වේ. මෙයින් වඩාත් ජනපි‍්‍රය වී ඇත්තේ රතුපාට වර්ණයයි. වර්ග අඩි 1000 ක හරිතාගාරයක් තුළ පැළ 350 – 400 ක් පමණ හොඳින් නඩත්තු කළ හැකිය. විදේශීීය රටවලින් ආනයනය කරන බෙල්පෙපර් බීජ ඇට 1000 ක (පැකට් 1 ග‍්‍රෑ. 10) මිල රුපියල් 500 – 2500/= අතර පවතී. ජනපි‍්‍රය තත්ත්වය මත මෙම බීජ ඇටවල මිල මෙසේ විවිධ අයුරින් පවතී. එක් බෙල්පෙපර් කිලෝ එකක් රුපියල් 250 – 350/= ක අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක. කිසිදු වෙනත් භෝගයකට මෙතරම් ඉහළ මිලක් වෙළෙඳපොළින් ලබාගත නොහැකිය.

මේ ගසක් හොඳින් නඩත්තු කළහොත් මාස 08 ක පමණ කාලයක් අස්වැන්න ලබාගත හැකි වේ. එම ආයු කාලය තුළදී ගසකින් කිලෝ 2 1/2ක පමණ අස්වැන්නක් ද පහසුවෙන් ලබාගත හැකිය.බෙල්පෙපර් බීජ ඇට, තවාන් තැටියක් මත කොහුබත් මාධ්‍යයක පැළකර ගත යුතු වේ. මෙසේ තවාන් කළ බීජ ඇට පැළවීමට දින 10 – 14 ක කාලයක් ගතවේ. බීජ පැළයෙන් කොළ 4 ක් මතුවන විට පොහොර යෙදීම ආරම්භ කළ යුතුය. ඇල්බට් මිශ‍්‍රනය වැනි ජලයේ දියකර ගත හැකි පොහොර භාවිතා කළ යුතු වේ. මෙම ඇල්බට් මිශ‍්‍රනය ග‍්‍රෑම් 1 1/2 වතුර ලීටරයක දියකර කොහුබත් තෙමීම සෑහේ. තවාන් පැළයට දින 30 – 35 ගතවන විට ස්ථිර වගා මාධ්‍යයක සිටුවා ගත යුතුය. ස්ථිර වගා මාධ්‍යයක් හැටියට වගාමලුවල කොහුබත් පමණක් යෙදීමෙන් රෝග කාරකවලින් තොරව වගාව පවත්වාගත හැක. පස් මිශ‍්‍රනය තුළින් විවිධ රෝග මූල පද්ධතියට වැළඳී වගාව විනාශ වීමට පුළුවන.කොහුබත් ලබාගැනීමේදී වගාකරුට විවිධ ගැටලු මතුවේ. පිට පළාත්වලින් කොහුබත් ප‍්‍රවාහනය කිරීම සඳහා විශාල මුදලක් ද වගාකරුට දැරීමට සිදුවේ.මෙය වළකා ගැනීම සඳහා කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් දහයියා අඟªරු සමඟ යටි පස් 11 අනුපාතයට මිශ‍්‍රනය කර සාදාගන්නා වගා මාධ්‍ය ඉතාමත් සුදුසු බවට සාර්ථකව අත්හදා බලා ඇත.
මේ නිසා වගාකරුට කොහුබත් සපයා ගැනීමට වැයවන විශාල මුදල මුළුමනින්ම ඉතිරි කර ගැනීමේ හැකියාවක් උදාවී ඇත. කළු පොලිතින් (ගේජ් 300) අඟල් 12 උස අඟල් 14 ක් පළල ලෙසින් වගා මලු සකසා ඉහත සඳහන්් වගා මාධ්‍ය මිශ‍්‍රනයෙන් පුරවා ගත යුතුය.වැඩි ජලය බැසීමට පහතින් සිදුරු කිහිපයක් සෑදීමද කළ යුතුය. එසේ සැකසූ වගා බඳුනක මුල් පද්ධතිය හානි නොකර සිටුවා ගත් බෙල්පෙපර් පැළයට දිනකට එක්වර බැගින් දින 14 ක් ජලසම්පාදනය කළ යුතුය. ඒ සමඟම ඇල්බට් මිශ‍්‍රනය වැනි දියර පොහොර යෙදීමද නිසි අයුරින් කිරීමට වගබලා ගත යුතුය. ඇල්බට් මිශ‍්‍රනය ග‍්‍රෑම් 2 ක් ජල ලීටරයක් සඳහා සෑහේ. එසේ සැකසූූ දියර පොහොර මිලිලීටර් 100 ක් එක පැළයට යෙදීම ප‍්‍රමාණවත්ය.ගසේ වැඩීමත් සමඟ පොහොර මිශ‍්‍රන ප‍්‍රමාණය වැඩි කිරීම අනිවාර්ය දෙයකි. ගෙඩි හටගන්නා විට පොහොර මිශ‍්‍රනය මිලිලීටර් 500 – 700 අතර ප‍්‍රමාණයක් දින 2 කට වතාවත් එක් ගසකට ලබාදීම ප‍්‍රමාණවත් වේ.
ස්ථිර වගා මල්ලක සිටවූ බෙල්පෙපර් ගසකට මාස 2 1/2 ක් ගතවන විට ගෙඩි හටගැනීම ආරම්භ වේ. මුල් වටයේ අස්වැන්න සමයේදී ගසේ වර්ධනය අඩුවක් දක්නට ලැබුණත් නඩත්තු කටයුතු සිදුකළ යුතුය. දෙවන වර මල් විශාල ප‍්‍රමාණයක් හට ගනී. දුර්වල මල් ඉවත් කර හොඳම මල් 8 ක් පමණ ගසේ ඉතිරි කිරීම තුළින් ඉතාමත් උසස් ගුණාත්මක ගෙඩි ලබාගත හැක. මල් ඉවත් නොකිරීමෙන් කුඩා ගෙඩි විශාල ප‍්‍රමාණයක් ඇතිවීම නිසා අලෙවියේදී ගැටලු මතුවේ.මල් හටගැනීමේ අවස්ථාවේ සිට වගාවට දිනකට දෙතුන් වරක් ජලසම්පාදනය කිරීම වැදගත් ය. එසේ නොවුනහොත් ගෙඩියේ යටි කොටස කළුපාට වීමක් සිදුවේ. එය අග‍්‍රස්ථ කුණුවීම ලෙසින් හැඳින්විය හැක. මෙයින්් විශාල පාඩුවක් සිදුවේ. ඉතාමත් පිරිසිදුව හා කෘෂි රසායන භාවිතයෙන් තොරව පවත්වාගෙන යා යුතු වගා ක‍්‍රමයකි. දැල් නිවාස භෝග ක‍්‍රමය. නමුත් වගාකරුවන් අපිරිසිදු නාමයෙන් වගාව පවත්වාගෙන යාම නිසා විවිධ රෝග බෙල්පෙපර් වගාවට වැළඳීමට හැක.පළිබෝධක හානි ලෙස මයිටා හානියා පෙන්වා දිය හැකිය. මෙයින් කොළ කහ පාට වී මල් හැලීම සිදුවේ. ගෙඩිවල දුඹුරු පැහැයක් දකින්නට ලැබේ. මෙම රෝග ලක්‍ෂණ දුටු විගස ඇබවේට්ටින් අඩංගු රසායනික ද්‍රව්‍ය යෙදීම තුළින් රෝගය පාලනය කළ හැකි වේ. පැළමැක්කාගේ හානිය නිසා කොළ (පත‍්‍ර) කුඩාවීම ගසේ දැල්ල කළු - දුඹුරු වර්ණයට පත්වේ. මීට ඉමිඩාක්ලෝපී‍්‍රඩ් අඩංගු රසායනික ද්‍රව්‍යයක් ඉසිය යුතුය.සර්කොස්පෝරා නැමැති දිලීර රෝගයක්ද බෙල්පෙපර් ගසට වැළඳේ. මෙය මේරූ පත‍්‍රවල සුදු පුල්ලි ලෙසින් දැකිය හැක. කොළ හැලීම මුළුමනින්ම සිදුවේ. පොලිකර් නැමැති දිලීර නාසකයකින් රෝගය මැඬලිය හැක.
මීට අමතරව ගෙඩි කුණුවීම හා කඳ කුණුවීමේ රෝග සඳහා ජලය සැපයීම සීමාකර තඹ අඩංගු දිලීර නාශක යෙදීම තුළින් රෝගය මැඩලිය හැක. තම අභිමතය පරිදි හරිතාගාර තුළ වගාකරුට වගා කළ නොහැකිය. මෙම වගා ක‍්‍රමය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දී ඇති උපදෙස් මත කටයුතු කරමින් ඉතාමත් පිරිසිදුව වගාව පවත්වාගෙන යාම තුළින් ලෙඩ රෝගවලින් තොර භෝගයක අස්වැන්නක්් ලබා ගත හැක. මෙය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඇති පහසුම ක‍්‍රමවේදයයි. එසේ නොවුනහොත් දුර්වල වගා ක‍්‍රමයක් වී වැය කළ මුදලද අපතේ යනු ඇත.


ඉක්මනින් ඵල හටගන්නා බණ්ඩක්කා

ජීවන වියදම ඉහළ යන කොට අරපිරිමැස්ම ඇති කරගන්න අපේ ගෘහණියන් දක්වන උනන්දුව නම් හරිම ප‍්‍රශංසනීයයි. ඔය නිසාම ගෙවතු වගාවටත් අද ලොකු ඉල්ලුමක් ඇතිවෙලා. එළවළු, පලතුරු මිල ආර්ථිකයට දරන්න බැරි වෙන කොට කොයි තරම් වැඩ කටයුතු අධික වුවත් ගෙවත්තේම ගහක් කොළයක් වවාගන්න හුඟාක් අය පෙළඹෙනවා. මේ ආකාරයට ගෙවත්තේම බණ්ඩක්කා වගාවක් ඇතිකර ගැනීම හරිම පහසුවෙන් කළ හැකියි. බණ්ඩක්කා අපුරු රසවත් ගුණවත් එළවළුවක්.බණ්ඩක්කා කරල් පිරුණු ගස් කීපයක් ඔබගේ ගෙවත්තේ වගා කර ගන්න ඔබට හැකි වුණොත් ඇත්තටම එය දකින්නාගේ සිත සතුටු කරන කරුණක් වෙනවා. මුදල් ගෙවා ලබාගෙන මල් නොපිපෙන මල් ගස් වර්ග ගෙමිදුලේ බෝ කර ගන්නා ඇතැම් අක්කලා නංගිලාත් මේ කියක හින්දාම බණ්ඩක්කා ගස් කීපයක්වත් ගෙවත්තේ සිටුවා ගන්න හිතන්න. අයියලා මල්ලිගේ උදව්වෙන් පාත්තියක් සකස් කරගන්නත් ඔබට පුළුවන්.  ගෙවත්තේ වගා කිරීම සඳහා බණ්ඩක්කා ඇට තෝරා ගැනීමේදී ගසේ පැසී වියළි ගිය බණ්ඩක්කා කරලක් හොයගන්නට උත්සාහ කරන්න. ඇට වෙළෙඳ පොළෙන් මිලදී ගන්නවා නම් වගාව සඳහා සුදුසු ඇට දැයි සොයා බලා ඒවා ලබා ගැනීම තමයි නුවණට හුරු වන්නේ. වියළි බණ්ඩක්කා කරලකින් ලබාගත් ඇට මද පවනේ තුනී කර දින කිහිපයක් නබන්න. හිරු එළිය හොඳින් වැටෙන තැනක කොටාගත් පාත්තිය පස් කැට කුඩුකර, ගල් බොරළු ඉවත් කර හොඳින් සකසා ගෙන එහි අඩි 3 - 4 ඈතින් වල්වල් කීපයක් කපා ගන්න. මේ වලවල් වලට බණ්ඩක්කා ඇට 4 - 5 ක් දමා කළු පස් වලින් වසා වතුර වත් කරන්න. දිනකට දෙවරක් උදේ - හවස වතුර වත් කිරීම අවශ්‍යය වෙයි. කුඩා පැළ මෝරා වැඩෙන විට පණුවන්ගෙන් හා කෘමින්ගෙන් ආරක්‍ෂා කරගන්න ඕනෑ. ඒවාට නිතර නිතර සාත්තු කිරීමේදී කෘමි උවදුරු වලට ලක්වේ දැයි ඔබට දැනගත හැකිවේවි.
මේ ආකාරයට බෝකර ගත් පැළ අතර කේඩැරිවුණු පැළ හෝ කෘමි උවදුරුවලට ගොදුරුවන පැළ ඇතොත් මුලින් ගලවා විනාශ කර දමන්න. එක වළක බණ්ඩක්කා ඇට 4 - 5 දැමුවත් පැළ උසට වැඩෙන විට ඉන් හොඳම පැළ දෙක එහි ඉතිරිවීම වඩාත් හොඳයි. වැඩිපුර ඇති හොඳ පැළ වෙතොත් ඒවාට වතුර වත්කොට බුරුල් වූ පසුව ගලවා වෙනත් තැනක සිටුවා ගන්නටත් පුළුවන්. මේ අයුරින් පැළ සිටුවා ගැනීම සඳහා සැදෑ කාලය තෝරා ගත යුතුයි. එමෙන්ම දින 2 - 3 ගතවන තුරු හිරු එළියෙන් ආරක්‍ෂා කර ගැනීම ද ඉතා වැදගත්. සරු පසෙහි ඉතා ඉක්මනින් වැඩෙන ජලය සහ පොහොර ආදිය නිසියාකාරයෙන් සැපයුවහොත් මෙම පැළය සති 5 -7 අතර කාලයේදි මල් පිපෙන්නට ගනියි. එකදිගට පීදෙන කරල් දින 3 - 5 අතර කාල වලදී කපා ගත යුතු වෙයි. නැත්නම් ඒවා මෝරා ආහාරයට නොගත හැකි තත්ත්වයට පත්වෙයි. අපි බලමු බණ්ඩක්කා ආහාරය සඳහා එකතු කරගත හැක්කේ කෙසේ ද කියා. ඇතැමුන් බණ්ඩක්කා ආහාරයට එකතු කරගන්නේ කැලි කපා තෙලේ දමා බැදගෙන ඉන්පසුව මිටි කිරෙන් තම්බා පිසූ මාළුවක් ලෙසිනි. එවිට බණ්ඩක්කා කරලේ ඇති පෝෂ්‍ය පදාර්ථ බොහෝ දුරට විනාශ වි යයි. ඒවා ව්‍යාංජනයක් වශයෙන් සකසා ගන්නවා නම් තුනපහේ එකතු කොට බාගෙට තම්බාගෙන මිටිකිරි යොදා හැකි ඉක්මණින් ළිපෙන් බාගත යුතුයි. එසේ නොමැතිව ළපටි බණ්ඩක්කා කරල් කිහිපයක් කඩාගෙන සලාදයක් වශයෙන් ද සකසා ගන්නට පුළුවන. එය බණ්ඩක්කාවල ඇති කැල්සියම් විටමින් හා ලවණ වර්ග ආරක්‍ෂා වන ක‍්‍රමයකි. බණ්ඩක්කා කඩෙන් මිලදි ගැනීමට වඩා ගෙවත්තේම සිටුවා ගැනීම කොයිතරම් ලාබදායි දැන් ඔබටත් අවබෝධ වේවි. 
හොදනමි comment එකක් දාලම යන්නකො

සත් බුදු වන්දනාව

සත් බුදු වන්දනාව කලාතුරකින් මේ ලෝකයේ පහල වන ආශ්චර්යවත් මනුෂ්‍ය  රත්නයන් ගැන පරම දුර්ලභ වූ මනුෂ්‍ය  රත්නය ගැන අහන්න තරම් අපි ජීවත්වන යු...